මත්පැන් වල මානසික බලපෑම..

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මත්පැන් වල මානසික බලපෑම.Alcohol & Brain

    මත්පැන් වල මානසික බලපෑම..


    shutterstock_284143052-e1498509504854.jpg


    ඔබ දන්නවාද?
    කාංසාව (anxiety) හා මානසිකපීඩනය (depression) අධික ලෙස මත්පැන් පානය කරන්නන් අතර බහුලය - ඒ වගේම කාංසාව හා අවපීඩනයෙන් පෙළෙන අයට අධික ලෙස මත්පැන් පානයට නැඹුරු වේ.

    ප්‍රශ්නයක් උන ගමන් අපේ අයට මතක් වෙන්නෙ ඉතින් මෙන්න මෙයාවනේ...

    100613_johnnie_walker_red_label_smallImage_1501214498416.png
    මෙයත් හරියට අපිට ඉන්න සමහර යාලුවෝ වගේ තමයි, ලගටම වෙල ඉදලා පිටිපස්සෙන් ඇනලා යනකල් අපි දන්නේ නැ.
    අපි දන්නවනේ මධ්‍යසාර අපේ ශරීරයේ විවිධ කොටස් වලට බලපනවා කියලා, සීරෝසිස් වගේ රෝග ගැන,... නමුත් අද මම කියන්න යන්නේ කොහොමද මධ්‍යසාර අපේ මොලයට බලපාන්නේ කියලා.


    අපිට මධ්‍යසාර වලින් පොඩි වෙලාවක අධි ක්‍රියකාරී ගතියක් නැත්නම් අමුතු කික් එකක් එන්න පුලුවන්, අපෙ තියෙන මානසික ආතතිය නැතිවෙලා, අපේ මූඩ් එක බූස්ට් කරලා ගන්න පුලුවන් ගතියක් මේවට තියනවා,, ඒත් ඔබ දන්නවාද මධ්‍යසාර වලින් මානසික රෝග ඇති කරන අතර, ඒවා බීමෙන් අප නැති කරගන්න හදන දුක, ආතතිය දීරඝ කාලයක් යන විට එන්න එන්නම වැඩි වන බව..

    අද අපි මධ්‍යසාර මොලයට බලපාන ආකාරය කතාකරමු (මධ්‍යසාර වලට ඇබ්බැහිවීම සහ එය නවත්වාගන්නේ කෙසේදැයි ඉදිරි පෝස්ට් වලින් කතාකරන්න බලපොරොත්තු වෙන්වා )

    අපගේ මොළයේ ක්‍රියකාරීත්වය, රසායනික ද්‍රව්‍යය හා ඒවයේ ක්‍රියවලීන්ගේ සියුම් සමබරතාව මත රඳා පවතී.
    මත්පැන් යනු මානසික අවපීඩකයකි. එයින් අදහස් වන්නේ අපගේ සමතුලිතතාවය, සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන්ට බලපෑම් ඇති කිරීමයි. සමහරවිට අපේ දිගුකාලීන මානසික සෞඛ්‍යයට.

    මධ්‍යසාර මගින් වන්නේ මොලයේ ස්නායු අතර පණිවුඩ හුවමාරු කිරීමට උදව් වන විශේශ රසායනික ද්‍රව්‍යයන්ට (Neurotransmitters) බලපැමක් ඇති කරනවා.

    ඔබට පලමු මධ්‍යසාර වීදුරුව ගැනීමේ දී ඇතිවන නිදහස් ගතිය, ඇති වන්නෙද මොලයේ මෙවැනි රසායනික වෙනස් කිරීමක් කරන නිසාය. අපේ බොහෝ දෙනෙක්ට මධ්‍යසාර භාවිතයෙන්, ආත්ම විශ්වාසයත්, අඩුවෙන කනස්සල්ලත් අතිවෙන්වා, නමුත් එය පොඩි කාලෙකටයි..

    නමුත්, ඔබ දිගටම බොන විට, මොළයට ඇතිවන බලපෑමද එන්න එන්නම වැඩිවේ

    මත්පැන් කනස්සල්ල හා මානසික පීඩනය අඩු කිරීම වෙනුවට එය වැඩි කරනු ඇත......

