මදුරු කොයිල් දුම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මේ දුම කැන්සර් වලට හේතුවක්ද? දැන ගන්න ලොකු ඕනේ කමක් තියේ. වැඩ කරන වෙලාවට මාත් ලේසියට පත්තු කරනවා. දන්න උන් කමෙන්ට් කරපල්ලකෝ



    image_5bd959f98d.jpg

    ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් හේතුකොටගෙන රෝග බහුලවීම නිසා අද මදුරු කොයිල් භාවිතයත් ඉහළ ගිහින්. නමුත් මේ මදුරු කොයිල් හේතුවෙන් ඇදුම මුල්කරගෙන ශ්වසන රෝග තත්ත්වයන්ද නොසිතූ විරූ මට්ටමට ඉහළ යන බවයි වාර්තා වෙන්නේ. ඩෙංගු ඇතුළු මදුරූ රෝගවලින් බේරෙන්න ගිහින් පෙනහළු ඇතුළු ශ්වසන පද්ධතිය අක්‍රිය කර ගැනීම ඉඟුරූ දී මිරිස් ගත්තා වගේ වැඩක්. මදුරූ කොයිල් දුම ඇතුළු අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඉහළ යන ඇදුම ගැන අද කතා කරමු.

    මොකක්ද මේ ඇදුම?
    නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙනයන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ශ්වසන නාලිකා ලෙස හඳුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුළට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප‍්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හඳුන්වන්නේ මෙයයි.

    මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවාද?
    • විටින් විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව
    • පපුවේ රාං රූං ශබ්දය
    • පපුවේ තද ගතිය
    • කැස්ස
    • ඉහත කුමන හෝ රෝග ලක්ෂණයක් නිසා රාත‍්‍රියේ නින්දෙන් අවදිවීම.
    කුඩා දරුවෙක් ක‍්‍රීඩාවල යෙදෙද්දී කැස්ස ඇතිවේ නම් ඔහුට හෝ ඇයට ඇදුම රෝගය තිබිය හැකියි.

    ඇදුමට බලපාන සාධක
    image_b132818776.jpg

    ඇදුම උත්සන්න වීමට පාරිසරික හේතු රැසක්ම බලපායි. මේ එයින් කිහිපයකි.
    • ලොම් සහිත හෝ පිහාටු සහිත සතුන් නිවස තුළ හෝ ඒ ආශ‍්‍රිතව ඇති කිරීම. ඔවුන්ගේ පිහාටු ලොම් ආදිය ශ්වසන මාර්ග ගතවීමෙන් රෝගය උත්සන්න විය හැකියි.
    • දුම්පානය සහ සිගරට් දුමට ගොදුරු වීම ප‍්‍රධාන සාධකයකි.
    • මදුරු කොයිල් දුම තවත් ප‍්‍රධානම සාධකයකි.
    • පරිසරය දූවිලි සහ දුම් සහිත වීම.
    • විෂ දූවිලි තට්ටු බැඳුණු විදුලිපංකා සහ වායුසමීකරණ යන්ත්‍ර
    • දූවිලි පිරුණු කාමර, අපිරිසුදු ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, බිම් පලස්, තිර රෙදි තුළ ඇසට නොපෙනෙන සතුන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ අපද්‍රව්‍ය ඇදුමට මුලකි.
    • කැරපොත්තන් වැනි කෘමීන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය කොටස්.
    • මල් පරාග රේණු ආදිය රෝගය උත්සන්න කරයි.
    • පිදුරු සෙවිලි නිවාස, පිදුරු මෙට්ට, පිදුරු ගොඩවල් ආදියේ පවතින දිලීරවල බීජානු ප‍්‍රධාන හේතුවකි.
    • සමහර ඖෂධ වර්ග

    ඇදුම ගැන පුදුම කතා
    ඇදුම බෝ නොවන රෝගයකි. ඒ නිසා රෝගියකු ස්පර්ශයෙන් මෙය බෝවන්නේ නැත. මෙය නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකිය. පාරිසරික හේතු මෙන්ම පාරම්පරිකවද මෙය හටගනියි. එකම පවුලේ අයට පීනස, දද, කුෂ්ඨ ඇතැම් ඖෂධ සහ ආහාර විෂවීම වගේම ඇදුම රෝගයද පැවතිය හැකිය. නිට්ටාවට සුව කළ නොහැකි වුවත් ඇදුම පාලනය කළ හැකියි. රෝගය සමඟ හොඳින් ජීවත්වීමටත් ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීමටත් හැකියි.

