මධූෂ්ගෙන් පොලිස් ලොක්‌කන්ට තර්ජන
පාතාල ලෝකයේ අපරාධකාරයන් බියෙන් ත්‍රස්‌ත වූ කාලයක් තිබුණේය. ඒ පසුගිය ආණ්‌ඩු සමයේය. එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ගිය පාතාල මර්දන මෙහෙයුම්වලට පිං සිදුවන්නට රටේ පාතාල අපරාධ සියයට සියයකින්ම පහළ බැස්‌සේය.
රටේ නමගිය පාතාල අපරාධකාරයන් බුරුතු පිටින් අවසන් ගමන් ගියේ පාතාල මර්දන මෙහෙයුම්වලදීය. පොලිසියට කොටු නොවී ඉතිරි වූ පාතාල මැරයන් හොර රහසේ ම රට හැර ගියේ තම ජීවිත ආරක්‍ෂා කර ගැනීමටය.
පාතාල අපරාධකාරයන්ගේ තර්ජන ගර්ජනවලින් තොරව තම ව්‍යාපාර කරගෙන යැමට ව්‍යාපාරිකයන්ට එදා හැකියා ව තිබුණේය. පාතාල මැරයන්ගේ හිංසනයන්ට ගොදුරු නොවී ජීවත්වීමට සාමාන්‍ය ජනතාවට ද අවස්‌ථාවක් ලැබී තිබිණි.
එහෙත් මේ වනවිට තත්ත්වය කණපිට පෙරළී හමාරය. පාතාල අපරාධකාරයන් නැවතත් සුපුරුදු ලෙස තම ක්‍රියාකාරකම් කරගෙන යන්නේ පොලිසියට පවා අභියෝග කරමින් ය.
ඊට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ එදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරම්භ කළ පාතාල මර්දන මෙහෙයුම් මුළුමනින්ම නතර කර තිබීමය.
වර්තමාන රජයේ ඇතැම් දේශපාලනඥයන් මේ පාතාල මැරයන් තම සුවච කීකරු ගෝලයන් බවට පත් කරගෙන සිටින බව නොරහසකි. ඒ දේශපාලන ශක්‌තිය රැකවරණය ප්‍රයෝජනයට ගෙන සිටින ඇතැම් පාතාල මැරයන් නොබියව ප්‍රසිද්ධියේම අපරාධ කරන තත්ත්වයට පත්ව සිටිති.
පාතාල ලෝකය අද වන විට කොයිතරම් දරුණු තත්ත්වයකට පත්ව සිටින්නේ දැයි පැහැදිලි වන සිදුවීම් කීපයක්‌ම පසුගියදා වාර්තා වුණේය.
ඊට හොඳම නිදසුන වන්නේ පිළියන්දල නගර මධ්‍යයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්‌ක කර පාතාලයෙන් එල්ලවූ ප්‍රහාරයයි.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ දකුණේ පාතාලයේ මහ කෙරුම්කාරයා බවට පත්ව සිටින මධුෂ් නමැති අපරාධකාරයාගේ නියෝග මතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඝාතනය කිරීම මේ පාතාල කල්ලියේ අරමුණ වී තිබුණේය.
ප්‍රහාරයෙන් නියොමාල් රංගජීව අනූනවයෙන් දිවි ගලවා ගත්තද, පොලිස් කොස්‌තාපල්වරයකු අවසන් ගමන් ගියේය. මේ පාතාල මැරයන්ගේ ප්‍රහාරයට මැදි වූ දොළොස් හැවිරිදි අහිංසක දැරියකට ද දිවි අහිමි විය.
මෙම සිදුවීමෙන් පසු පොලිසිය පාතාල මැරයන් සොයා පුළුල් විමර්ශන ආරම්භ කළහ. ප්‍රහාරයට සම්බන්ධ වූ අපරාධකාරයන් පිළිබඳව මෙන්ම ඔවුන් ඇසුරු කළ උන් පවා සොයන්නට වූහ. ප්‍රහාරය එල්ල කළ අපරාධකාරයන්ට පොලිසියෙන් ගැලවීමක් තිබුණේ නැත.
