මධූෂ්-අමල්-නාලකගේ සබඳතා

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මධූෂ්-අමල්-නාලකගේ සබඳතා

    පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.
    මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.


    2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.

    ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අමල් - උදුල් - අනුර කුමාරගේ සම්බන්දෙත් හෙව්වනම් සැහෙන දෙයක් එළිදරව් කරගන්න තිබ්බ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අමල් - උදුල් - අනුර කුමාරගේ සම්බන්දෙත් හෙව්වනම් සැහෙන දෙයක් එළිදරව් කරගන්න තිබ්බ

    :yes::yes::yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26)
    උඹ කොහෙද?
    ඉක්මනට වරෙන්

    මෙහෙ උඹට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26)
    උඹ කොහෙද?
    ඉක්මනට වරෙන්

    මෙහෙ උඹට කරන්න වැඩ ගොඩක් තියෙනවා.

    සමනල් ආරෙන් මොකද කලේ බන් ?
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මේවනවිට ජනපති ඝාතන ක්‍රමන්ත්‍රණ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවේ පසුවන නාලක ද සිල්වා මහතා ගායක අමල් පෙරේරා


    සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද 2016 වසරේ අගෝස්තු 22 වැනි දින නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයට ගොස් අමල් පෙරේරා යන අය නාලක ද සිල්වා මහතාව හමු වී ඇති බවද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ඊයේ පොලිසිය ප්‍රකාශ කර සිටියේය.
    අමල් පෙරේරා නාලක හමුවීමට පැමිණියේ ඇයි දැයි යනුවෙන් නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගායකයාගෙන් ප්‍රශ්න කිරීම ගැටලුවක්වි තිබූ බවද ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයාට දඬුවම් තුනක් පමුණුවා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
    ඊට පසු අදාළ කොස්තාපල්වරයාට ස්ථානාධිපතිවරයා විසින් 2016 වසරේ අගෝස්තු 1 වැනි දින ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.