මතවාද
දරමු නිති නානාවිධ
මතයන් එකම දෙයකට
කරමු අපි වාදයන්
නිතිපතා එකම දෙයකට
විනිවිදිමු නිති මානයන්
ඉදිරිය පිණිස එක දෙයකට
දකිමු නිති ලොව නිසි ලෙස
නැණ පහන් දල්වාලනු පිණිස
සැසඳුම රිසිද අනෙකුන්
සම ලෙස සළකමින් නිති හැම විට
විමසුම රිසිද අනෙකුන්
පැළඳ අප සතු නෙත් අගින්
පැසසුම රිසිද අනෙකුන්
දකිනා අටින් වපරැසින්
විසඳුම රිසිද සැසඳුම්
ගිනි අවුලනා කිපි අටින්
කවි සංකල්පනාව - මාලන් විදානපතිරණ

දරමු නිති නානාවිධ
මතයන් එකම දෙයකට
කරමු අපි වාදයන්
නිතිපතා එකම දෙයකට
විනිවිදිමු නිති මානයන්
ඉදිරිය පිණිස එක දෙයකට
දකිමු නිති ලොව නිසි ලෙස
නැණ පහන් දල්වාලනු පිණිස
සැසඳුම රිසිද අනෙකුන්
සම ලෙස සළකමින් නිති හැම විට
විමසුම රිසිද අනෙකුන්
පැළඳ අප සතු නෙත් අගින්
පැසසුම රිසිද අනෙකුන්
දකිනා අටින් වපරැසින්
විසඳුම රිසිද සැසඳුම්
ගිනි අවුලනා කිපි අටින්
කවි සංකල්පනාව - මාලන් විදානපතිරණ