මති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍ය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍ය

ඇමති චම්පිකගේ වාහනයට යටවූ තරුණයාට අසාධ්‍යයි
Print Email
ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු වන චම්පික රණවක මහතා ගමන් ගත් ජීප් රථය, තරුණයන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
වයස අවුරු 20-22 වයස්වල පසුවන මෙම තරුණයන් දෙදෙනාගෙන් අයෙකුගේ මොලයට ලේ බැස ඇති අතර අනෙක් තරුණයාගේ අතක අස්ථි බිඳීමකට ලක්ව ඇතැයිද වාර්තා වේ.
පෙරේදා (28) රාත‍්‍රි 10.00ට පමණ රාජගිරියේ ජනාධිපති විදුහල ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර අඩුම තරමේ සිදුවූයේ කුමක්ද කියා හෝ නොබලා ඇමතිවරයා පලායන්නට උත්සාහ දරා තිබුණත් ප‍්‍රදේශවාසීන් එක්ව ලුහුබැඳ මඟ හරස්කිරීමෙන් පසු ඇමතිවරයා සිය වරද පිලිගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතීන් විසින් රාජගිරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊයේ (01) පොලීසිය එම ඥාතීන්ට පවසා ඇත්තේ අනතුර සිදු කළ රියදුරා පොලීසියට බාරවූ බවත් ඔහු පොලිස් ඇපයක් මත නිදහස් කළ බවත් ය. එම රියදුරා චම්පික රණවක ඇමතිවරයා නොවන බවත් පොලීසිය පවසා ඇත.
අනතුරට ලක් වූ තරුණයන්ගේ ඥතීන් පවසන්නේ ඇමතිවරයා දැන් සිද්ධිය වෙනතකට යොමු කරන බවත් පොලීසිය විසින් සිදුවීමේ වරද තරුණයන් දෙදෙනා පිට පටවන්නට උත්සාහ දරණ බවත් ය.
වැඩිදුරටත් අනාවරණය වන්නේ ඇමතිවරයා පදවාගෙන ගිය රථයට වෙනත් රියදුරෙක් ඉදිරිපත් කර ඇප ලබාගෙන ඇති බව ය.
කෙසේ නමුත් මෙවැනි අනතුරකදී තුවාල වූවන් රෝහල්ගතකර ඇත්නම් ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවකින් තොරව රියදුරා නිදහස් කිරීමට නීති ප්‍රතිපාදන නොමැති නමුත් නීතියට පිටින් යමින් සිදු කර ඇති මෙම ක්‍රියාවලිය යහපාලනය වන්නේ කෙසේද?
මෙම රථය අංක 80, සිරි අර්නස්ට් ඩි සිල්වා මාවත, කොළඹ 10 ලිපිනයට, කනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කර ඇති එකක් බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
එම අමාත්‍යාංශය 2010 වසරේ අප්‍රේල් මස 30වනදා පිහිටවා ඇති අතර වර්තමානයේ එය හඳුන්වන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙසය. එහි වත්මන් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි මහතා වන අතර එහි නියෝජ්‍ය ඇමිතිවරිය වන්නේ අනෝමා ගමගේ මහත්මිය ය. එහි වත්මන් ලේකම්වරිය වන්නේ W. සුධර්මා කරුණාරත්න මහත්මිය ය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    
    avatar438906_38.gif