මදූෂ් නිදහස්... ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක

chw123

Active member
  • Apr 4, 2008
    119
    66
    28
    මදූෂ් නිදහස්... ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක

    ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් නිදහස් වනු ඇති බවට සමාජජාලා මාධ්‍ය වල මත පලව තිබෙනවා.

    ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන් වනවා.
    එම රුධිර පරීක්ෂණයෙන් පසුව පාතාල නායක මාකඳුරේ මදුෂ් ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක් බවට අනාවරණය වී තිබෙන බවද එම වාර්තාවන්ගේ සදහන්.

    කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්පී අමල් පෙරේරා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවද මෙම වාර්තාවන්ගෙන් හෙළිවූ බවද සදහන්.

    මේ බව පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතායි.

    ශ්‍රී ලංකාවේ විශාලතම අපරාධකරුවෙක් සහ ජාවාරම්කරුවෙක් වූවද ඩුබායිහි අපරාධයක් සදහා මදූෂ් හසුව නැති නිසා මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන බවද කියවේ.

    නියෝමාල් රංගජීව මහතාගේ කමෙන්ටුව පහතින්

    source
    https://www.lankahotnews.net/2019/02/makadure-madush-and-amal-perera.html