මධූෂ් ගෙන්වීම-නඩු නැත

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මධූෂ් ගෙන්වීම-නඩු නැත

    මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක් මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

    මධුෂ් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් මේ වනතුරුත් හමුවී නැති බව එම ආරංචි මාර්ග කියා සිටියි.

    පොලිසිය පවසන්නේ මාකඳුරේ මධුෂ් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වී සිටියේ ඩුබායි දේශයේ වීම නිසා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසියට කිසිම අවස්ථාවක මොහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

    මේ අතර මිනීමැරුම් සම්බන්ධයෙන්ද මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීම සහ කළුතර බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයා ඇතුළු හය දෙනකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.

    එහෙත් ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය වෙද්දී මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටි අතර සමයා ඇතුළු පිරිස ඝාතනය වෙද්දී මොහු සිට ඇත්තේ ඩුබායි දේශයේ බවද පොලිසිය පවසයි.

    පසුගිය කාලයේ රටේ සිදුවූ බොහෝ අපරාධ මෙන්ම හෙරොයින් ජාවාරම් පිටුපස මධුෂ් සිටියද ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් මොහුට එරෙහිව නොමැති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

    මූව ලංකාවට ගෙන්න ගන්න වලි කන්නේ මේක නිසාද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවට ගේනවා, දඬුවම් දෙන්න බලද්දී හම්මට නඩුත් නෑ සාක්කිත් නෑ ඉතින් නිදහස්. ඕක තමා අන්තිමට වෙන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඉතින් අමල් පේරේර තමයි එල්ලන්න වෙන්නේ.. අපරාදේ ආතල්1 කුඩු කලානේ.. තෙල් මිලත් වැඩි කලා ඊයෙ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක් මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

    මධුෂ් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් මේ වනතුරුත් හමුවී නැති බව එම ආරංචි මාර්ග කියා සිටියි.

    පොලිසිය පවසන්නේ මාකඳුරේ මධුෂ් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වී සිටියේ ඩුබායි දේශයේ වීම නිසා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසියට කිසිම අවස්ථාවක මොහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

    මේ අතර මිනීමැරුම් සම්බන්ධයෙන්ද මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීම සහ කළුතර බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයා ඇතුළු හය දෙනකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.

    එහෙත් ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය වෙද්දී මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටි අතර සමයා ඇතුළු පිරිස ඝාතනය වෙද්දී මොහු සිට ඇත්තේ ඩුබායි දේශයේ බවද පොලිසිය පවසයි.

    පසුගිය කාලයේ රටේ සිදුවූ බොහෝ අපරාධ මෙන්ම හෙරොයින් ජාවාරම් පිටුපස මධුෂ් සිටියද ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් මොහුට එරෙහිව නොමැති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

    මූව ලංකාවට ගෙන්න ගන්න වලි කන්නේ මේක නිසාද

    පරන නිවුස් එකක්... අපිනම් ඕක කිව්වෙ මදුෂ් ව අල්ලගත්ත දවසෙමයි..:yes::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සාක්ෂිම ඕන නෑ ඇත්තටම දෙයක් කරන්න ඕන නම්... ආයුධ පෙන්නන්න යන ඒව තියෙන්නෙ ඔය වගේ අවස්ථා වලට තමයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617

    :yes::yes: