මතින් මිදෙන්නට මඟක් සොයමු..!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මහ පාරක වී පොරි ඇහිඳ කන කුරුල්ලන් රැසකි. එකිනෙකා තරගෙට මෙන් විනෝද වෙමින් පොරකකා වී පොරි කති. මේ කුරුල්ලන් අතර එක් තරුණ කුරුල්ලෙකු සිය මවු කිරිල්ලියගෙන් ‘මේ හැටි මේ පාරේ වී පොරි තියෙන්නේ කෙසේදැ’ යි ප්‍රශ්න කළේය. මව නෑසුනාක් මෙන් නිහඬව ම පොරි කයි. දෙතුන් වරක් මෙලෙස මේ තරුණ කුරුල්ලා නැවත නැවත අසද්දී කෝපයට පත් මව නිහඬව ඔය පොරි කාපල්ලායි පිළිතුරු දුන්නා ය.

    මද වේලාවකට පසුව යළිත් ‘කොහෙන්ද අම්මේ මෙතරම්ම වී පොරි’ ප්‍රශ්න කළේය. ‘වරක් දෙවරක් ඔබට මා කිවා නිහඬව වී පොරි කාපල්ලා.’ තරමක් අසහනයටත් , කෝපයටත් පත් මේ තරුණ කුරුල්ලා දැඩි ස්වරූපයෙන් ‘කොහෙන්දැයි මේ වී පොරි කියාපල්ලායි’ තර්ජනය කළේය. එවිට ‘උඹට ඇහෙන්නේ නැද්ද බන්, අර ඈතින් ඇහෙන රණ බෙර හඬ, යුද්ධයෙන් මියගිය උන් සොහෙන් බිමට ගෙනයන ඒ මල පෙරහැරයි මේ. උන් වෙනුවෙන් ඉසින මේ වී පොරි නිහඬව කාපල්ලා.’ මේ පිළිතුරෙන් තරමක් සන්සුන් වූවත් ඒ නිසි පිළිතුර නොවන බව දත් මේ තරුණ කුරුල්ලා මව සන්සුන් වූ පසු ‘යුද්ධයේ දී මේ මිනිසුන් මැරෙන එක නවතින ක්‍රමයක් නැද්ද ‘ ප්‍රශ්න කළේය. එවිට මව ‘ඇයි මෝඩ පුතේ මේ යුද්දේ නැවතුනොත් මිනිසුන් නොමැරේවී. මිනිසුන් නොමැරුණොත් ගමට එන මිනී නැතිවේවි. උන් වෙනුවෙන් වී පොරි නො ඉසිවි උඹට ත් මට ත් වී පොරි නැතුව ලත වෙන්න සිද්වේවි. එහෙයින් වටපිට නොබලා කෑ කෝ නොගසා ඉක්මණින් ම යුද්ධයේ නාමයෙන් වී පොරි කාපල්ලා.’

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මතින් මිඳෙන්න

    ලෝ පුරා බලවත් රාජ්‍ය සියල්ල ම යුද්ධයේ නාමයෙන් වී පොරි කති. කුරුල්ලන් සේ මත්ද්‍රව්‍යයේ නාමයෙන් සුරසැප විඳින ලොවක සිට මතින් මිඳෙන්නට නව මං සොයන්නේ කෙසේදැයි ගැටලුවකි. අද යුද්ධය සහ දුප්පත්කම අතර වැඩිපුර ම සාකච්ඡා කෙරෙන්නේ ඇෆ්ගනිස්ථානය පිළිබඳ ව ය. බොහෝ ප්‍රබල රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනයට දායකත්වය සැපයීමට ඉදිරිපත් වෙති.

    ඇතැම් රාජ්‍ය නිල වශයෙන් ම එහි පදිංචි වී ඇෆ්ගනිස්ථානය ගොඩනැංවීමට මුදල් වැය කරති. ස්වකීය රටවල ආර්ථික දුෂ්කරතා රැකී රක්ෂා ප්‍රශ්න අහස උසට ගොඩනැගෙද්දීත් ඇතැම් රාජ්‍යය ඇෆ්ගනිස්ථානය කෙරෙහි මෙලෙස අනුකම්පාව දැක්වීම පිළිබඳ ව එරට වැසියන් පවා විරෝධතාවල යෙදෙති. ඔවුන් ප්‍රශ්න කරන්නේ තම රටෙහි මෙතරම් ගැටලු හා ප්‍රශ්න තිබෙද්දී වෙනත් රටක් වෙනුවෙන් වැය කිරීමට මුදල් කෙසේදැයි චෝදනා ස්වරූපයෙනි.

