මදුරු නාශක හදුනාගන්න

saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    මදුරු නාශක හදුනාගන්න

    ලේ උරාබී වැඩෙන සත්තු පරපෝෂිතයෝ ලෙස හඳුන්වති. අප අවට පරිසරයේ ජීවත් වන මදුරුවා හෝහපුටුවා, මැක්කා, කූඩැල්ලා සහ මකුණා අපෙන් ලේ උරාබී වැඩෙන පරපෝෂිත සත්තු වෙති. මේ සතුන් අතරින් මදුරුවාට විශේෂ අවධානයක් යොමුවී ඇත. ඌ පරපෝෂිතයෙක් මෙන් ම රෝග වාහකයෙක්. අප සමාජයේ පැතිර ඇති මැලේරියාව, ඩෙංගු, මොළයේ උණ සහ මේ ළඟදී වාර්තා වී ඇති චිකුන් ගුන්යා වැනි රෝග මදුරු වර්ග වහනය කරන රෝග වෙයි. මැක්කා, මකුණා සහ කූඩැල්ලා ලේ උරා බීවත් උන් පතුරුවන රෝග ගැන වාර්තා නොවේ.ඇයි මදුරුවා රෝග පතුරුවන්නේ? මෙය විද්‍යාත්මක මෙන් ම සමාජීය ප‍්‍රශ්නයකි. මදුරුවාගේ ගැහැනු සතා පමණක් පරපෝෂිත වෙයි. පිරිමි සතා ජීවත් වන්නේ ශාක යුෂ උරාබීමෙන් ය. ලේ උරාබොන නාලය ඉතා ම සිහින් එකක්. මෙබඳු සිහින් නාලයක් මගින් උකු ලේ උරාබීමට අපහසු ය. ලේ උරාබොන තැන තිබෙන ලේ තරමක් දියාරු කිරීමට ඌ එක්තරා උපක‍්‍රමයක් යොදා ගනී. ලේ උරාබීමට පෙරාතුව යම් තැනකට විද්ද වහාම උගේ නාලය මගින් ලේ දියාරු කරන රසායනයක් ඇඟට විදී. මෙම රසායන සංයෝගය හඳුන්වනු ලබන්නේ හෙපරින් යන නමිනි. කූඩැල්ලා ඇතුළු ඇඟට විදින රසායන ද්‍රව්‍යය හිරුඩින් යන නමින් හැඳින්වෙයි.හෙපරින් ශරීරයට විද්ද වහාම එතැන යම් අසාත්මික රෝග ලක්ෂණ පහළ වෙයි. කැසීම, ඉදිමීම පළු දැමීම ඒ රෝග ලක්ෂණ වෙයි.


    මදුරු ‘කෙලත්’ සමඟ රුධිරයට එක්වෙන්නේ හෙපරින් පමණක් නොවේ. මැලේරියාව ඩෙංගු, බරවා ආදී රෝග කාරකයන්ද ශරීරයට ඇතුළු වෙයි. ඇත්ත වශයෙන් මෙම රෝග කාරකයක් ශරීරයට ඇතුළු නොවේ නම් මදුරුවකු දෂ්ඨ කිරීමට මාරාන්තික නොවේ. කූඩැල්ලෙක්, මකුණෙක්, උකුණෙක් රුධිරය උරාබීම ලොකු ප‍්‍රශ්නයක් නොවේ.මෙම රෝග කාරක පරපෝෂිතයින් සැඟවී සිටින්නේ ගෑනු මදුරුවාගේ ;ඛ්ට ග‍්‍රන්ථිවල ය. නාලය මගින් කළ නිකුත් කරන වහාම ඒ සමග පරපෝෂිතයන් ද දෂ්ඨ කළ තැනැත්තාගේ රුධිරයට එක්වෙයි. මැලේරියා පරපෝෂිතයාගේ ජීවන චක‍්‍රය උසස් පෙළ සත්ව විද්‍යා පාඨමාලාවට ඇතුළත් වෙයි. මෙලෙස රුධිරයට එකතු වන පරපෝෂිතයා අපේ අක්මාවට ඇතුළු වී ශීඝ‍්‍ර ලෙස වර්ධනය වී අනතුරුව ශරීරය පුරා පැතිර රෝගය ඇති කරයි. මදුරුවා කරන්නේ එක රෝගියකුගෙන් තව රෝගියෙකුට රෝගය පැතිර වීමයි.


