පසුගිය සිකුරාදා(අගෝ.30) කොළඹ ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පකිස්තානයෙන් ආනයනය කළ කෘතිම ග්‍රීස් කන්ටේනරයක් තුල තිබී බ්‍රවුන් ෂුගර් නම් හොරොයින් කිලෝ 261 ක් අල්ලා ගත්තේය. මෙය දකුණු ආසියාවෙන් අල්ලා ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය ලෙස සැලකේ. මෙම බ්‍රවුන් ෂුගර් කිලෝ එකක වෙළෙඳ පොල වටිනාකම වන්නේ රුපියල් ලක්ෂ 60 ක් පමණ ය. ඒ අනුව අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 157 ක් පමණ වේ.
මේවා අසුරා තිබූ කන්ටේනරයේ අඩංගු ප්‍රධාන ද්‍රව්‍ය ලෙස සඳහන්ව තිබුනේ නාන කාමර උපකරණ යනුවෙනි. නාන කාමර උපකරණ කන්ටේනරයෙන් කාලක් පමණ තිබූ අතර ග්‍රීස් ටින් තුන්කාලක් පමණ අසුරා තිබිණ. කන්ටේනරය ආනයනය කළ පුද්ගලයාට ග්‍රීස් ගෙන්වීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලත් බලපත්‍රයක් අවශ්‍යය යයි රේගුව විසින් දැනුම් දීම නිසා මෙය නිදහස් කර ගැනීමට පැමිණි වාප්පු ලිපිකරුවන්ට එය එක්වරම නිදහස් කර ගත නොහැකි වී ඇත. කෙසේ වෙතත් පළමු වාප්පු ලිපිකරුවන්ට මේ ගැන කිසියම් සැකයක් ඇති වී ඇති අතර ඔවුන් මේ ගනුදෙනුවෙන් ඉවත්ව ගොස් තිබේ. නිදහස් කර ගැනීමේ දෙවන වාප්පු ලිපිකරු කණ්ඩායම එද්දී කෘතිම ග්‍රීස් ගෙන්වීම සඳහා බලපත්‍ර අනවශ්‍ය බව රේගුව විසින් දැනගෙන තිබුනද ඒ බවක් අඟවා නැත. ලක්ෂ 13 ක පගාවක් රැගෙන කන්ටේනරය නිදහස් කිරීමට රේගුව කටයුතු කර තිබියදී මෙම කන්ටේනරය රඳවා ගන්නැයි පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ලිපියක් රේගුව වෙත ඉදිරිපත් කෙරිණ. එවැනි ලිපි මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් රේගුවට ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයක් බැවින් රේගුව මෙය ලක්ෂ 13 ක පගාවක් රැගෙන නිදහස් කිරීමට වාප්පු ලිපිකරුවන් සමග සියල්ල සූදානම් කර තිබුනේ ය.
කන්ටේනරයක් පරීකෂා කිරීමේ දී එය ගෙන්වූ පුද්ගලයාද පැමිණීම අනිවාර්ය ය. ඒ අනුව මාලිගාවත්තේ ව්‍යාපාරිකයෙක් වන මුස්ලිම් ජාතිකයෙක් ආනයන කරුවා ලෙස ඉදිරිපත් වී තිබින. ඔහුට කුරුණෑගල මහව ප්‍රදේශයේ හාඩ්වෙයාර් ව්‍යාපාරයක් හිමි අතර ඔහු ආනයනය කරන භාණ්ඩ තැන්පත් කරන ස්ටෝරුව ඇත්තේ ද මහව ය.
කන්ටේනරය පරීකෂා කිරීමේදී රේගුව විසින් එය විවෘත කර පිටත්ව ගොස් ඇති අතර පරීකෂාකිරීම් සිදුකරන ලද්දේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසිනි. ඔවුන්ට ලැබී තිබුණු ඔත්තුව අනුව සැකය වඩාත් තියුණු වූයේ නාන උපකරණ යයි කීවද වැඩි පුර ග්‍රීස් තිබීම ය. ඉදිරියෙන් තිබූ ග්‍රීස් ටින් 300 ක් 400 ක් පමණ එකින් එක විවෘත කළද ඒවායේ කිසිදු සැක කටයුතු යමක් නොතිබිණ. ඒ අනුව වැඩි දුර පරීකෂාව අත් හැර දැමීමට සූදානම් වුවද ලැබී ඇති ඔත්තුවේ ප්‍රබලත්වය මත තව දුරටත් ග්‍රීස් ටින් විවෘත කර පරීකෂා කිරීම දිගටම සිදු කෙරිණ. ටින් 500 ක් පමණ විවෘත කරද්දී මත්ද්‍රව්‍ය සහිත ටින් හමුවිය. එකක් දෙකක් නොව ටින් 1262 ක් ම හමුවිය. ග්‍රෑම් 500 ක් වූ ග්‍රීස් ටින් එකක හෙරොයින් ග්‍රෑම් 200-230 ක් පමණ අසුරා ඉතිරිය ග්‍රීස් වලින් වසා තිබිණ.
