මත් පෙත්තෙන් එළිපත්තට
මත් පෙත්තෙන් එළිපත්තට - බිස්නස් විනාශ කරගෙන මතට හුරු වී ජීවිතයම හිස් කරගත් තරුණයෙක්.
පොලිසියේ වැඩ කරන කාලේ ඇති වෙන්න කුඩු බිව්වා අන්තිමේ මට ජොබ් එක කරගන්න බැරිව ගියා...
අම්මාගේ සල්ලි හොරකම් කළා, වයිෆ්ගේ රත්‍රං බඩු විකුණුවා අන්තිමේ දරුවගේ පංචායුධයත් කඩලා විකුණුවා...
දැන් අප ඉදිරියේ සිටින්නේ දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙකි. මහා පරිමාණ එළවළු ව්‍යාපාරිකයෙකි. තම දෝතට යහමින් මුදල් ගලාගෙන එන විට ඔහුට කරන, කියන දේද අමතක විය. අවසානයේ ඔහු බියර් වීදුරුවෙන් මතට හුරු වී කුඩුවලින් ජීවිතය විනාශ කරගත්තේය. වැටුණු මත් වළෙන් එගොඩ වීම සඳහා දැන් ඔහු මිතුරු මිතුරෝ පවුලට එකතු වී සිටී. අපි ඔහුගේ නම මකා දමමින් ලොකූ ලෙස අලුත් නමක් තබමු. මේ ලොකූ කියන ජීවිත කතාවය.
පුංචි කාලේ ඉඳලා කැපීපෙනෙන වැඩ කරන්න මම හරිම කැමැතියි. මල්ලිලා දෙන්නයි, නංගියි එක්ක සෙල්ලම් කළත් මම කළේ කැපීපෙනෙන වැඩ. ගෙදර වාහනයක් නැතුව මම ඉස්කෝලෙට ගියේ නෑ. කඩේකට ගියොත් දකින, දකින දේ මට ඕනා. ඒත් මගේ සහෝදරයෝ එහෙම නෑ. අපේ තාත්තත් බොහෝම නිහතමානී. ව්‍යාපාර ලොරි, වෑන්, කාර් තිබුණට තාත්තා හිටියේ සාමාන්‍ය කෙනෙක් විදිහට. තල, මුංඇට, කවුපි, කඩල ධාන්‍ය වර්ග කොළඹට පැටෙව්වේ අපේ තාත්තා. සල්ලි උතුරන්න තිබුණා. ඒත් අපේ අම්මා ළඟවත් ලොකුකමක් තිබුණේ නෑ. සරලව අපි හරි ලස්සනට ජීවත් වුණා..."
"මම ඉගෙනගත්තේ ගලේවෙල ප්‍රසිද්ධ පාසලක. පොඩි කාලේ බොහෝම අහිංසක විදිහට ඉස්කෝලේ වැඩ ටික කරගෙන හිටියා. ඒත් දිග කලිසම අඳින්න ගත්තට පස්සේ 'දැන් මම ලොකු මිනිහෙක්' කියලා අමුතු උණක් හැදුණා. පන්තියේ යාළුවන්ගේ ඇඟටත් ඒ උණ ඇවිත් තිබුණා. කෑවෙ, බිව්වේ රංචු ගැහිලා ගිහින්. ඉඳලා හිටලා සිගරට් පෙට්ටියක් අරගෙන සෙට් එකත් එක්ක බිව්වා. ඒත් මම මත් වතුරක් කියලා මුලින්ම බිව්වේ ගෙදර අවුරුදු පාටියකදී. එදා අපේ පවුලේ සහෝදරයෝ සේරම එකතු වෙලා හිටියා. අපි හයදෙනෙක් බියර් බෝතල් හතළිස් අටක් බිව්වා. සිගරට් පෙට්ටි දෙකක් ඉවර කළා. හයදෙනාටම කෙළින් ඉන්න බෑ. අන්තිමේ වමනේ දාලා විනාශ වුණා. ඒත් මම ඒ වෙරි මතට ආශා කළා. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ලොකු පන්තිවල අයියලත් එක්ක සෙට් වෙලා සිගරට් බිව්වා, ගුලි කෑවා. ටික දවසක් යනකොට ගුලිවලට තදින්ම ඇබ්බැහි වුණා. හැමදාම උදේට පන්තියට ගියේa ටොයිලට් එකට ගිහින් සිගරට් එකක් බීලා. ඒත් මගේ මීටරය හොඳට වැඩ කළා. සාමාන්‍ය පෙළ විභාගයත් හොඳටම පාස් වුණා. ඒත් තාත්තට ඕන වෙලා තිබුණේ මාව ව්‍යාපාර පැත්තට ගන්න. පස්සේ මම තාත්තාගේ ඉල්ලීමට උසස් පෙළ කරන්නේ නැතිව ව්‍යාපාරවලට එකතු වුණා..."
