මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබෙනවා.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූ බොහෝ රැඳවියන් හෙරොයින් නොමැතිවීමෙන් සිහිවිකල් ව හැසිරෙන බවද බොහෝ බන්ධනාගාරවලින් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    ඉකුත් සති දෙක තුළ හෙරොයින් පානයට ඇබ්බැහි වු රැඳවියන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මීගමුව, කළුතර, කොළඹ රිමාන්ඞ් සහ බූස්ස බන්ධනාගාරවලදීයි.

    ඉන් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තුළදී සිය දිවිහානි කර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    මේ අතර සියලූ බන්ධනාගාරවල අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. මෙහිදී, මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් බන්ධනාගාර තුළ කළහකාරිව හැසිරෙන රැඳවියන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    Neth
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුඩු සික් එක හැදුනම පුදුම හැසිරීමක් තියෙන්නේ ...... තමන්ව පාලනය කරගගන්නවත් බැරිව වේදනාවෙන් දගලනවා ..... වෙව්ලනවා........ මේ හැසිරීම දැකල තියෙන එකෙක්නම් කවදාවත් මේවට ඇබ්බැහි වෙන්නේ නෑ.....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    කුඩු සික් එක හැදුනම පුදුම හැසිරීමක් තියෙන්නේ ...... තමන්ව පාලනය කරගගන්නවත් බැරිව වේදනාවෙන් දගලනවා ..... වෙව්ලනවා........ මේ හැසිරීම දැකල තියෙන එකෙක්නම් කවදාවත් මේවට ඇබ්බැහි වෙන්නේ නෑ.....
    සමහරු සික් එක වැඩි උනහම අතපය කපාගන්නවා බ්ලෙඩ් තල වලින් එහෙම .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කුඩු සික් හැදිච්ච එකෙක්ව හරියට දැකල තියෙන එකෙක් ඕකට හිනාවෙන්නෑ බං.
    ඕකුන් ඕවට සල්ලි හොයන්නෙත් හොරකම්කරලා මාල කඩලා
    විදවලා මැරෙන්න ඕන කාලකන්නි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කුඩු සික් එක හැදුනම පුදුම හැසිරීමක් තියෙන්නේ ...... තමන්ව පාලනය කරගගන්නවත් බැරිව වේදනාවෙන් දගලනවා ..... වෙව්ලනවා........ මේ හැසිරීම දැකල තියෙන එකෙක්නම් කවදාවත් මේවට ඇබ්බැහි වෙන්නේ නෑ.....
    සමහරු සික් එක වැඩි උනහම අතපය කපාගන්නවා බ්ලෙඩ් තල වලින් එහෙම .
    කුඩු සික් හැදිච්ච එකෙක්ව හරියට දැකල තියෙන එකෙක් ඕකට හිනාවෙන්නෑ බං.
    explain further :sorry:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කුඩු සික් හැදිච්ච එකෙක්ව හරියට දැකල තියෙන එකෙක් ඕකට හිනාවෙන්නෑ බං.

    ඇයි රට රකින්න ගිහිල්ලද එහෙම වෙලා තියෙන්නේ? දැන් එකටත් අපිද වැරදි
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඇයි රට රකින්න ගිහිල්ලද එහෙම වෙලා තියෙන්නේ? දැන් එකටත් අපිද වැරදි
    සිරා කතාව...ඔය කුඩූ ගහන අපතයෝ රටට බරක්... වැලක රෙද්දක්වත් තියාගන්න බැහැ කුඩ්ඩෙක් ඉන්න පැත්තක

    සමහරු මහ ලොකු දාර්මික ටෝක් දෙනවා ඕකුන්ට ඔහොම වෙලා තියෙන්නේ සමාජයේ වරදින් කියලා...එතකොට කුඩූ නොගහන 99% ඉන්නේ වෙනම සමාජයකද??

    ඕකුන් කුඩු ගහන්නේ නොදැන නෙමෙයිනේ..... ක්ෂණික ආතල් ගන්න තියන පෙරේත කමටයි ඕවට යන්නේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    mageth lagama yaluwerk innava scene eke inna,me davas vala badu ne.sick eka hadunama oka navathvanna beheth course ekak tiyenava.ekata dena beheth bivvama kudu feeling eka vage ekak enne.mu karanne kudu nathi davasata beheth bonava.tiyena davasata kudu bonava.gedarin thamayi beheth valata viyadam karanne.kudu gana gan oya vage katha tiyenava bn ona tharam.type karanna kammali
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කුඩු සික් හැදිච්ච එකෙක්ව හරියට දැකල තියෙන එකෙක් ඕකට හිනාවෙන්නෑ බං.
    Ithin minissu monawa karannada? Onna beemata wage dekata abbahi unanan mokak hari karanna thibba. Kudu walata nikan abbahi wenne naane. Moko kudu hoyana thana idan okkoma neethi wirodiy. Neethi wirodi wada karala kelo gaththama anik un palida. Bonna abbahi wena ekatanan excuse ekak thiyanawa mokada bar legal hinda nodanima wenna puluwan. Kudu ehema nane :dull:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කුඩු ගහන්නෝ ජීවත්වෙන්නේ සමාජ වෛරයකින්. (සමාජය ඔවුන් කුඩ්ඩන් ලෙස කොන් කිරීම) ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තව කෙනෙක් කෙසේ හෝ තමන්ගේ සමාජයට එකතු කරගැනීමටයි. එවිට ඔහු තනි වී නැත. අපි නිතරම මේ පිරිසෙන් හැකි තරම් ඈත් වී සිටිය යුතුයි. මගේ පුද්ගලික විශ්වාසය නම්, සියලුම කුඩුකාරයෝ පලවෙනි අත්දැකීම ලබන්නේ නොදැනුවත්ව හෝ සිතේ ඇති කුතුහලයටයි.

    මේ අත්දැකීම මා ලැබූ දෙයක්. පෙර පිනකට 99.9% මම බේරුනා. (0.1% මගේ වරද) එහෙම නොවුනානම් මේ නුලට මම ලියන්නේ මීට හාත්පසින් වෙනස් කතාවක්.