    ප‍්‍රතිකාර තියෙනවාද?
    රටපුරා සෑම රෝහලකම ඇති ශ්වසන සායනයට ගොසින් රෝගය හඳුනාගන ප‍්‍රතිකාර ගත හැකියි. ලංකාවේ ශ්වසන රෝග විශේෂඥයන් 35ක් පමණ සිටිති. රෝගයට ඇති බයත් ඇදුම රෝගියකු යැයි කියන්නට ඇති ලැජ්ජාවත් නිසා ඉදිරිපත් නොවී සිටීම මරු කැඳවන්නකි.

    ඇදුම ගැන ලොකුම මිථ්‍යා
    ඉන්හේලර් හැමෝටම අවශ්‍ය වන්නේ නැත.

    බොහෝ අය හිතන්නේ හැමෝටම ඉන්හේලර් දෙන බවයි. නමුත් එය එසේ නොවේ. මේ රෝගය ලජ්ජාවට කරුණක් නොවේ. ඉන්හේලර් භාවිතයද ලජ්ජාවට කරුණක් නොවේ. රෝගය ඇති අය අතර හොඳ ලෝක ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයෝද වෙති. ඇදුම නිසා දරුවන් ක‍්‍රීඩාවලින් ඈත් කිරීම වරදකි. ඔවුන්ට ඇදුමත් සමග ජීවත්වීමට ඉගැන්විය යුතුයි.
    • සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක
    • ඇදුම හදන ලොකුම හේතුවත් මදුරු කොයිල්
    • හුඟක්ම අමාරුවේ වැටෙන්නේ බොරු ලජ්ජාව නිසා
    • දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර ලංකාවත් පෙරමුණේ
    • ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩියි
    • දුම්පානයත් ප‍්‍රධානම හේතුවක්
    • වායු දූෂණය සමග ඇදුම රෝගීනුත් ඉහළට


    උපදෙස්:
    කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ
    වෛද්‍ය ඒෂාන්ත පෙරේරා
    සමීක්ෂණ වාර්තා:
    කොළඹ මධ්‍යම උරස් සායනයේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය
    කීර්ති ගුණසේකර



    ඉස්සුවේ මේකෙන්
    ඔබන්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මදුරු කොයිල් දුම නම් අනිවා, සිග‍රට් බොන එකා බොන්නෙත් එලියට වෙලා නිසා අදින ටික විතරයි ඇතුලට
    මදුරු කොයිල් කාමරේ පත්තු කරලා මදුරුවෝෙ එනවා කියලා දොර ජැනෙලුත් වහගෙන ඉන්නේ, ටික වෙලාවකින් කාමරේ දුම් කුටියක් වගේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හොඳ නෑ.මට හතිය තියෙනවා.මදුරු කොයිල් දුමට වැඩි වෙනවා කියල තේරිලා තියෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මදුරු කොයිල් වලට දැන් මදුරුවෝ යන්නේ නෑ.. උන් ආසවට ඇදිල එනවා මිසක් :baffled:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Ubata pagiri smell eka aulak nathnm pagiri thel udata dala yatin paththu karanna podi pahanak aragena room eken tiyaganin. Maduruwo enne na.

    Ekama aula pagiri thel ikmanata iwara wenawa. Podi kuppiyak 130kda khda
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මදුරු කොයිල් සිගරට් වලට වැඩිය විසයි, මොකද සිගරට් වල දුම්කොළ නේ පුච්චන්නේ. අරවයේ කෙලින්ම නරක රසායන ද්‍රව්‍ය.

    ඔය ඔක්කොටම වැඩිය නගරයක වාහන වලින් පිට වෙන දුම හොඳ නැහැ. ගොඩක් දුම තියෙන ඉන්දියාවේ සමහර නගර වල පාරක දවසක් හිටියොත් සිගරට් 100 බිව්වා හා සමානයි ලු.
     
    • Like
    Reactions: animation