    මදුරුවාහකයා විනාශ කිරීම, මැලේරියා, ඩෙංගු හෝ බරවා ආදී රෝග පාලනය කිරීමට ඇති හොඳම මඟ බව පෙනේ. මෙය කළ හැක්කේ කෙලෙස ද? පුදුමයකට මෙන් රෝග කාරක මදුරුවෝ ඝර්ම කලාපයේ සිට ශීීත ආර්ටික් කලාපය දක්වා පැතිර සිටිති. එහෙයින් මෙම ගැටලුවට භාජනය වී ඇත්තේ ශී‍්‍ර ලංකාව ඇතුළු ඝර්ම කලාපය රටවල් පමණක් නොව ලොව සෙසු රටවල් ද ඊට අදාළ වෙයි.මදුරුවා විනාශ කිරීම හෝ පාලනය කළ හැක්කේ කෙලෙස ද? භෞතිකවම මදුරුවා මරා විනාශ කිරීම එක් ක‍්‍රමයක් වෙයි. මදුරු නාශක මෙම කාර්යය ඉටුකිරීමට නිපදවා ඇති රසායන සංයෝග වෙයි. වර්ෂ 1950 ගණන්වල නිපදවන ලද ඩී. ඩී. ටී. මදුරු නාශකය ඉතා සාර්ථකව මදුරුවන් විනාශ කිරීමට යොදා ගන්නා ලදී. එහෙත් අභාග්‍යයකට මෙන් එම රසායන පරිසරයේ රැඳී විශාල හානියක් සිදු කළ නිසාත් එයට ඔරොත්තු දෙන මදුරු වර්ග බෝවීමත් නිසා ඩී ඩී ටී භාවිතය නවත්වන ලදී. මැලතියන් නම් රසායනය ඊළඟට සාර්ථකව මදුරුවා විනාශ කිරීමට යොදා ගත්තේවුව ද ඉන් ජනිත වන දුගඳ නිසා මැලතියන් එතරම් ජනපි‍්‍රය නොවී ය.


    මදුරු නාශකයක් ලෙස අද ජනපි‍්‍රයව ඇත්තේ පිරිත්ති‍්‍රන් නම් රසායනික ද්‍රව්‍යයයි. අපි‍්‍රකාවේ වැඩෙන පිරිත්ති‍්‍රන් ශාකයේ මල්වලින් ලබාගන්නා මෙම සාරය සාර්ථකව මදුරුවා විනාශ කරයි. පරිසරයේ දී ඛාදනය වන නිසා පරිසර හානියක් සිදු නොවේ. එයට ඔරොත්තු දෙන මදුරුවෝ ජනිත නොවෙති. මල් කඩා ඒවා කාබනික දියරයක දමා කැලැත්තීමෙන් පිරිත්ති‍්‍රන් වෙන්කර ගනී. අප ශී‍්‍ර ලංකාවේ වැඩෙන දාස්පෙති මෙම පවුලට අයත්ය.ඉල්ලුම වැඩි නිසා ම ස්වාභාවික පිරිත්ති‍්‍රන් සැපයුම සීමා සහිත ය. අද බොහෝදෙනා මෙම රසායනිකයේ අනුකරන සාර්ථකව යොදා ගනී. මදුරු දඟරවල සහ ඉසින සහ විසිරන ද්‍රව්‍යවල අඩංගු ඇලත්ති‍්‍රන්, පෙ‍්‍රාමිත්ති‍්‍රන්, ඉමිපෙ‍්‍රාත්තින් මෙලෙස සාදන ලද අනුකරණ රසායන සංයෝග වෙයි. අද වෙළෙඳපොළේ ඇති මදුරු නාශක ලේබල් කියවන විට මෙම සකි‍්‍රය ද්‍රව්‍ය අඩංගු බව පෙනේ.නිසල ජලයේ බිත්තර දැමීමෙන් මදුරුවා බෝවෙයි. එම නිසා නිශ්චල දිය කඩිති පොල් කටු, කුරුම්බා පොතු, සහ ටයර් වැනි ජලය රැඳී සිටින සාධක විනාශ කිරීමෙන් මදුරුවා බොහෝදුරට පාලනය කළ හැක.මදුරුවා මිනිසා සොයා එන්නේ කෙලෙස ද? මේ පිළිබඳව පර්යේෂණ රාශියක් කර ඇත. මදුරුවා ලේ උරා බොන මිනිසා වැනි අය තුළ ඇත්තේ උණුසුම් ලේ වෙයි. මෙම තාපය ඔස්සේ මදුරුවා ඕනෑම අඳුරු රැයක මිනිසා සොයා ගනී. අපේ කන්පෙති ඇඟට වඩා උණුසුමෙන් වැඩිය මදුරුවා කණ වටා කරකැවෙන්නේ මෙම තාපය පිටවීම හේතුවෙනි. මදුරුවාට ශබ්දයක් කළ නොහැක. කෑගසන ශබ්දයක් ලෙස ඇසෙන්නේ වේගයෙන් චලනය වන පියාපත් ගැටුමයි.