    අපි මධ්‍යසාර පානය කරන විට, යම් තත්වයක්/ අවස්තාවක් පිළිබඳව අපගේ අවබෝධය පටු වීම සිදු වෙන්වා, සහ අප සෑම විටම අප අවට වන සියලු දේ වලට ප්‍රතිචර දක්වන එකද මග හැරෙනවා..
    ඔබ කාංසාවෙන් (Anxiety) පෙලෙන්නෙක් නම් ඔබ ඒ සදහා මත්ද්‍රව්‍ය ගත් විට ඔබගේ සියලු දුක් දනීම නැතිවී, අමුතු නිදහස් ගතියක් අතිවෙන්වා, නමුත් ටික වෙලාවකින් එම මධ්‍යසාරයෙ බලපෑම අඩු වන විට, ඔබට නැවතත් දුක කනස්සල්ල දැනීමට ගන්නවා, ඔබ නැවතත් බොන්වා, මේ විදිහට ඔබට මෙය නොමතිව සිටින්නට බැරි තත්වයකට පත් වෙන්වා, කාලයක් යනකොට, මධ්‍යසාර ශරීරයේ නොමැති සෑම වෙලාවකම තමන්ට කාංසාවක් (anxiety) දැනෙන්වා.. එනම් ඔබ මෙයට දැන් ඇබ්බැහි වෙලා.


    Alcohol depression = a vicious cycle (විෂම චක්‍රය)

    ඔබ දැඩි ලෙස හා නිතර නිතර පානය කරන විට විශාදයේ (Depression) රෝග ලක්ෂණ ඇතිවිය හැක. නිතිපතා මත්පැන් පානය ඔබේ මොළයේ සෙරොටොනින් මට්ටම අඩු කරයි.( ඔබේ මනෝභාවය/ සිතේ ස්වභාවය පාලනය කිරීමට උපකාර වන රසායනිකයකි ).


    සමහරුන් මානසික ආතතිය නිසා මත්පැන් පානය කරන්නට පටන්ගන්නව, එයින් තව තවත් මානසිකව වැටෙනවා, තවත් සමහරු ෆන් එකට මත්පැන් පානය කරන්නට පටන් ගෙන එයට ඇබ්බැහි වෙලා, දීර්ඝ කාලීනව මානසික රෝග වලට ගොදුරු වෙන්වා.

    දැඩි ලෙස මත්පැන් පානය කිරීම ඔබේ සහකරු, පවුල සහ මිතුරන් සමඟ ඔබේ සබඳතා කෙරෙහි බලපෑම් කළ හැකිය. එය ඔබේ ක්‍රියාකාරිත්වය මත බලපෑම් ඇති කළ හැකිය. මෙම ගැටලු මානසික අවපීඩනයට/ විශාදයට (Depression) දායක විය හැක.

    ඔබ ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට හෝ ඔබේ මානසික අවපීඩනය වළක්වා ගැනීමට ඔබ මත්පැන් ගන්නවා නම්, ඔබ විශම චක්‍රයක් (Vicious cycle) ආරම්භ කරනවා ඇත. (විශම චක්‍රයක් (Vicious cycle) යනු, අප ප්‍රශ්නයක් විසදීමට යොදාගන්නා විසදුම තවත් ප්‍රශ්නයක් වී තව ප්‍රශ්න අති කරන අතරම, පලමු ප්‍රශ්නය එන්න එන්නම වැඩි කරයි, මෙය නැවත නැවත සිදුවන චක්‍රයකි )

    මත්පැන් ඔබේ මානසික තත්වයට බලපාන බව අනතුරු අඟවන ලකුණු:-

    > අඩු නින්ද/ කොහොමත්ම නින්ද නොයාම.
    > වෙරිමතින් පසුව ඇති වන අසනීප ගතිය සහ මහන්සිය.
    > මන්දෝත්සාහී ගතිය,
    > සැනසිලිදයක අවස්තාවලදී පවා කාංසා (anxiety) ගතියක් දැනීම.


    මත්පැන් වලින් ඇති මානසික බලපෑම අඩු කරගත හැකි ක්‍රම 4ක්.