"තාත්තා මට වැලිසර මාර්කට් එකේ කඩේ භාර දුන්නා. මම කඩේ කරන්න ගත්තට පස්සේ දවසින් දවස කඩේ දියුණු වුණා. මුලින්ම අපි කළේ එළවළු තොග වෙළෙඳාම විතරයි. පස්සේ මම පලතුරු බිස්නස් එකත් පටන් ගත්තා. මාත් එක්ක ගෝලයෝ පස් දෙනෙක් වැඩ කළා. අපේ කඩේ එළවළු, පලතුරු මිල අඩුයි. බඩු හොඳයි. ටික කාලයක් යනකොට මුළු පළාතේම සුපිරි කඩකාරයෝ, හෝටල්කාරයෝ අපේ කඩේට හුරු වුණා. කොළඹ තරුපන්තියේ හෝටල්වලටත් මගෙන් බඩු ගෙනිච්චා. මගේ ව්‍යාපාර දියුණුව දිහා බලල තාත්තා පුදුම විදිහට සතුටු වුණා..."
"එතකොට මම ගෙදර ගියේ මාසෙකට වතාවක් වගෙයි. වැලිසර කඩේම තමයි නතර වෙලා හිටියේ. උපරිම නිදහස. දවස ගානේ අරක්කු, සිගරට් බිව්වා. ඔහොම ඉන්නකොට කඩේ ගෝලයෝ හරහා ගංජා බොන්න පුරුදු වුණා. ටික දවසක් යනකොට උදේට ටොයිලට් එකට යන්නත් ගංජා සුරුට්ටුවක් බිව්වා. හවසට කඩේ වහලා මාර්කට් එකේ කොල්ලොත් එක්ක සෙට් වෙලා කෑවා බිව්වා. එහෙම ඉන්නකොට දවසක් රෑ හොඳටම බීලා සෙට් එකත් එක්ක නයිට් ක්ලබ් ගියා. ගමේ අපිට ඒක අමුතු ලෝකයක් වුණා. එදා ඉඳලා හැමදාම මම රෑට බීලා නයිට් ක්ලබ් ගියා. දවසේ හම්බ කරන ආදායමෙන් භාගයක් විතර රෑට නයිට් ක්ලබ්වලට පූජා කළා. අරක්කු, ගංජා, පෙති තුනම බීලා කෙල්ලො එක්ක ඩාන්ස් කරලා හොඳටම පිස්සු නැටුවා. ඒ පිස්සු ලෝකයට මම ඇබ්බැහි වුණා. ඊට පස්සේ කඩේට බඩු ගන්න එන කොළඹ නයිට් ක්ලබ්වල අයටත් කතා කරලා ඒ තැන්වලටත් ගියා. කෙල්ලො එක්ක ඩාන්ස් කරලා ආතල් අරගෙන දවාලටත් ඒ කෙල්ලන්ව ගෙන්න ගන්න පටන් ගත්තා. ඒ වෙනකොට මම නියම සල්ලාලයා වෙලා ඉවරයි. කටුනායක, සීදූව නයිට් ක්ලබ්වලට අලුත් කෙල්ලෙක් ආවොත් අලුත් පිට මටත් දවසක් එළියේ තියා ගන්න ලැබුණා. අද ඉන්න ගෑනි එක්ක නෙමෙයි, හෙට ඉන්නේ. ඒ ගෑනුන්ටත් උපරිම උදව් කළා. ඒ නිසා මම කතා කරන සුනංගුවට ඒ ගෑනුත් ආවා..."