පැකට් 3 කින් සමන්විත පොලිතීන් අසුරණයක බහාලු හෙරොයින් රෝලක් සේ ඔතා ඒ මැදට සුදු ලුනු ගෙඩියක්ද බහා දුඹුරු පැහැ සෙලෝටේප් වලින් තද වන සේ අලවා තිබූ බ්‍රවුන්ෂුගර් රෝල් වසා ටින් එක පිරෙන්නම ග්‍රීස් දමා තිබිණ. මෙම ඇසුරුම අනුව ග්‍රීස් කර්මාන්ත ශාලාව තුලදීම මත්ද්‍රව්‍ය ඇසුරුමද සිදුකර ඇති බව ස්ථීරය. අනෙක් අතට හෙරොයින් අඩංගු ග්‍රීස් ටින් එක කුමක්දැයි හඳුනා ගැනීමට සියුම් වෙනසක්ද කර තිබිණ. එනම් ග්‍රෑම් ගණන සඳහන් ඉතා කුඩා 'සිම්පල් ජී' අකුරේ මැද නිල් පැහැයෙන් පිරී තිබුනු අතර හෙරොයින් නැති ටින් වල 'ජී' අකුර එලෙස නොවීය. බැලු බැල්මට එය නොපෙනෙන අතර පෙනුනද යමෙකුට සිතෙන්නේ මුද්‍රණ දෝෂයක් ලෙසය.
මෙම හෙරොයින් තොගය හසුවනවාත් සමගම කලින් ලක්ෂ 13 ක් රැගෙන මෙය නිදහස් කිරීමට සූදානම්ව සිටි, ඒ වන විටත් කන්ටේනරය විවෘත කර දී යන්නට ගොස් සිටි, මාලි ජයවීර ඇතුළු රේගු නිලධාරීන් පිරිස කඩා වැදී තමන්ටත් මේ ගැන ඔත්තුවක් ලැබී තිබුනා කියා පැමිණ සියළු පරීකෂණ විකෘති කිරීමට දැඩි සේ උත්සාහ කළේය. මේ තරම් විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි වෙද්දී එක්වරම එය ප්‍රසිද්ධ කිරීම මත්ද්‍රව්‍ය පරීකෂකයන්ගේ ක්‍රමය නොවේ. මන්ද යත් ජාවාරමේ ඉදිරිපත් වී සිටින පුද්ගලයන් පසුපස සිටින සැබෑ හස්තය ඉන් සැඟව යන බැවිනි. එය දැන දැනම රේගුව කෙළේ මෙය විද්‍යුත් මාධ්‍ය වලට පැවසීමයි. හරියට කොතෙක් අල්ලා ගත්තා දැයි නොදැනම මාලි ජයවීර සහ රේගු නිලධාරීහු ප්‍රචාරය ලබා දුන්නෝ ය. පළමුව කිලෝ 50 යි කීහ. පසුව කිලෝ 100 යි කීහ. සම්පූර්ණ වැඩේ 'අල' කළහ. රේගුව විසින් අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් මත්ද්‍රව්‍ය නාශක අංශය වේදිකාවෙන් පන්නා දමා රේගුව විසින් මත්ද්‍රව්‍ය තොගය සහ සැක කරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කළේය. රේගුවේ 'අල කිරීම' පසුපස තිඛෙන්නේ මත්ද්‍රව්‍ය ඇල්ලු විට එහි වටිනාකම අනුව ඔවුන්ට ලැඛෙන පාරිතෝෂික තරඟය පමණක් නොවේ. සැබෑ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වසන් කිරීමේ වුවමනාව යි. මෙලෙස මත්ද්‍රව්‍ය ගෙනා පළමු කන්ටේනරයද මෙය නොවේ. මෙයද රේගුව සූදානම් කර තිබුනේ ලක්ෂ 13 ක පගාවකට නිදහස් කර යැවීමට ය.
මෙම මහා පරිමාණ හොරොයින් තොගය අල්ලා ගැනීම පිලිබඳ සැක කටයුතු කරුණු තොගයක් පවතී.