    1. මත්පැන් වෙනුවට මානසික පීඩනය පාලනය කිරීමට ව්‍යයාම සහ Relaxation methods භාවිතා කරන්න.
    2. හුස්ම ගැනීමේ ක්‍රම කෙරෙහි අවදානය යොමු කිරීම (බෞද්ධ අයටනම් ආනාපානාසතිය වඩන්න පුලුවන් )
    3. ඔබේ කනස්සල්ල ගැන කෙනෙකු සමඟ කතා කරන්න. (මිත්‍රයෙක්, නෑදෑයෙක් හෝ වෛද්‍යවරයෙක් උනත් )
    4. ඔබ බොන්නේ ඇයි කියා නිතරම හිතන්න. එයින් නරක හැඟීමකින් ඉවත්ව යන බව සිතන්න එපා, එය ප්‍රශ්නය තව තවත් වැඩි කිරීමට ඉඩ ඇත.


    මත්පැන් සියදිවි නසාගැනීම, ස්වයං-හානිය (Self-harm) සහ මානසික අවපීඩනය සදහා බලපායි..

    මත්පැන් මගින් මිනිසුන්ගේ පාලනය නැති වී, ආවේගශීලීව හැසිරීමට ඉඩ ඇති වන අතර, එය සාමාන්‍යයෙන් ගනු නොලබන තීරනයන්ට තුඩු දිය හැකි ය. ස්වයං හානි (Self harm) හා සියදිවි නසාගැනීම වැනි..



    අධික මත්පැන් පානය (සති කීපයක් යන තුරු ,දිනකට ඒකක 30 කට වැඩි ගණනක් වැනි) ඇතැම්විට 'සයිකෝසිස් (Psychosis)' තත්වයක් විය හැකිය.

    සයිකෝසිස් (Psychosis) - මානසික රෝගී අකාරයක් වන අතර මෙහිදී, යථාර්ථයෙන් බැහැර වීමක් සිදුවේ. මෙහිදී ව්‍යාජ , මායාවන්ට මුල වීමේ මට්ටමක් දක්වා යා හැක (Hallucinations & Delusions)
    මෙහි භයානකම දෙයක් වන්නෙ, අධික ලෙස මත්පැන් පානය කල අයෙක් එක පාරටම එය නැවතුවොත්, එහිදී පව මෙම සයිකෝසිස් තත්වය අති විය හැක, තවද Delirium tremens යන තත්වය ඇතිවේ - මෙහිදී මානසික ව්‍යාකූලත්වය වගේම, ෆිට් එකක් වැනි වෙව්ලීමේ තත්වයකට පත්වේ. බිව්වා වගෙ නෙවෙයි, කොටි වලිගෙ අල්ලගත්තා වගෙ තමයි, නවත්තන එකත් ලේසි නෑ.


    ඒ වගෙම බීමෙන් ඔබට කෙටි කාලයකට දෙවල් අමතක වෙන්වා වගෙම, දිගු කාලීනව භාවිතයෙන් ඔබට ස්තීර මතකයද අඩු වී යා හැක.


    බොන කට්ටියට නවත්තන්න කිව්වහමත් තද වෙන්වනෙ, එහෙනම් බොන්නම ඔනෙනම් මෙන්න මේ විදිහට කරන්න..

    හැමදම බොන්නෙ නැතුව Off days තියාගන්න, තමන් බොන දේ, ප්‍රමනය ගැන පාලනයක් ඇතුව බොන්න.. (ඒකනම් කෙරෙන එකක් නෑ හැබැයි )

    වර්තමානයේ නිර්දේශිත 'මත්පැන් බීම' සීමාව වන්නේ පිරිමින් සඳහා දිනකට ඒකක 3 සිට 4 (3 - 4 units) දක්වා වන අතර කාන්තාවන් සඳහා දිනකට ඒකක දෙක තුනක් වේ.
    1 pint beer (5% vol) = 3 units
    1 pint lager (3% vol) = 2 units
    1 small glass wine (12% vol) = 2 units
    1 measure spirit (40% vol) = 1 unit


    බොන එක නවත්තන්න ඔනෙ කට්ටිය ඉන්න්වනම්, ඒ අයට පෝස්ට් එකක් ඉදිරි සති කීපය තුල වේලාවක් ලැබෙන විදිහට දාන්නම්..

    හිතනව ප්‍රයොජනවත් වෙන්න ඇති කියලා.
    ස්තූතියි,
    ඔබට ජය...:):):)


    My other threads​


     
    Last edited:

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    matath beer nam gahanna hithenawa mara widiyata. thaniyama nam bonna bahe . chatak dagena kollek ekka thamai bonne