මේ අතර ඩුබායි දේශයේ සිට මේ ප්‍රහාරය මෙහෙයවූ මධුෂ් නුගේගොඩ පොලිස් කොට්‌ඨාසයේ උසස් නිලධාරියකුට දුරකථනයෙන් කතා කළේය. තම ගෝල බාලයන්ට හිරිහැර නොකරන ලෙසත්, ඒ නියෝග පිළිපැදීමට කටයුතු නොකළහොත් රංගජීවට මෙන් අමතක නොවන පාඩමක් උගන්වන බවත් කියමින් තර්ජනය කළේය.
මෙවැනි තුට්‌ටුදෙකේ පාතාලයන් මේ වනවිට පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමට පටන්ගෙන ඇත. එය සැබැවින්ම කනගාටුවට කරුණකි. ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම මෙන්ම පාතාලය පාලනය කරන මධුෂ් නමැති මැරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මේ වනතුරුත් හැකියාවක් ලැබී නොමැත.
කේ. පී. නමැති එල්.ටී.ටී.ඊ. නායකයා මලයාසියාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පොලිසියට හැකි විය. එමෙන්ම වෙලේ සුදා නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයා පාකිස්‌ථානයේදී අත්අඩංගුවට ගෙන කුදලාගෙන එන්නට පොලිසිය ක්‍රියා කළේය.
එසේ නම් මධුෂ් නමැති මේ පාතාල මැරයා අත්අඩංගුවට ගැනීම එතරම් බරපතළ කටයුත්තක් නොවන්නේය. මුළු රටටම මහා පිළිලයක් බවට පත්ව සිටින මේ මැරයා වැඩිකල් නොගොස් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත් රටටම බරපතළ සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවනු නොඅනුමානය. මධුෂ් පමණක් නොව මේ වන විට තවත් අපරාධකාරයන් කීපදෙනෙකුම පොලිසියට අභියෝග කරමින් සිටිති.
පාතාලයේ අපරාධකාරයන් පොලිසියට තර්ජනය කිරීමේ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ මුල්ලේරියාව පොලිසියෙන් ය. අංගොඩ ලොක්‌කා නමැති පාතාල මැරයා මුල්ලේරියාව පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර තම ගෝල බාලයන්ට තර්ජනය කිරීම, ඔවුන්ට හිරිහැර කිරීම වහාම නතර කරන ලෙස කියමින් තර්ජනය කළේය.
මේ වන විට අංගොඩ ලොක්‌කා සිටින්නේ ඉන්දියාවේයි. චෙන්නායි නගරයේ බන්ධනාගාරයක රඳවා සිටින මේ මැරයා පොලිසියට තර්ජනය කරන්නේ සැටලයිට් දුරකථන මාර්ගය ඔස්‌සේය. මෙය ඉතාම බරපතළ තත්ත්වයකි. මෙවැනි තුට්‌ටු දෙකේ පාතාල මිනීමරුවන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම, බලපෑම් කිරීම සැබැවින් ම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම නිගාවකි. අවනම්බුවකි.
පොලිස් නිලධාරීන්ට පමණක් නොව කොළඹ ව්‍යාපාරිකයන්ට ද මේ මිනීමරුවා, තර්ජනය කිරීමටත්, ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමටත් පටන්ගෙන ඇති බව පසුගියදා හෙළිවූණි.
මේ බව අනාවරණය වුණේ පසුගිය 13 වැනිදා මුල්ලේරියාව නව නගරයේ පිහිටි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබා ගන්නා ආයතනයක් වෙත එල්ලවූ ප්‍රහාරයත් සමඟය.
පස් කැපීම, වැලි ප්‍රවාහනය ඇතුළු ඉදිකිරීම් අංශයට අයත් ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන මේ ආයතනය පසුගියදා පස් කැපීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගත්තේය. ඒ කොන්ත්‍රාත්තුව ඔවුන් කරගෙන යද්දී අංගොඩ ලොක්‌කා එහි හිමිකරුට ඉන්දියාවේ සිට දුරකථනයෙන් කතා කළේය.
