මත්තල ගුවන්තොටේ වියදම ආදායමට වඩා අට ගුණයකින් ඉහළ යයි.. Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    2023 වර්ෂයේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

    එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2, 412.09 ක් වූ අතර, ආදායම වන්නේ රුපියල් මිලියන 288ක්.

    ඒ අනුව, එම ගුවන් තොටුපළ 2023 වර්ෂයේදී රුපියල් මිලියන 2, 124ක පාඩුවක් ලබා ඇති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

    2018 වර්ෂයේ සිට 2023 දක්වා වසර 06ක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපල ලබා ඇති සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38, 489ක් වනවා.

    එමෙන්ම, එම ගුවන් තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවද පසුගිය වසර 06 තුළ එහි පැමිණ ඇත්තේ, මගීන් 190 ත් 750ත් අතර ප්‍රමාණයක් බවද විගණන වාර්තා ව මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

    වසර 06ටම මුලු ගුවන් ගමන් 2,182ක් පමණක් ක්‍රියාත්මක වී ඇති බවද එහි වැඩිදුරටත් සදහන්.

    ඒ අනුව, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සදහා වැය කර ඇති රුපියල් මිලියන 35,364ක මුදල ඵලදායී ලෙස භාවිත කර නොමැති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

    පුනරුද යුගයක් කරා යන්න බදු ගෙවපල්ලා...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ අනුව, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සදහා වැය කර ඇති රුපියල් මිලියන 35,364ක මුදල ඵලදායී ලෙස භාවිත කර නොමැති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

    උඹ මේක හරියට කියවලද බං, thread ඒක post කළේ.... :unsure: :unsure:
    ඒකටම හරියන්න නටුදාරයත් දුක ප්‍රකාශ කරල.....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    "ඒ අනුව, එම ගුවන් තොටුපළ 2023 වර්ෂයේදී රුපියල් මිලියන 2, 124ක පාඩුවක් ලබා ඇති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

    2018 වර්ෂයේ සිට 2023 දක්වා වසර 06ක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපල ලබා ඇති සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38, 489ක් වනවා."
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Season 6 What GIF by The Office
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මම මේකෙන් අදහස් කලේ ඉස්සරහටත් උබලා තමා මේවා පාඩු ලබන ඒවටත් ගෙවන්නේ කියලා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    oya redda goda danna nam aluthin kadala hadanna oni runaway eka. wrong side fix karala thiyenne. risk ekak aran enne land karanawa nam pilot la. wenama snipers danna oni sattu tika maranna mokada hadala tiyenne nature reserve ekak athule. uge appage commis gahanna hadapu sudu ali project ekak. oka race track ekak kara nam adu gaane namal baby arala mokak hari gamak gahanna tibba. plane hari yan na.
     
    • Haha
    Reactions: G Starlin