මහණෙනි, මේ මදයෝ (උමතුබැව්) තුන්දෙනෙක් වෙත්.
කවර තුන් දෙනෙක්ද යත්,
තරුණ මදය, නීරෝග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි.
මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘතග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි.
වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි.
හෙතෙම කයින් දුසිරිත හැසිර, වචනයෙන් දුසිරිත හැසිර, සිතින් දුසිරිත හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.
මහණෙනි, නීරෝග මදයෙන් යුත්වූ, බොහෝකල් ජීවත්වීම් නමැති මදයෙන් මත්වූ, නූගත් පෘතග්ජන තෙම, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිරෙයි.
කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.
මහණෙනි, තරුණ මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි.
මහණෙනි, නීරෝග මදයෙන් මත්වූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි.
බොහෝ කල් ජීවත්වන මදයෙන් යුක්තවූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහි බවට පෙරලේයයි වදාළ සේක.
ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූද, ජරාව ස්වභාවකොට ඇත්තාවූද, මරණය ස්වභාවකොට ඇත්තාවූද, පෘතග්ජනයෝ තුමූ ඒ ස්වභාව ධර්‍මයෝ ඒවූ පරිද්දෙන් ඇත්තාවූ පෘතග්ජනයෝ අන්‍යයන් පිළිතුල් කරත්.
"ඉදින් මම ඒ ස්වභාව ඇත්තාවූ සත්ත්‍වයන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, එබඳු ස්වභාව ඇත්තාවූ මට එය සුදුසු නොවන්නේමය.
ඒ මම එසේ වාසය කරන්නෙම් උපධි රහිත නිර්‍වාණ ධර්‍මය අවබෝධ කොට නීරෝගී භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවිතයෙහිද යම් මදයෝ වෙත්ද, ඒ සියලු මදයන් නෛෂ්ක්‍රම්‍යයයි කියන ලද නිර්‍වාණයෙහි ක්‍ෂෙමභාවය දැක අභිභවනය කෙළෙමි. නිර්‍වාණය දක්නාවූ ඒ මට උත්සාහය වූයේය.
මම දැන් කාමයන් සේවනය කිරීමට සුදුසු නොවෙමි.
මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය පිහිටකොට ඇත්තේ, ප්‍රවෘජ්ජාව හා සර්‍වඥතාඥානය උදෙසා නොපසුබස්නා වීර්‍ය්‍යය ඇත්තෙක් වන්නෙමි.”
-යොබ්බන මද සූත්‍රය
http://youtube.com/post/UgkxKK2QbQkN0aQ-ZJ0HuptRPQzumnnaew9-?si=p1__Dd3S7_Dgx01q