    ඇඟෙන් පිටවන ඩහදිය ගඳ සහ කාබන්ඩයොක්සයිඩ් වාට්ටු ද මදුරුවා ආකර්ෂණය කරයි. වැල්ලේ සැඟවී සිට සතෙක් එනතුරු බලා සිටින මැක්කෝ එළියට එන්නේ සතාගෙන් පිටවන එම වායුව ඔස්සේ ය. පර්යේෂණ අනුව එම පැටවු සැඟවී සිටින වැලි මතට කාබන්ඩයොක්සයිඩ් වායුව අල්ලන විට උන් එළියට ඇදී එනු දක්නට ඇත. කකුලේ ඇඟිලි අතර තිබෙන කුණු සහ ගඳත් මදුරුවා ඇදගන්නා සාධක වෙයි. වාඩිවී සිටින විට නිතරම කකුල්වලට මදුරුවන් දෂ්ට කරන්නේ එම ගඳ ඔස්සේ ගොදුර සොයා එන මදුරුවන් විසින් ය. ඒ ඒ තැනැත්තා අනුව ද මදුරු ආකර්ෂණය වෙනස් වෙයි. එක ම තැනක සිටින විට ඇතැම් අය මදුරු දෂ්ඨනයට ලක්වන අතර තවත් තැනැත්තෙක් නිරුපද්‍රිතව සිටී.මදුරුවාගේ ඉව මකන රසායන ද්‍රව්‍ය ද ඇත. මේවා හම මත ආලේප කිරීමෙන් ඉව පාර ආවරණය වෙයි. මදුරුවාට මං වරදී. ලංකාවේ ඇති පැඟිරි තෙල් එවැනි දෙයකි. කණවටා සහ ඇඟේ නිරාවරණය වූ තැන්වල පැඟිරි තෙල් ආලේප කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. පැය කීපයකට පසු මෙම පැඟිරි තෙල් වාෂ්ප වී යන නිසා ඒවා යළිත් ආලේප කළ යුතුය. පැඟිරි තෙල් අඩංගු ඖෂධාලේප වර්ග හම මත ආලෝප කිරීමෙන් ද සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.


    ප‍්‍රබල මදුරු විකර්ෂණ රසායන ද්‍රව්‍යයක් හැඳින්වෙයි. මෙම සංයෝගය අඩංගු ආලේපන අද වෙළෙඳපොළේ ඇත. ස්වල්පයක් ඇඟ මත ආලේප කිරීමෙන් පැය ගණනක සහනයක් ලබාගත හැකි ය. බොහෝ මදුරු දඟරවලත් මෙම රසායනය අඩංගු ය. ඇතැම්විට මෙය ශරීර සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බැවින් අනවශ්‍ය ප‍්‍රමාණයෙන් ඇඟ මත ආලේප කිරීමෙන් වැළකී සිටිය යුතු ය.මදුරු දඟරයක් කි‍්‍රයා කරන ආකාරය ද මෙම ලිපියෙන් විස්තර කළ හැක. මදුරු දඟරය සාදා ඇති ප‍්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ පොල් කඩු කුඩු හෙවත් පිටි වෙයි. එයට මැලියම්, වර්ණක සහ දහනය පාලනය කරන රසායන සංයෝග කර, අනුමත කරන ලද මදුරු විකර්ෂණ සහ නාශක රසායන සංයෝගත් එකතු කර ඇත. එය තලපයක් සේ අනා අච්චුවක් මගින් දඟරයක් බවට පත් කරයි. වේලාගත් පසු ගබඩාකර තබා ගත හැකිය. දහනය වීමේ දීී මෙය කි‍්‍රයා කරන්නේ හඳුන්කූරක් ලෙස ය. ගිනි පුලිඟුවේ තාපය නිසා දුම් සමඟ සකී‍්‍රය රසායන ද්‍රව්‍යය වාෂ්ප වී පිටවෙයි. මදුරු නාශකයක් හෝ විකර්ශණයක් ලෙස කි‍්‍රයා කරන්නේ මෙම රසායන සංයෝගයි. ඒවා දැවී නොගොස් වාෂ්ප ලෙස ඉවතට ඒම වැදගත් ය. දැවී යයි නම් පලක් නැත.

    (Internet)
     
    • Like
    Reactions: danushka_hansaka