දේශපාලන හයියක් නොමැති මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන්වන්නෝ කිලෝ 20-30 බෝට්ටු මගින් ගෙන්වනවා හෝ ගෑණුන්ගේ යට ඇඳුම් අස්සේ හෝ ගුද මාර්ග වල හෝ සඟවා ගෙන්වනවා මිස කන්ටේනර් පිටින් ගෙන්වන්නේ නැත. එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට මෙම කන්ටේනරය කිසිදු ආපදාවක් නොමැතිව තම අංගනයටම ගෙන්වා ගත හැකි බවට තිරසාර විශ්වාසයක් තිබිය යුතුය. පසුගියදා පානදුරේ දී ආනයනික පළතුරු බීම ටින් දෙකක තිබී මේ ආකාරයටම මත්ද්‍රව්‍ය අසුරා තිබී සුරා බදු නිලධාරීන් පිරිසකට හමුවිය. ඉන් තේරුම් ගත යුත්තේ ටින්කරන ලද පළතුරු ග්‍රීස් මෙන් තවත් දෑ සමග මත් ද්‍රව්‍ය කිලෝ සිය ගණනින් රේගුව හරහා රට තුලට නිරුපද්‍රිතව එන බවයි. අන්තිම පහල රේගු නිලධාරියා පවා ලක්ෂ සිය ගණන් වල වාහන පාවිච්චි කරන්නේ එනිසා ය. මාලිගා වැනි නිවාස වල දිවි ගෙවන්නේ එනිසා ය.
කෙසේ වෙතත් මෙහිදී ආනයන කරුවා ලෙස මාලිගාවත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ පාකිස්ථානයෙන් පැටවූ පුද්ගලයෙක් යයි කියා ගන්නා පාකිස්ථානුවෙක්ද පසුගිය සිකුරාදා (30) කන්ටේනරය විවෘත කරන අවස්ථාවට පැමිණ සිටියහ. ඔවුන් සැබෑ ආනයන කරුවන් නම් මේ කන්ටේනරයේ මත්ද්‍රව්‍ය කිලෝ 261 ක් තිඛෙන බව දන්නවා නම් ජීවිතයට කන්ටේනරය විවෘත කරන අවස්ථාවේදී පෙනී සිටින්නේ නැත. ඊට හොඳම උදාහරණය නම් කුරුණෑගල ජොනී මත්පැන් ස්ප්‍රීතු කන්ටේනරයක් ගෙන්වා හසුවූ අවස්ථාවේදී එය ගෙන්වූ සැබෑ පුද්ගලයා අද දක්වා ඉදිරිපත් වූයේ නැත. මාසයකට පමණ පසුව ඉදිරිපත් වූ පුද්ගලයාද පසුව ලියකියවිලි සකසා ගත් ගොඩගම පැත්තේ පදිංචි 'බිලි බෝයි' කෙනෙක් බව ඔප්පු වී තිබේ.
අනෙක් අතට පාකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය පැටවූවායි කියන පුද්ගලයාද ලංකාවට පැමිණ කන්ටේනරය කඩද්දීම ලඟට වෙලා සිටියා යැයි කීම සියවසේ විහිළුම කතාවකි. කෙසේ වෙතත් පැටවීමට සම්බන්ධ තවත් පාකිස්ථානුවෙන් එරටේ සිටින බවද හෙළි වී තිබේ.
තමා ගෙන්වූයේ කෘතිම ග්‍රීස් යැයි ආනයන කරුවා දන්නේ නම් ග්‍රීස් සඳහා රේගුව බලපත්‍ර ඉල්ලු පළමු අවස්ථාවේදී එය අනවශ්‍ය බවත් තමා ගෙන්වා ඇත්තේ කෘතිම ග්‍රීස් බවත් ආනයන කරුවා නොකීවේ ඇයි?
ආනයන කරුවා කෘතිම ග්‍රීස් ගෙන්වා ඇති බව දෙවන වතාවේදී රේගුව දැන ගත්තා නම් බලපත්‍රයක් ඉල්ලමින් නිදහස් කිරීමට කියා ආනයන කරුවාගෙන් ලක්ෂ 13 ක් දෙන්නැයි කියා අල්ලස් ඉල්ලා සිටියේ ඇයි.?
මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අල්ලා ගැනීමෙන් පසුව රේගුව වැඩේ 'අල' කෙළේ ඇයි?
මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමේදී එම කන්ටේනරය නිදහස් කරන්නැයි මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ වරයාට දුරකථන ඇමැතුමක් දුන්නා යි කියන ප්‍රබල දේශපාලනඥයා කව්ද? එම දේශපාලනඥයා සහ ඔහුගේ ඥාතීන් පාලක රාජපක්ෂ වරුන් සමග හිත නොහොඳින් සිටින නිසා මේ සිද්ධියට ඔහුගේ නම ගාවා රාජපක්ෂවරුන් සුදනන් වීමේ උත්සාහයක් තිබේද?
මේ පසුපස සිටින සැබෑ ජාවාරම් කරුවා රටේ අපරාධ ආරක්ෂාව සම්බන්ධයෙන් නිල තනතුරක් හොබවන බාලයාට මත්ද්‍රව්‍ය ජාවාරමින් කප්පම් ගෙවන ද්විත්ව ඝාතනයක සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරද ගත වී සිටි මෝටර් රථ ව්‍යාපාරිකයෙක් ද?
අනාගතයේදී තවත් තොරතුරු හෙළිවනු ඇත.