ව්‍යාපාරය කරගෙන යැමට නම් තමන්ට මාසිකව කප්පම් මුදලක් ලබා දිය යුතු යෑයි කියමින් අංගොඩ ලොක්‌කා ව්‍යාපාර හිමියාට තර්ජනය කර තිබිණි. මේ අතර අංගොඩ ලොක්‌කාගේ ළඟම ගෝලයා බව කියන පෙතියාගොඩ සංඛ නමැත්තා ද මේ ව්‍යාපාරිකයාට තර්ජනය කරන්නට පටන් ගත්තේ කප්පම් මුදල් ඉල්ලමින් ය.
ඒ වන විට පෙතියාගොඩ සංඛ සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ය. සංඛ මේ තර්ජනය කිරීම් කළේ ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින අංගොඩ ලොක්‌කාගේ උපදෙස් මතය.
මීට සති දෙක තුනකට උඩදී පෙතියාගොඩ සංඛ ඇප මත මුදා හැරීයේය. මුල්ලේරියාව ප්‍රදේශය වෙත පැමිණි සංඛ තම ප්‍රධානියාගේ නියෝග, උපදෙස් මත ක්‍රියාකරන්නට පටන් ගත්තේය. අංගොඩ ලොක්‌කාට කප්පම් නොදුන් මුල්ලේරියාවේ කොන්ත්‍රාත්කරුට අයත් කාර්යාලයකට සංඛ ඇතුළු මැරයන් පැමිණියේ ඉකුත් 13 වැනිදා ය. කාර්යාලය වෙත වෙඩි වරුසාවක් අංගොඩ ලොක්‌කා තම ගෝලයන් යොදවා එල්ල කළේ තම නියෝගවලට කන් නොදීමේ වරදට ලබා දෙන දඬුවමේ මුල් අදියර එය බව පෙන්වීම සඳහා ය.
මේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පෙතියාගොඩ සංඛ පසුගියදා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේය. සංඛ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප ලැබුණේය.
මුල්ලේරියාවේ මෙම වෙඩිතැබීම පිටුපස සිටින්නේ අංගොඩ ලොක්‌කාය. මේ පාතාල නරුමයා මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ ය. චෙන්නායි නගරයේ පිහිටි එළිමහන් සිරමැදිරියක මොහු රඳවා සිටින්නේ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට හසුවීමෙන් පසුවය.
මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්‌කා පදිංචිව සිටියේ අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ ය. ඔහු 34 හැවිරිදිය.
දෙමටගොඩ චමින්ද නමැති පාතාල මැරයා හරහා පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු දැන හඳුනාගත් අංගොඩ ලොක්‌කා ඒ හරහා පාතාල ලෝකය ආක්‍රමණය කළේය.
මේ දේශපාලනඥයාගේ රැකවරණය ලබමින් විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූ අංගොඩ ලොක්‌කා අවසානයේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයකු බවට පත් වුණේය. කඩුවෙල ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි රණාලේ සමයා අංගොඩ ලොක්‌කාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුණේය.
හෙරොයින් බල ප්‍රදේශ වෙන් කර ගැනීම සම්බන්ධයෙන් වූ ආරවුල් මත මොවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ ගැටෙන්නට වූහ.
එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ සමයා අවසන් ගමන් ගියේය. කළුතරදී බන්ධනාගාර බස් රථයක් තුළදී රණාලේ සමයා ඇතුළු හත්දෙනෙක් ඝාතනය කළ අංගොඩ ලොක්‌කා ඇතුළු කල්ලිය පළා ගියහ. අංගොඩ ලොක්‌කා මෙම ප්‍රහාරය එල්ලකර තිබුණේ පොලිස් නිල අඳුම්වලින් සැරසී ගෙනය.
ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්‌කා සහ ඊට සම්බන්ධ වූ ඔහුගේ ප්‍රධානම ගෝලයා වූ ලඩියා ඉන්දියාවට පැන ගත්හ.
ඒ පේසාලේ ප්‍රදේශයෙන් බෝට්‌ටුවක නැගී මුහුදු මාර්ග ඔස්‌සේය. කළුතර ප්‍රහාරය පිටුපස සිටියේ දකුණේ පාතාලයේ මහා කෙරුම්කාරයා යෑයි කියාගන්නා මධුෂ්ය.
