මත්තල හොදයි කියන මීහරක්ට
මත්තලට ආ මගී ගුවන් යානයකට අනතුරක්…
2016-10-1001542
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණෙමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ගොඩබැස්සවීමට සූදානම්ව තිබිය දී පක්ෂියෙකු හා ගැටීමෙන් ගුවන් යානාවට හානි සිදුවී ඇති බව වාර්තා වනවා. පක්ෂියා ගුවන් යානාවේ එන්ජිමක ගැටී ඇති අතර ඒ හේතුවෙන් එන්ජිම අකර්මන්‍ය වී ඇති අතර පසුව ගුවන් නියමුවා දැඩි පරිශ්‍රමයක් යොදමින් අනෙක් එන්ජිමේ උපකාරයෙන් ගුවන් යානාව නිරුපද්‍රිතව ගොඩබස්සවන්නට සමත්ව ඇත.
පසුගිය 6 වනදා මෙම අනතුර සිදුව ඇති අවස්ථාවේ දී යානයේ මගීන් 43 ක් සහ ගුවන් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 07 ක් සිට ඇති අතර ඔවුනට කිසිදු හානියක් වී නොමැත. නමුත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ වෙනත් ගුවන් යානාවක් මත්තලට පැමිණෙන තෙක් පස්වරු 2.00 දක්වා මගීන්ට මත්තල ගුවන්තොටුපොලේ කල් ගෙවන්නට සිදුවී ඇත.
ලංකා එවියේෂන් නිව්ස් ඇසුරෙණි