මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය &#3482

sahanhr

Member
May 13, 2007
81
14
0
40
Piliyandala
මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය &#3482

මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෘදුකාංග නිර්මාණය සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයකු ද වෙයි. සුප්‍රකට මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර එම සේවා නොමිලේ ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවාදරයට පත්විය. 1980 මාර්තු 23 වැනි දින මාතර දි උපත ලද මධුර කුලතුංග පවුලේ එකම දරුවාය. ඔහු සිංහල බෞද්ධයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මධුර කුලතුංග ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි. ඔහු "මයික්‍රෝසොෆ්ට් සහතික ලත් පද්ධති ඉංජිනේරු" වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.

ඉංග්‍රීසි භාෂාව භාවිතයට යොමු වූ මුල් අවධියේ ඔහුට විවිධ අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය. මෙය දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන පොදු ගැටලුවකි. මෙවැනි අවස්ථා වලදී ඔවුහු සම්ප්‍රදායික මුද්‍රිත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ පරිහරණයට හුරුවී සිටියද ඒ සඳහා අධික කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදු වන බව මධුර කුලතුංග විසින් අවබෝධ කර ගැනිණි. මෙම අභියෝග ජය ගැනීම සඳහා වචන වල තේරුම ක්ෂණිකව ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂයක් නිපදවීමට ඔහු අදිටන් කළේය.

මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය 2002 නොවැම්බර් 23 වැනි දින සිට ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. පසුව එම ශබ්දකෝෂය "මධුර ඔන්ලයින්" නමින් අන්තර්ජාලයට ඇතුලත් කරමින් ඔහු ලොව ප්‍රථම ඔන්ලයින් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරුවා බවට පත් විය. ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය මේ වන විට ශිෂ්‍යයින්ට සහ වෘත්තිකයින්ට තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදීද අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්විය.

ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ පහසුකම් ඉතා අඩු මට්ටමක පැවති යුගයක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මධුර කුලතුංග විසින් කරන ලද මෙම නිර්මාණය ඉතිහාස ගත වනු ඇත. මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සදහා ඇති වෙළඳපොළ වටිනාකම අවබෝධ කරගත් ව්‍යාපාරික ආයතන කිහිපයක් ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කරමින් සමස්ත නිර්මාණයේ අයිතිය මිලදී ගැනීමට උත්සාහ කරන ලදී. සියල්ල මුදලට විකිණෙන කාලයක එම ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මධුර කුලතුංග තම නිර්මාණයේ අයිතිය තමා සන්තකයේම රඳවා ගනිමින් ඉදිරියටත් තම සේවා නොමිලේ ලබා දීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට හේතු විය.

මධුර කුලතුංග විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට කරන ලද නිර්මාණශීලී දායකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඇගයිනි. මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුලු විද්වතුන් රාශියකගේ සහභාගීත්වයෙන් 2009 සැප්තැම්බර් 2 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලයේ පැවති "සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය" සඳහා දේශණයක් පැවැත්වීමට මහාචාර්ය ගිහාන් ඩයස් විසින් මධුර කුලතුංග වෙත ඇරයුම් කරන ලදී. එම ආරාධනය පිළිගත් ඔහු සම්මන්ත්‍රණය අමතමින් සිදු කළ දේශණය සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක් වුනි.

අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව නොතිබුණු මුල් අවධියේ සංයුක්ත තැටි මඟින් ජනතාව අතර බෙදා හරින ලද මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය, ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග මේ වන විට මිලියන ගණනක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත. ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන "මධුර ඔන්ලයින්" ශබ්දකෝෂය දිනකට 50,000 කට අධික පිරිසක් භාවිතා කරති. ජංගම දුරකථන සඳහා නිපදවූ "මධුර ඔන්ලයින්" ඇන්ඩ්‍රොයිඩ් වැඩ සටහන ද මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇත.

මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය වචන 230,000 කට අධික ප්‍රමාණයකින් සමන්විතය. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල පාරිභාෂික පද සොයා ගැනීමේ පහසුකම් සැලසෙන අතර, මෙය විද්‍යාකෝෂයක් ලෙසද භාවිතා කළ හැකිය. ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම සහ සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම සොයා ගැනීමට පුලුවන. වයිල්ඩ්කාඩ් අක්ෂර වන තරු ලකුණ සහ ප්‍රශ්නාර්ත ලකුණ භාවිතා කරමින් වචන සෙවීමේ හැකියාව ඇත. මෙම සියලුම සේවාවන් http://www.maduraonline.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.


Newspaper articles:

Madura's moxie : Sunday Observer - Youth Observer : 17-May-2015 : Page 8-9
http://www.sundayobserver.lk/magazine/2015/05/17/art.asp?id=/magazine/2015/05/17/pg08_0&h=&pt=t

Madura Kulatunga, a commendable contribution : The Island - Watchout : 24-May-2015 : Page 15
http://www.island.lk/modules/modpicturegallery/gallery_pictures/143238465615.jpg

Madura's story : The Nation - insight : 21-June-2015 : Page i10
http://nation.lk/online/2015/06/20/maduras-story/

A humble success story Madura Kulatunga : Daily Mirror - Features : 15-July-2015 : Page A12-A13
http://epaper.dailymirror.lk/epaper/showlink.aspx?bookmarkid=574G9XDI0YT4

Effectively bridging the language gap : Ceylon Today - Hello : 26-July-2015 : Page 2
http://www.ceylontoday.lk/thumb/epaper-images/50096.jpg

'මේ වෙනකොට ලක්ෂ නවයක් මධුර ශබ්දකෝෂය බාගත කරගෙන' මධුර කුලතුංග : Dinamina - Features : 08-August-2015 : Page 20
http://epaper.dinamina.lk/art.asp?id=2015/08/08/pg20_3&pt=p&h=

Madura Kulatunga's Notable Achievements : The Sunday Leader - Weekend Leader : 30-August-2015 : Page 2
http://www.thesundayleader.lk/2015/08/30/madura-kulatungas-notable-achievements/

මධුර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග : Silumina - Guru Gedara : 27-September-2015 : Page 39
http://www.silumina.lk/epaper/art.asp?id=2015/09/27/pg39_0&pt=p&h=

The generosity of Madura Kulatunga : Sunday Times - Education Times 2 : 27-September-2015 : Page 4
http://sundaytimes.newspaperdirect.com/epaper/showlink.aspx?bookmarkid=BH0Z2NX5EHN6

ඉංග්‍රීසි භාෂාව සිංහලයට සමීප කළ "මධුර" : Rajina - Loka Lama Dinaya : 02-October-2015 : Page 23
http://www.lakbima.lk/oldpapers/rajina/2015/october/2015.10.02.pdf

ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය තුළින් ඉංග්‍රීසි සිංහලට සමීප කළ මධුර : Divaina - Features : 18-October-2015 : Page X
http://www.divaina.com/2015/10/18/feature03.html

යටත්වීම වෙනුවට සටන් කිරීමෙන් උපන් මධුර ශබ්දකෝෂය : Irudina - Pitu 8 : 18-October-2015 : Page VIII
https://fbcdn-sphotos-g-a.akamaihd....5_10153624684064976_1092705915489427533_o.jpg

The Story Behind 'Madura' : The Sunday Leader - Business : 01-November-2015 : Page 28
http://www.thesundayleader.lk/2015/11/01/the-story-behind-madura/

Radio programs:

මධුර හදපු මධුර : RanOne FM - Negena Era : 13-November-2015 : Time 08:00 AM
https://www.youtube.com/watch?v=k_hzp37PSIU

Contact details:

Madura Kulatunga
Address: 313/4/C, Gonamaditta Road, Piliyandala.
Mobile: 077-7310147
Telephone: 011-2615151
https://www.facebook.com/madurakulatunga
 
  • Like
Reactions: GuneBhai

sika2

Well-known member
  • Nov 15, 2013
    3,704
    2,568
    113
    නිධානයක් උඩ
    කොම්පුටර් එකක් ෆොර්මැට් කලාට පස්සේ මුලින්ම දාන සොෆ්ට්වෙයා එකක් තමයි මදුර කියන්නේ..