මධුෂ් සැඟවී සිටින්නේ ඩුබායි දේශයේ ය. අංගොඩ ලොක්‌කා සහ ලඩියා ඩුබායි දේශයට ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් සකස් කළේය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කර ඔවුන් ඩුබායි දේශයට ගෙන්වා ගැනීමට මධුෂ් උත්සාහ ගත්තේය.
එහෙත් සිදුවුණේ මධුෂ් නොපැතූ දෙයකි. ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළේදී අංගොඩ ලොක්‌කා සහ ලඩියා එරට ආගම විගමන නිලධාරීන්ට කොටු විය.
අවසානයේ ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර චෙන්නායි එළිමහන් සිර කඳවුරක රඳවා තැබුවේ නඩු කටයුතු නිම වන තුරුය.
චෙන්නායි එළිමහන් සිර කඳවුර අංගොඩ ලොක්‌කාට සහ ලඩියාට නිදහසේ තෝතැන්නක් විය.
ඔවුන් එහි සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගත්හ. තම හෙරොයින් ජාවාරම ද රිසි සේ කරගෙන ගියහ.
මේ පාතාල මැරයන්ගේ ක්‍රියා කලාපයන් නිසා සමස්‌ත පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව රටේම ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙරට ඉතිහාසය පිsරික්‌සීමේදී මෙවැනි පාතාල කෙරුම්කාරයන් රජකම් කළ විවිධ කාල සීමාවන් තිබුණේය.
කාලයෙන් කාලය ඉස්‌මතු වූ මේ පාතාල චරිත ඉතාම කෙටි කාලසීමාවක් තුළ අවසන් විය. රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ සොත්ති උපාලි නමැති පාතාල මැරයා මහා බලගතු පුද්ගලයකු බවට පත්ව සිටියේය.
සොත්ති උපාලි පොලිස් ස්‌ථානයකට යද්දී එහි ස්‌ථානාධිපතිවරයා තම අසුන මේ පාතාල මැරයාට ලබාදෙන තත්ත්වයකට එදා පොලිසිය පත්ව තිබුණේය.
චJද්‍රිකා බණ්aඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී බැද්දගානේ සංජීව නමැති පාතාල මැරයා වීරයකු විය. එදා පොලිස්‌පතිවරයාටත් එහා ගිය බලයක් මේ මැරයාට තිබුණේය. එහෙත් අවසානයේ බැද්දෙගානේ සංජීව අකාලයේ ජීවිතයෙන් සමුගත්තේ ප්‍රතිවිරුද්ධ පාතාල මැරයකු වූ ධම්මික අමරසිංහ අතින්ය.
මේ ආකාරයට දකුණේ පාතාලයේ කෙරුම්කාරයන් රැසක් පසුගිය කාලයේ රජ කළේය. එ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි කාල සීමාවේදී එවකට වම්බොට්‌ටා නමැති මැරයා දකුණේ පාතාලයේ කිරුළ ලබාගැනීමට සටන් කළේය. ජුලම්පිටියේ අමරේ නමැති මැරයා ද පොලිසියට ප්‍රසිද්ධියේ ම අභියෝග කළ එකෙකි.
ටී 56 ගිනි අවියක් අත දරාගෙන බොඩි ආමර් එකකින් සැරසී ප්‍රසිද්ධියේ ම ජීවත් වූ මේ මැරයාට අත තැබීමට කිසිවකුත් ඉදිරිපත් නොවූයේ ඔහුට තිබූ අසීමිත දේශපාලන බලය නිසා ය.
ජුලම්පිටියේ අමරේට එරෙහිව වරෙන්තු සිය ගණනක් තිබුණද ඔහු අත්අඩංගුවට ගැනීමට එදා පොලිසිය කටයුතු කළේ නැත. කොටින්ම මේ තරම් වරෙන්තු ප්‍රමාණයක් තිබුණ ද, අමරේ දකුණේ පොලිස් ස්‌ථානවලට ගොස් ස්‌ථානාධිපතිවරුන් සමඟ සුහද පිළිසඳරේ යෙදුණේය.