එහෙම ඉන්නකොට අපේ කඩේට අල්ලපු කඩේ මුදලාලිගේ එකම දුව මට සෙට් වුණා. එයත් 1987 මගේ වයසෙමයි. එයාට මම හදවතින්ම ආදරය කළා. එයත් මට පණ ඇරලා ආදරය කළා. එයාගේ ආදරය ලැබුණා කියලා මගේ සල්ලාලකම් වෙනස් වුණේ නෑ. එතකොට මගේ විනෝදාංශය කෙල්ලො එක්ක ඉන්න එක. ඒ විදිහට ගෑනු එක්ක තනි වෙනකොට එක දවසක් එක කෙල්ලෙක් කිව්වා සෙක්ස් ආතල් එක වැඩි කරගන්න පොඩි බෙහෙතක් තියෙනවා ගමුද කියලා. බෙහෙත මොකක්ද කියලා බලන්නෙත් නැතිව මම කැමති වුණා. එයා කුඩු චුට්ටක් ඊයම් කොළයකට දාලා පුච්චලා නහයට ඇඳලා මටත් දුන්නා. මමත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව නහයට ඇද්දා. මාව කරකැවිලා ගියා. උන්හිටි තැනුත් අමතක වුණා. ඒත් ඇඟට අමුතු ශක්තියක් ආවා. මම ඒ ශක්තියට කැමති වුණා. එදා ඉඳලා වැඩියෙන්ම ඉන්න කැමති වුණේ ඒ කෙල්ලත් එක්ක. ඒ ඉන්න හැම අවස්ථාවකදීම දෙන්නා එක්ක කුඩු චුට්ටක් ගත්තා. ටික දවසක් යනකොට කුඩු නැති වුණහම ඇඟ ගැහිලා, සොටු බේරිලා, කබ ගලන්න පටන් ගත්තා. කුඩු බිව්ව ගමන් ඒ කිසිම අමාරුවක් නෑ. මම දන්නේම නැතිව කුඩුවලට ඇබ්බැහි වුණා..."
"කුඩු බොන්න පටන් ගන්නකොට මට අවුරුදු විසි එකයි. ඒ වෙනකොට වැලිසර මාර්කට් එකේ විතරක් නෙමෙයි ඒ පළාතේම කොල්ලො මාව හොඳට දන්නවා. වැලිසර සයිඩ් එකේ ජනප්‍රිය ගායකයෝ, නිළියෝ කිහිපදෙනෙක්ම මාත් එක්ක සෙට් වෙලා හිටියා. මාර්කට් එකේ කොල්ලන්ට කෙල්ලෙක් ඕන වුණහම ඇවිත් කිව්වේ මට. කියන සුනංගුවට මම උන්ට කෙල්ලෙක්ව ගෙනත් දුන්නා. කොහොමහරි මම කරන වැඩ ගැන තාත්තාගේ කනට ගියා. තාත්තා කඩේ වහලා දාලා මාව ගමට අරගෙන ගියා. එතකොට මම කොණ්ඩේ වවලා, ඇඟිලි දහයටම රිදී මුදු දාලා. බෙල්ලට මාල තුන හතරක් දාලා. කරාබු දාලා. පච්ච ගහලා පට්ට කරා. මාව දකිනකොට ගමේ මිනිස්සුන්ට හරි අමුතුයි. ගමට ගිහිල්ලත් මම කුඩු අතහැරියේ නෑ. ඊට පස්සේ අපේ තාත්තා ප්ලෑන් කරලා මාව කටාර් රටට යෑව්වා..."
