මත්පැන් තීරුබදු රහිතව ගෙන්වා මාට්ටු

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මත්පැන් තීරුබදු රහිතව ගෙන්වා මාට්ටු

Kapruka_410px_21-06-13.jpg

ලෝකයේ විවිධ රටවල හොර ජාවාරම්කරුවන් සමග සම්බන්ධව මෙම විදේශීය මත්පැන් තීරුබදු රහිතව හොර පාරෙන් මෙරටට ගෙන්වා ගෙන අන්තර්ජාලය හරහා ඒවා රට පුරා බෙදා හැරියේ යයි කිරුළපන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කප්රුක නම් ව්‍යාපාරික ආයතනය වටලා සැකකරුවන් දෙදෙනෙක් සමග දේශීය හා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු වැටලීම් ඒකකය කියයි.

සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ කිරිබත්ගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.




කිරුළපන ප‍්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා ඇනවුම් ලබාගෙන මොවුන් දිවයින පුරා මෙම මත්පැන් බෙදා හැර ඇති බව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය විණියැයි සුරාබදු නිලධාරීහු පවසති.
අත් අඩංගුවට ගත් මත් පැන් තොගය බෝතල් දහසකට ආසන්න ප‍්‍රමාණයක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


http://www.srilankamirror.lk/news/8297-kapruka-caught-for-illegal-liquor-trade