මධුසමයත් සමාජගතකරන
මෙය කියවන ඔබ මවක් විය හැකිය. ඇතැම් විටෙක ඔබට දියණියක් ද සිටිය හැකිය. යම් කිසි දිනක ඇය සොඳුරු මනාලියක් වන්නේය. ඒ දිනය දියණියකගේ ජිවිතයේ සොඳුරුම දිනය වනවා සේම මවකගේ ජිවිතයේ වැඩිපුරම සතුටු වන දිනය වන වග ද නිසැකය. ඉතින් ඔබේ අතට බුලත් හුරුල්ලක් දී.. ඔබේ දෙපා වැඳ මංගල ගමනට පිටව යන ඔබේ දියණියගේ මංගල රාත්‍රියේ ජායාරුප ( Photo ) පෙළක් පසුදින අන්තර්ජාලයේ දැක ගන්නට සිදුවුවහොත් ඔබට කුමක් වේවිද ? ඇගේ මංගල රාත්‍රියේ ජායාරුප මිතුරු මිතුරියන් අතර හුවමාරු වුවහොත් ඇයට කුමක් වේවිද ?
සමහර විටෙක එවැන්නක් සිදු නොවෙතැයි ඔබ සිතනු ඇත. එහෙත් අප මේ කියන්නට එවැනි සිද්ධියක් පසුපස වූ සත්‍ය කතාවකි. මංගල ජායාරූප ( Photo ) කලාවේ අලුත්ම රැල්ල ලෙස සමාජගත වීගෙන එන විෂබීජයක් පිළිබඳ කතාවකි. නව පරපුර ඒ රැල්ල හඳුන්වන්නේ ” ෆ්‍රී ෂුට් ” ලෙසය. මංගල දිනයට පෙර දින කිහිපයක් පුරා මනාලයාත් මනාලියත් රංගනයක නිරත කරවමින් මංගල ජායාරූපකරුවන් විසින් ආරම්භ කල ඒ ෆ්‍රී ෂුට් රැල්ල අද වන විට මධුසමයේ අතිශය පුද්ගලික සිද්ධී පවා ජායාරුපයට නැගෙන තරමට නින්දිත තත්වයට පත්ව ඇත්තේය.
මිට වසර කිහිපයකට පෙර දිනෙක මංගල ජායාරුපකරණයේ නිරත පුද්ගලයෙකු විසින් පැවසු කතාවක් මේ.
” වෙඩින් ෂුට් එක ඉවරවෙලා කැමරා අකුලාගෙන අන්න හදද්දී මනමාලයා කියනවා මනමාලිව සිප වැළඳ ගන්න ෆොටෝස් ටිකකුත් අරන් දෙන්න කියලා. මං බැහැ කිවුවා. මේ විදිහට ගියොත් මධුසමය ඉවරවෙනකම් හොටෙල් රුම් එකේ කැමරාව අටවගෙන ඉන්න කාලේ වැඩි ඈතක නෙමෙයි. ”
එදා ඔහු කි ඒ කථාව අද සත්‍ය වී ඇත්තේය. ඒ ඇතැම් ජායාරුපකරුවන් හා මෝඩ නව යුවතිපතීන් එක්ව එවැනි නින්දිත ජයාරූප ගැනීමේ රැල්ලක් මේ වන විටත් නිර්මාණය කොට ඇති නිසාය. එසේ සමාජ ගත වී ඇති සමහර ජයාරූප මනාලියගේ අනුදැනුමක් නැතිව ගත ඒවා වග පැහැදිලිය. නො එසේනම් ඒ තම ආදරණිය බිරිඳගේ අතිශය පෞද්ගලික සිද්ධි ජායාරූප ගතකොට අන්තර්ජාලයට මුදා හරින්නට තරම් පහත මානසික රෝගයකින් පෙලෙන මනාලයෙකු ගේ ක්‍රියාවක් ද විය හැක.
ඉතින් එවැන්නකට වගකිව යුත්තේ කවුරු වුවත් ඔවුන් සාමාන්‍ය ජන ජිවිතයක් ගත කිරීමට තරම් යහපත් මානසික තත්වයකින් පසු නොවන වග පැහැදිලිය. ඔවුන් සිටිය යුත්තේ මානසික රෝහල් තුලය.