"මට වැඩ කරන්න ලැබුණේ අත් මේස් කොම්පැණියක. ඒ කොම්පැණියේ මාත් එක්ක එකටම හිටිය ගමේ යාළුවෙකුත් වැඩ කළා. තවත් ලංකාවේ කොල්ලො හයදෙනෙක් හිටියා. එහේදීත් හොඳටම සෙට් වුණා. උපරිම ෆන්. ඒත් මාසේ අන්තිමට ලැබෙන පඩිය මදි. ඒ ලැබුණු පඩිය වැලිසර එළවළු කඩෙන් සතියෙන් හම්බ කළා. පස්සේ මම ඒ ජොබ් එකත් දාලා ලංකාවට ආවා. ඒ ඇවිත් ඉන්නකොට තාත්තා මට දඹුල්ලේ කඩයක් දාලා දුන්නා. කුඩු බොන එකත් නතර කරලා හොඳට කඩේ කරගෙන හිටියා. ඉඳලා හිටලා ගංජා සුරුට්ටුවක්, අරක්කු ටිකක් බිව්වා. එහෙම ඉන්නකොට කොළඹ හොර සල්ලි අච්චු ගහන කිහිපදෙනෙක් මට සෙට් වුණා. අපි කට්ටිය එකතු වෙලා අපේ කඩේ තියාගෙන හොර සල්ලි අච්චු ගැහුවා. මමත් ලක්ෂ තුනක් විතර බිස්නස් එකට දැම්මා. සල්ලි මාරු කරන්න ගිහින් පොලිසියට කොටු නොවී අනූනවයෙන් බේරුණා. එදා මට බය හිතුණා. බිස්නස් එකට දාපු මුදල් ගැන හිතන්නේ නැතුවම මම ජාවාරමෙන් අයින් වුණා. ඒත් ඒ හොර සෙට් එක මට අනතුරක් කරයි කියලා බයකුත් දැනුණා. කඩේට යන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නකොට අපේ අයියා කෙනෙක් කිව්වා කමොන්ඩෝ එකට අලුතෙන් ගන්නවා එන්න කියලා. මමයි, තව යාළුවෙකුයි ඉන්ටවිව් ගියා. උපරිම සුදුසුකම් තිබුණු නිසා අපි දෙන්නව උඩින්ම පාස් වුණා. මම ඒ ජොබ් එකට ගියේ 2007 අවුරුද්දේ අන්තිම කාලේ. අපි දෙන්නම වැඩ කලේ ගනේමුල්ල කෑම්ප් එකේ. නියම කොල්ලො සෙට් එකක් හිටියා. හැමදාම හවස ගංජා සුරුට්ටුවක් ගහගෙන සුපිරි ෆන් එකේ ජොබ් එක කරගෙන ගියා. ඔය කාලේ තමයි කොල්ලො පැණි බොන්න පුරුදු වුණේ. ඊට පස්සේ අපි ගංජයි, පැණියි දෙකම බිව්වා. දවසක් මගේ යාළුවා පැණි බෝතල් දෙකක් අරගෙන එනකොට කැම්ප් එකේ සිකුරිටි එකට කොටු වෙලා ජොබ් එක බේරුණේ අනූනවයෙන්. මාවත් වෙන කෑම්ප් එකකට මාරු කළා. මට ජොබ් එක එපා වුණා. මම ගෙදර නතර වුණා..."
