මධ්‍යසාර බදු අඩුකරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ.

    ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිවය.

    එමෙන්ම පෞද්ගලික මධ්‍යසාර බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් අය නොකිරීමටත් මේ යටතේ ඩුබායි පාලනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඩුබායි හි මධ්‍යසාර අලෙවිය මත පනවා තිබූ සීමා රැසක් ඉවත්කිරීමට බලධාරීන් මීට පෙරත් පියවර ගනු ලැබීය.

    රාමසාන් උපවාස සමයේ පවා දිවා කාලය තුළ මධ්‍යසාර අලෙවියට අවසර දුන්නේ ඒ යටතේ ය.

    එමෙන්ම අවශ්‍ය ස්ථාන වෙත මධ්‍යසාර ප්‍රවාහනයටත් මේ මගින් අවසර දී තිබුණි
     
    • Like
    Reactions: PrasangaSPerera