    එහෙත් එහි සත්‍යය එසේම විය නොහැකි ය. ඉතා පැහැදිලි උදාහරණයක් ලෙස දැක්වුවහොත් 2001 ඔක්තෝබර්වල අමෙරිකානු ආගමනයෙන් පසු මුළු ලොවට ම හෙරොයින් නිෂ්පාදනය 90%කින් වැඩිකර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමර්ථ වී ඇත. යුද්ධයට පිවිසුන අමෙරිකානු ගුවන් යානා ඇෆ්ගනිස්ථානයේ සිට පිටතට ඉතා ආරක්ෂාකාරිව ගෙන යාම වෙනුවෙන් ඩොලර් බිලියන 50 ක් වාර්ෂිකව උපයා ගනී.

    අමෙරිකානු වැසියන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තම රාජ්‍යය පෙනී සිටීම පිළිබඳ ව විරෝධය පාමින් මේ අධික වියදම කෙසේ පියවන්නේදැයි ප්‍රශ්න කරද්දී නිහඬ පිළිවතකට පිළිපන් අමෙරිකානු රජය ඔවුන් තුළින් ම මේ මුදල උපයා ගැනීමට සමත් වී ඇත.

    ඇෆ්ගනිස්ථානය 2006 වසරෙහි හෙක්ටයාර් 165000 ක පොපි වගා කර ඇත. එය 2007 වසරෙහි දී 193000 ක් වී ඇත. 2008 වසරෙහි දී එය 157000කට ත් 2009 දී 123000 දක්වා පහත වැටී ඇත. මින් හෙරොයින් මෙට්‍රික් ටොන් 70 ක වටිනාකම ඩොලර් බිලියන 13 ක් පමණ වාර්ෂිකව රුසියාවට අපනයනය කරනු ලබයි. රුසියාව තම රටේ ආදායම ලෙස ඩොලර් බිලියන 352 ක් දක්වා ඉහළ යවයි. ඒ අනුව වාර්ෂිකව රුසියානු තරුණයන් පමණක් 30000 ක් මිය යති.

    මෙවැනි අන්තර්ජාතික ආදායම් මාර්ග කෙරෙහි විශ්වාසය තබා ඇති මහා රාජ්‍යය පවා ඉන් මිදෙමින් එකී ලාභය අහිමි කර ගැනීමට නොසිතීම ශ්‍රී ලංකාවෙහි සෑම රාජ්‍යයක් ම පවසන පරිදි ඔවුන් ගේ රාජ්‍යය ආදායමෙහි ප්‍රබල සහ අනිවාර්යය ආදායම මධ්‍යසාර නිෂ්පාදනය වෙළෙඳාම සහ බදු මඟින් යැයි පැවසීම පිළිබඳ ව අපට තර්ක කළ නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාව වැනි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක මත් බවට පත්වූවන් හේතුවෙන් මතුවෙන ගැටළු රජය ලබන ආදායමෙන් කිසිසේත්ම පියවා ගත නොහැකිය.

    රජය ප්‍රකාශයට පත්කළ මතට තිත සංකල්පයක් ම බවට හුදකලා කිරීම රජයේ වරදකින් ම සිදුවූයේදැයි සොයාබැලීම කාලෝචිත ය. එහෙත් එවැනි විශිෂට සංකල්පයක් රාජ්‍යය නායකයකු ලෙස නිර්භීතව ඉදිරිපත් කිරීම වුවද වටිනා ආදර්ශයකි. ප්‍රථම ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයන්ගෙන් මතට එරෙහි වන හඬ වෙනුවෙන් පුද දුන් බව මගේ පුද්ගලික පිළිගැනීමයි. එහෙත් එය යථාර්ථයක් බවට පත් කරලීමෙහි යාන්ත්‍රණයක් රජය තුළින් ඉදිරිපත් නොවීය. අද වන විට මේ වටිනා සංකල්පය ඩැහැගත් බොහෝ සංවිධාන ස්වාර්ථ සවිමත් කිරීම වෙනුවෙන් ක්‍රියා කරති. එහෙත් විශාල වගකීමක කොටස්කරුවන් වන රජයෙන් මතට තිත සංකල්පය බැහැර වූවේ කෙසේදැයි ගැටලුවකි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සුදුස්සාට සුදුසු තැන ...

    ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන පක්ෂ දේශපාලන සංස්කෘතිය රටෙහි සංවර්ධනයට කිසිසේත්ම උචිත නොවන බව මුළු රට ම දනී.

    සෑම දේශපාලකයකුමත් දනී. එහෙත් එය අත් ඇරීමෙන් තම තමන්ට පුද්ගලිකව ලැබෙන ලාභ, ප්‍රශංසා ගෞරව හා වරප්‍රසාද ලොල් බැඳගත් සියලු දෙනම මෙකී ක්‍රමය වෙනස් කිරීමට තරම් උනන්දු නොවෙති.

