මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය මාස 15 තුළ ගුවන් යානා ඉන්ධන විකිණිමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආදායමක් උපයා තිබේ. වසර 2013 මාර්තු 18 ආරම්භ කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 12ක් ගුවන් යානා සඳහා ලබා දී ඇත.
පසුගිය ජුනි මස 22 වනදා ගුවන් යානා ඉන්ධන ලබා දීම ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කළ අතර එදා සිට මේ දක්වා ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 1.35740ක් ගුවන් යානා සඳහා ලබා දී ඇති අතර ඉන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.0878762කි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනතාවගේ පිනට පහළ වූ තුන්කල් දක්නා ජනපතිවයෙක්.