"තාත්තගේ ව්‍යාපාරවලට අතගහන්නෙත් නැතිව පාඩුවේ මම ගෙදරට වෙලා හිටියා. සිගරට් එකක්වත් බිව්වේ නෑ. අසීරුවෙන් හිත පාලනය කරගෙන හිටියා. ඔහොම ඉන්න අතරේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් කොළඹ පෞද්ගලික රෝහලක ලොකු ඔපරේෂන් එකක් කරලා ජීවිතේ බේරගත්තේ. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ තාත්තා ව්‍යාපාර ගැන වැඩිය හිතුවේ නෑ. ලොකු මල්ලි තමයි ඒ පැත්ත බැලුවේ. එතකොට මට හැමදේම එපා වෙලා ආගමික පැත්තට හිත යොමු වෙලා තිබුණේ. ඊට පස්සේ මම භාවනා කරන්න රිටිගල ආරණ්‍ය සේනාසනයට ගියා. මාස තුනක් විතර පහළටවත් බහින්නේ නැතිව භාවනා කළා. දානය පිළියෙල කරන තැන ඉඳලා ආරණ්‍යය සුද්ධ පවිත්‍ර කරන සියලු වැඩ කළේ අපියි. මම දන්න අයට කියලා ආරණ්‍ය සේනාසනයට විදුලිය අරගෙන දුන්නා. සතියකට සැරයක් දඹුල්ල ආර්ථිකයෙන් එළවළු අඩුම කුඩුම අරගෙන ගියා. ලොකු සේවයක් කරලා මාස නවයකින් විතර මම නැවත ගෙදර ආවා. එතකොට මම ජීවිතය තේරුම් අරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් වෙලා හිටියේ. තාත්තා නැවත මට වැලිසර මාර්කට් එකේ කඩේ දාලා දුන්නා..."
"කඩේම නතර වෙලා පාඩුවේ බිස්නස් එක කරගෙන හිටියා. එතකොට මම කලින් ආදරය කරපු අල්ලපු කඩේ මුදලාලිගේ දුවත් බැඳලා. කඩේට ඇවිල්ලා මාස දෙක, තුනක් යනකොට මම නැවත පරණ සෙට් එකට වැටුණා. පරණ පෙම්වතිය කසාද බැඳපු කොල්ලත් මට සෙට් වුණා. එයත් හොඳට ගංජා අරක්කු බොනවා. කොහොමහරි මමත් පරණ දේවල් කරන්න පටන් ගත්තා. තව ටික දවසක් යනකොට පරණ විදිහටම නයිට් ක්ලබ් ගිහිල්ලා ගෑනු ඇසුරටත් වැටුණා. එහෙම ඉන්නකොට පරණ පෙම්වතියත් මට සෙට් වුණා. එතකොටත් එයාට දරුවෝ නෑ. මිනිහට හොරෙන් මාත් එක්ක එහේ මෙහේ යන්න පටන් ගත්තා. ඒ වෙනකොට මම ගංජා, පැණි, පෙති සේරම ගන්නවා. නයිට් ක්ලබ් යනවා. ෆුල් පිස්සු. එහෙම ඉන්න අතරේ රණා කියලා යාළුවෙක් සෙට් වුණා. එයා කුඩු බොනවා. සමහර දවසට අපේ කඩේට ඇවිල්ලත් කුඩු බොනවා. ඒ කුඩු සුවඳට මගේ හිත ආයෙමත් ඇඳිලා ගියා. දවසක් බිව්වා. දෙකක් බිව්වා. සතියක් යනකොට මට කුඩු නැතිව බැරි වුණා. මුළු දවසේම කුඩු මත. කඩේ සල්ලිත් ටික, ටික හිඳුණා. එක දවසක් කුඩු මතේ පරණ කෙල්ලත් එක්ක කඩේ ඇතුළේ ඉන්නකොට ඒකිගේ මිනිහට මාට්ටු වුණා. ඒ මොහොතේ කඩෙන් පැන්නා පැන්නමයි වැලිසර පැත්ත බැලුවේ නෑ..."