    මේ ක්‍රමය යටතෙහි දේශපාලන උදවුකරුවන් පෝස්ටර් ඇලවීමේ සිට යාන වාහන මිල මුදල් පරිත්‍යාග කිරීම දක්වාම තමන් ආධාර කරන දේශපාලකයාගෙන් හෝ පක්ෂයෙන් තනතුරු හෝ වරප්‍රසාද අපේක්ෂා කරති. දේශපාලකයන් ඔවුන් වෙනුවෙන් එම සත්කාරය නොකළහොත් ඊළඟ මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වෙතැයි ඔවුන් තුළ බියක් ඇත. ඒ කෙසේ වෙතත් මතට තිත වැනි ජාතික වටිනාකමකින් යුත් ආසියාවේ ආශ්චර්යය දක්වා රට ගොඩනැංවීමේ ප්‍රධාන සාධකයක් වන මතට තිත සංකල්පය ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රායෝගික අත්දැකීම් නොමැති දේශපාලන සුදුසුකම් මත පත්වූවන් එම සංකල්පය නිහඬ කළ අයුරු ඛේදජනකය. සුදුස්සාට සුදුසු වගකීම පැවරීමේ ගුණාංගය පිළිබඳ ව දැන්වත් අපි යුහුසුළු වෙමු.

    නව ක්‍රම සොයමු ..

    බටහිර ගැති ක්‍රම තුළ ව්‍යාපෘති ඉටුකරලීම වෙනුවෙන් සේවා සපයන්නන් බවට පත්ව ඇති ශ්‍රී ලාංකික රාජ්‍යය හා රාජ්‍යය නොවන සංවිධාන ඉන් අත්මිදී නව මං පෙත් සෙවිය යුතු ය. මෙහිදී මුළු රටට ම බරක් වන සහ කිසිදා අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබූ අපේ අධ්‍යාපන ක්‍රමය ද සංශෝධනය විය යුතු ය. මතට එරෙහිව පමණක් නොව සවිමත් නැණවත් රටෙහි සංවර්ධනයේ කොටස්කරුවකු වීමේ පෙළඹවීම් ද සහිත වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහ වහා රටට අත්‍යාවශ්‍ය ය. දිනකට පැය 5ක් පමණක් නොව පැය 8ක වත් අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහිත ස්වයං අධ්‍යාපනික වැඩසටහනක් තුළ දරුවකු වැඩිය යුතුය. තමා මූලික කරගත් පවුල සමාජය හා රටෙහි වගකීමකින් බැඳෙන පුහුණුවක් අධ්‍යාපන ක්‍රමය තුළ අනිවාර්යය විය යුතු ය.

    මත් නිවාරණ

    මත් නිවාරණය ලෙස පවත්නා සම්මන්ත්‍රණ, සාකච්ඡා වැඩමුළු මතට එරෙහිව හෝ මතින් නිදහස් කරගැනීමට හෝ නොව පූර්ණ පෞරුෂය වර්ධනය සඳහා මඟ පෙන්වන ජීවන කුසලතා පුරුදු පුහුණුවක් වෙනුවෙන් විය යුතු ය.

    මත සහ එහි විපාක ආදිනව මේ වන විට මුළු රට ම දනි. ඔවුන් ගේ බරපතළ ගැටලුව නිදහස් වෙළෙඳ ක්‍රමයක් යටතෙහි මත්ද්‍රව්‍යය කෙරෙහි යොමු කරවන පොළඹ වන සමාජ රටාවකින් අත්මිදීමේ පෞරුෂයයක් ඇති කරගැනීම කෙසේ විය යුතු ද යන්න ය. එබැවින් අවංකව ම මතට එරෙහිව රාජ්‍යය හෝ වෙනත් ඕනෑම සංවිධානයක් ක්‍රියා කරන්නේ නම් කළයුතු වන්නේ නීති සම්පාදනය මෙන් ම නව අමධ්‍යපික සංස්කෘතියක් බිහි කිරීමට අවශ්‍ය පිඹුරුපත් සැකසීම ය.

    ඒ සඳහා දින රහිත කාල සීමාවක් නොව දක්ෂ, අවංක ක්‍රියාකාරි සජීවිව ඒ තුළ ක්‍රියාත්මක වන්නවුන්ගෙන් ඉතා කෙටි කලක් වෙන් කර දීම සහ ඒ සඳහා සියලු පහසුකම් සහිත ප්‍රමාණවත් බලය ලබා දිය යුතු ය. නො එසේ නම් යුද්ධයට පින් සිදුවන්නට පොරිකෑ කුරුල්ලන් මෙන් මත්ද්‍රව්‍යයේ නාමයෙන් අපි ජය පැන් බොමු.