මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත

    මද්‍යසාර හා බැඳුණු මිථ්‍යා මත පිළිබඳ කරුණු 07ක් ( ඉන්ද්‍රමූර්ති ජයසූරිය )

    වැරදි මතය : මද්‍යසාර සිරුර ප්‍රාණවත් කරන උත්තේජකයකි.

    01) නිවැරදි තතු : මද්‍යසාර මගින් ස්නායු පද්ධතියට හානි ඇති කරයි.

    පළමුව නිවැරදි විනිශ්චය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල කරයි. ඉන්පසු සමායෝජනයේ අඩුවීමක් ඇති කරයි. (තමාව පාලය කරගත නොහැකි තත්ත්වය)

    ඉතා වැඩි ප්‍රමාණයකින් මද්‍යසාර භාවිතය නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම් හේතුවෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය පවා නැවතිය හැක.

    02)

    වැරදි මතය : සිත සැහැල්ලු වීමට සහ ඇඟේ අමාරු අඩුකර ගැනීමට මද්‍යසාර භාවිතය කදිම මාර්ගයකි.

    නිවැරදි තතු : මද්‍යසාර භාවිතයේදී සැහැල්ලු බවක් දැනෙයි කියා සිතුනද, ඇත්තටම සිරුරට වැඩි අපහසුතාවයක් ඇති කරනු ලබයි.

    03)

    වැරදි මතය : සැර මද්‍යසාර වර්ග ගැනීමෙන් බියර් හා වයින් වැනි වර්ගවලට වඩා ඉතා ඉක්මණින් මත්වේ.

    නිවැරදි තතු : මද්‍යසාර යනු මද්‍යසාරමය. වැඩි ප්‍රමාණ වලින් ගත් කල බියර් සහ වයින් වලත්, අරක්කු, විස්කි වැනි සැර මත්පැන් වර්ග වලත් සම මට්ටමෙන් මද්‍යසාර පවතින බැවින් එකම ප්‍රමාණයට මත් වේ.

    04)

    වැරදි මතය : කෙනෙකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදා ගැනීමට සැලැස්විය යුතුය.

    නිවැරදි තතු : යම් කෙනෙකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහි මූර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවෙකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය.

    එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය.

    05)

    වැරදි මතය : මද්‍යසාර ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

    නිවැරදි තතු : මද්‍යසාර වලින් ලිංගික හැඟීම් ඇති වුවද ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව අඩු කරයි.

    මද්‍යසාර අපගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නොවේ. එය තවත් ඛේදවාචයකට මුල පිරීමක් පමණි. ඔබගේ ජීවිතය ඉතා අගනේය. එයට ඉහළම වටිනාකමක් දෙන්න බුද්ධිමත්ව සිතන්න, වගකීමෙන් ක්‍රියා කරන්න.

    06)

    වැරදි මතය : මද්‍යසාර නිසා හෘදයාබාධ අඩුකරයි.

    නිවැරදි තතු : ශරීරයට ඇල්කොහොල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එය අප ලබාගන්නා ආහාර වලින් ලැබෙනු ඇත.

    මද්‍යසාර තුළින් සිරුරට ඇල්කොහොල් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැත.

    07)

    වැරදි මතය : මද්‍යසාර භාවිතය මිතුරන් සමග විනෝද වීමට යොදා ගැනීම.

    නිවැරදි තතු : විනෝද වීම සඳහාත් සිරුරට අහිතකර මද්‍යසාර ලබාගැනීමට වඩා හොඳ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සමාජ සේවා වැනි නොයෙක් දේ ඇත.

    තොරතුරු : සෞඛ්‍ය අමාත්‍යංශය
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    04)

    වැරදි මතය : කෙනෙකු වැඩිපුර මද්‍යසාර පානය කිරීම නිසා සිහි මුර්ජා වුවහොත් ඔහුට නිදා ගැනීමට සැලැස්විය යුතුය.

    නිවැරදි තතු : යම් කෙනෙකු වැඩිපුර මධ්‍යසාර පානය කිරීම නිසා සිහි මූර්ජා වුවහොත් ඔහුට කළ හැකි බරපතළම හානිය නම් කිසිවෙකුගේ අවධානය යොමු නොවන තැනකට රැගෙන ගොස් නිදාගැනීමට සැලැස්වීමය.

    එම මද්‍යසාර ප්‍රමාණය ඔහුගේ දිවි තොර කිරීමට තරම් ප්‍රමාණවත් වන බැවින් ඔහුව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතා වැදගත්ය.
    mekanam wadagath
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා නම් දන්නෑ බං.. ඒ කාලෙ නම් බිව්වා ඩේලි..
    දැන් නම් ඉදලා හිටලා අනුමත වෙනවා..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    According to our so called 'health experts' in government organizations, weed is considered a very dangerous drug :lol::lol: But nowadays both western and eastern sciences suggest it can be used to gain many health benefits and some developed countries have legalized it too! I wonder where does NDDCB and MOH stand now:lol: So never trust the propaganda from Health ministry. Better look for some independent source
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලඟ පිකප්
    තැපැල්
    වතුර වගේ

    මේව මොනාද එතකොට
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    08)

    වැරදි මතය

    නියම පිරිමියෙක් වීමට මද්‍යසාර සුළුවෙන් හෝ ගතයුතුය

    නිවැරදි තතු :

    එසේ නම් මද්‍යසාර පානය කරන ගැහැණුන්ද පිරිම් විය යුතුය
    :lol::lol:

    අවවාදයයි
    බේබද්දන්ට මේ ට්‍රේඩ් එක වහකදුරු විය හැක
    :lol::lol:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    According to our so called 'health experts' in government organizations, weed is considered a very dangerous drug :lol::lol: But nowadays both western and eastern sciences suggest it can be used to gain many health benefits and some developed countries have legalized it too! I wonder where does NDDCB and MOH stand now:lol: So never trust the propaganda from Health ministry. Better look for some independent source

    http://www.businessinsider.in/science/health/23-medical-uses-of-marijuana/slidelist/34015634.cms

    It-can-help-eliminate-nightmares.jpg

    හැබැයි ඉතිං හොදම බඩු වෙන්න ඕන අනං මනං කලවං කරපුවගෙන්නම් වැඩක් නෑ