මත්ද්‍රව්‍ය භාවිත කළ 16ක් හදිසියේම මියයයි

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී පුද්ගලයන් 16 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටි පුද්ගලයන් බවය.

    මෙම පිරිස කොකේන් මත්ද්‍රව්‍ය පානය කර ඇති අතර එයට විෂ සහිත ද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවට එරට බලධාරීන් සැකපළ කරයි.

    මියගොස් ඇති පිරිසට අමතරව තවත් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය පැය 24 තුළදී මිලදී ගෙන මේ වනවිටත් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයන් වේ නම් ඒවා බැහැර කරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    SOURCE:DERANA