"මල්ලි ගිහින් කඩේ අස් කරගෙන ආවා. ඊට පස්සේ තාත්තා කඩේ විකුණුවා. මට බයික් එකක් අරගෙන දුන්නා. ගෙදර ආවට පස්සේ මම කුඩු බිව්වේ නෑ. ඒත් උදේ, හවස ගංජා බිව්වා. මම වැලිසර ඉන්න අතරේ අපේ ගමට අලුත් පවුලක් ඇවිත් හිටියා. ඒ ගෙදර මලක් වගේ කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ල ළඟ මගේ හිත නතර වුණා. ටික දවසක් යනකොට අපි දෙන්න අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. එතකොට එයාට අවුරුදු දාහතක් විතර ඇති. මට කසාද බඳින්න හිතුණා. මගේ ජීවිත කතාවම එයාට කිව්වා. සම්පූර්ණ කතාව අහගෙන ඉඳලා කෙල්ල මාව කසාද බඳින්න කැමැති වුණා. අපේ ගෙදරට කිව්වම ගෙදර අයත් කැමති වුණා. මම කෙල්ලව ගෙදර එක්කරගෙන ආවා. සියලු මත්ද්‍රව්‍යවලින් ඈත් වුණා. තාත්තා මට දඹුල්ලේ කඩයක් දාලා දුන්නා. අවුරුදු දෙකක් විතර යනකොට ලොකු දුවත් ලැබුණා. දැන් ගෙදර සතුටින් පිරිලා..."
"කාලය ගෙවිලා ගියා. 2011 අවුරුද්දේ දවසක අපේ කඩේට යන එන කොල්ලෙක් 'ලොකූ කුඩු ටිකක් තියෙනවා ගහමුද' කියලා ඇහුවා. මම කිසිම දෙයක් හිතන්නේ නැතිව ෆsට් එකට ගහමු කියලා කිව්වා. එදා කුඩු චුට්ටක් බිව්වා. ඊට පස්සේ සතියට දවස් දෙකක් තුනක් රණත් එක්ක කුඩු බිව්වා. කඩේ ලාච්චුවට දැනුණෙත් නෑ. ගෙදර අයට දැනුණෙත් නෑ. ඒත් වයිෆ්ට මගේ වෙනසක් තේරුණා. එයා මගෙන් ඇහුවා. ඒ වෙලාවට මම බොරුවක් කියලා කතාව මගහැරියා..."
"එහෙම ඉන්නකොට මම පොලිසියේ රියෑදුරු අංශයට බැඳුණා. මාව වැටුණේ තලාතුඔය පැත්තේ පොලිසියකට. ආයෙමත් මට උපරිම නිදහස ආවා. දවස ගානේ කුඩු බොන්න පටන් ගත්තා. සතිඅන්තයේ ගෙදර එනකොටත් කුඩු පැකට් දෙක, තුනක් අරගෙන ආවා. දවසක් ගෙදර ඇවිත් ඉන්නකොට දුව මගේ පර්ස් එක අදිනකොට කුඩු පැකට් එකක් දැකලා අරගෙන වයිෆ්ගේ අතට දුන්නා. මට කරගන්න දෙයක් නෑ. ගෑනි ගිහින් තාත්තගේ අතට දුන්නා. දැකපු ගමන් තාත්තා කිව්වා මේ කුඩු කියලා. ගෙදර තනිකරම මළගෙයක් වුණා. ඒ වේලාවෙත් අනුන්ගේ එකක් කියලා සේප් වුණා. ඊට පස්සේ පොලිසිය කිට්ටුව ගෙයක් කුලියට අරගෙන වයිෆ්වයි දරුවයි අරගෙන ආවා. එතකොට මම හොඳටම කුඩු බොනවා. කුලියට ගියාට පස්සේ ගෙදරටත් අරගෙන ගිහින් බිව්වා. වයිෆ්ටත් කරගන්න දෙයක් නෑ. ඒ විදිහට අවුරුදු දෙකක් විතර යනකොට පොලිසියෙන් මාව පුත්තලම පැත්තේ පොලිසියකට මාරු කළා..."
ආයෙමත් වයිෆ්වයි, දරුවයි මහගෙදර නතර කරලා මම ඒ පොලිසියේ නතර වුණා. ඒත් මගේ පරණ පුරුදු වෙනස් වුණේ නෑ. ඔහොම ඉන්න අතරේ දෙවැනි දුවත් ලැබුණා. තාත්තා අපිට අංගසම්පූර්ණ ගෙයක් හදලා දුන්නා. මාරු වෙලා ගිය පොලිසිය අවට කුඩු විමානයක්. නොමිලේ බඩු ටික ලැබුණා. පැය විසිහතරම මත් වුණා. අන්තිමේ මට ජොබ් එක කරගන්න බැරුව ගියා. 2016 අවුරුද්දේ අන්තිම කාලේ වෙනකොට මට ජොබ් එක කරන්න බැරුවම ගියා. පොලිසියෙන් මාව අස් කරන්න ඉස්සර වෙලා මම අයින් වුණා. කුඩු බොන්න තියා සිගරට් එකක් බොන්නවත් අතේ රුපියලක් නැතිව ගියා. ඒ වෙනකොට මම නිසා ගමේ කොල්ලො කිහිප දෙනෙක්ම කුඩු බොන්න පුරුදු වෙලා හිටියා. කුඩු බොන්න සල්ලි නැති වෙනකොට උන් එක්ක එකතු වෙලා ගමේ වතුවල පොල් කැඩුවා. මම අම්මා, තාත්තාගේ සල්ලි හොරකම් කළා. වයිෆ්ගේ රත්රන් බඩු විකිණුවා. ලොකු දුවගේ මාලේ විකිණුවා. අන්තිමේ මගේ චූටි දරුවගේ පංචායුධය කඩාගෙන ගිහින් විකුණලත් කුඩු බිව්වා. ගමේ මිනිස්සු කුඩුකාරයා කියන්න පටන් ගත්තා. මිනිස්සු වයිෆ් දිහා අමුතු විදිහට බලන්න පටන් ගත්තා. මටත් හැඟීම්, දැනීම් නොදැනි ගියා. මට ජීවිතය කලකිරුණා..."
"කොහොමහරි මේ අපායෙන් මිදෙන්න ඕනා කියලා හිතුණා. ඊට පස්සේ තමයි යාළුවකුගේ මාර්ගයෙන් මේ පන්සල හොයාගෙන ආවේ. මම මෙතැනට ඇවිත් අවුරුද්දයි. දැන් තමයි මම පියවි සිහියට ඇවිත් තියෙන්නේ. නැවත මම කුඩු අපායට වැටෙන්නේ නෑ කියලා දැන් මට විශ්වාසයි. නැවත මට ජීවිතය ගොඩනඟා ගන්න මගේ මල්ලිලා උදව් කරනවා කියලත් මට විශ්වාසයි. අදටත් මගේ දරුවො දෙන්නා බලන්නේ මල්ලිලා දෙන්නා. ඒ අයගේ උපකාර ඇතිව මම නැවත නැඟිටිනවා. මගේ දුවලා දෙන්නට හොඳ තාත්තා කෙනෙක් වෙනවා. ඒක තමයි දැන් මගේ සිහිනය..."
මිනිස්සු සිහින ලෝකවල සිටිති. එහෙත් ඒ දකින සිහින සැබෑ වන්නේ කලාතුරකිනි. මත්ද්‍රව්‍යවලින් ඈත් වී දරුවන්ට හොඳ පියෙක් වෙනවා යනු සිහිනයක් නොවේ. පියකුගේ වගකීමකි. පාලනය කර ගත යුත්තේ මතට ඇලෙන සිතය. මතින් තොර සිත ලොකූ පාලනය කරගනිවී කියා අපි විශ්වාස කරමු...
http://divaina.com/sunday/index.php/visheshanga1/4239-3-17