මෙවන් නිර්ලජ්ජන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වැරැද්දට කැමරාකරුවන් පමණක් වග උත්තරකරුවන් කල නොහැක. එක් පැත්තකින් ඔවුනට තම වෘත්තියේ වැදගත් ලෙස නියැළෙන්නට වගකීමක් ඇත්තේය. අනෙක් පැත්තෙන් කැමරාවක් ඉදිරියේ හැසිරිය යුත්තේ කෙසේදැයි ජායාරුපයකට හෝ විදියෝවකට පෙනී සිටින්නට අවබෝධයක් තිබිය යුතුය.විශේෂයෙන් තම ආදරණිය සහකාරියව කැමරාවක් ඉදිරියේ නිරුවත් කරන්නට තරම් පහත් මානසිකත්වයක් මනමාලයෙක් ට නොතිබිය යුතුයි. ඒ අනුව සේවා දායකයාත් සේවා යෝජකයාත් යන දෙදෙනාම මෙම සිද්ධියේදී සම සමව චෝදනාව භාරගත යුතුය.
ඉදින් එය ” නව රැල්ල ” යැයි ඇතැම් විටෙක ඔබ ද සිතනවා විය හැකිය. ගුණදම් මෝඩකම් ලෙස සලකන …. ගොන්කම් වීර ක්‍රියා ලෙස සලකන.. අයහපත් සියල්ලට ” රැඩිකල් ” වචනය ආරෝපනය කල විෂම සමාජ රටාවක පුරුක් ලෙස .. එසේ නව පරපුරේ දරුවන් සිටිනවා නම් ඔවුනට සමාව දිය හැකිය. එහෙත් එසේ නොදන්නාකමට අවමානයට පාත්‍ර වන දරුවන් යහමඟට ගැනීමේ වගකීම ඇත්තේ මවුපියන් වූ ඔබට ය. ඒ සඳහා ඔබ ඔවුන්ගේ සියළු තීන්දු තීරණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
විශේෂයෙන් විවාහ මංගල්‍යක් වැනි වැදගත් අවස්ථාවකදී සිදුවන සියලු සංසිද්ධීන් සඳහා අත්දැකීම් බහුල වැඩිහිටියන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් ය. එවැනි අවස්ථාවදී නොදන්නාකමට හෝ දරුවකු විසින් සිදුවන ඕනෑම වැරැද්දක් දුටු සැනින් එය වැරදි වග පෙන්වා දෙන්නට මව්පියන් ලෙස ඔබට සවිමත් කොන්දක් තිබිය යුතුය. ඒ සඳහා ඔබට අයිතියක් ද ඇත්තේය. ඔබ ඒ අයිතිය නොසලකා හරිය හොත් මිට වසර මිලියන ගණනකට පෙරාතුව කොළ ඇත්තෙන් විලි වසාගෙන කැලයෙන් එලියට පැමිණ අපි තිරිසන්නුන්ගෙන් ඈත වනචාරි යුගයකට නිරුවතින් ගමන් කරන දවස වැඩි ඈතක නොවන්නේය.
සේයා රූ කලාවේ සභ්‍යත්වය සුරකිමින් ජායාරුපකරණයේ නිරත වන්නට ජායාරුප ශිල්පින් විනය ගරුක වනවා නම් .. තම මව්පියන්ට .. නෑදෑයින්ට හා දරු මුනුපුරන්ටත් සභ්‍යත්වයෙන් රස විඳිය හැකි මට්ටමේ වැදගත් මංගල ජයාරූප ඇල්බමයක් සකස් කරන්නට මනාල යුවල පැහැදිලි තීරණයක් ගන්නවා නම්, ජිවිතයේ අතිශය වැදගත් සිද්ධී සොඳුරු මතක සටහන් ලෙස අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර ගන්නට හැකි වන්නේ.
source http://thewoman.lk/photo-wedding/
මේ නිර්මාණය වන්නේ මධුසමයත් සමාජගතකරන සමාජයක් ද