අමරේ අතදරා සිටින නීති විරෝධී ටී 56 ගිනි අවිය පවා ස්‌ථානාධිපතිවරයාගේ මේසය මත තබාගෙන ඔහු සමඟ කතා කිරීමට තරම් දේශපාලන හයියක් අමරේට එදා තිබුණේය.
පසු කලෙක කොළඹ පාතාලයේ කෙරුම්කාරයකුව සිටි ප්‍රින්ස් කොලම් පවා පොලිසිය බියට පත්කරගෙන ඔවුන්ගෙන් වැඩ ගත්තේ දේශපාලන හයිය ප්‍රයෝජනයට ගෙනය.
අධිකරණ නියෝගවලට අනුව ප්‍රින්ස් කොලම් පොලිස් පොත්වල අත්සන් කිරීමට පොලිසියට ගියේ නැත. ඔහු පොලිස් ස්‌ථානාධිපතිවරයාට තර්ජනය කර අත්සන් තබන පොලිස් පොත තම නිවසට ගෙන්වා ගැනීමට තරම් බලගතු පුද්ගලයකුව සිටියේය.
පාතාල අපරාධකාරයන් විනාශ කිරීමේ මෙහෙයුම් මුලින්ම ආරම්භ වන්නේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා පාතාල කල්ලියක් විසින් ප්‍රසිද්ධියේම ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවය.
එවකට ජනාධිපතිවරිය ලෙස සිටියේ චJද්‍රිකා කුමාරතුංග ය. පොලිස් පතිවරයා ලෙස එවකට රාජකාරි කළ චJද්‍රd ප්‍රනාන්දු මහතාගේ නියෝග මත පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වුණේය.
පාතාල අපරාධකාරයන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ ය.
එහෙත් යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු පාතාල මර්දන මෙහෙයුම් නතර වුණේය. සැඟවී සිටි පාතාල මැරයන් පවා නැවත කරළියට පැමිණෙන්නට පටන් ගත්හ. ඔවුහු ප්‍රසිද්ධියේම පොලිසියට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද අභියෝග කරමින් සුපුරුදු මැර ක්‍රියාවන් සහ අපරාධ කිරීමට පටන්ගෙන සිටිති.
පාතාල මැරයන්ට යහ පාලනය ගැලපෙන්නේ නැත. අවි අතදරාගෙන සිටින මේ පාතාල නරුමයන්ට උත්තර දිය යුත්තේ ද අවියෙන්මය.
මේ මැරයන් සිර ගෙවල්වල ගාල්කරගෙන උන් පෝෂණය කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවකි. මොවුන් බන්ධනාගාර පවා තම රාජධානි බවට පත්කර ගෙන සිටිති. බන්ධනාගාරවලදී මොවුන්ට සියලු සැප සම්පත් නොඅඩුව ලැබෙයි.
ආරක්‍ෂාව රැකවරණය ද නොඅඩුව ලබා ගන්නා මේ පාතාල මැරයන් බන්ධනාගාරවල සිට රිසිසේ තම අපරාධ ක්‍රියාවන්වල නිරතව සිsටිති. තත්ත්වය දිනෙන් දිනම දරුණු අතට හැරෙමින් තිබෙයි. මේ පාතාල අපරාධකාරයන්ගේ ක්‍රියාකලාපයන් නිසා අහිංසක සාමාන්‍ය ජනතාව අද බියට පත්ව සිටිති. සාමාන්‍ය ජන ජීවිතය පවා අවුල් සහගත තත්ත්ත්වයකට පත් කරන මේ පාතාල අපරාධකරුවන් මර්දනය කළ යුතුය.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එදා ක්‍රියාත්මක කළ පාතාල මර්දන මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කළ යුතු බව අප නැවත නැවතත් කියන්නෙමු.
http://www.divaina.com/2017/07/23/feature41.html
ඩුබායි සිට මධූෂ්ගෙන් පොලිස් ලොක්‌කන්ට තර්ජන...
අංගොඩ ලොක්‌කා තර්ජනය කරන්නේ චෙන්නායි බන්ධනාගාරයේ ඉදලා

Last edited: