මන්තර ගුප්තවිද්යාවට වඩා ඔතන තියෙන්නෙ ඇත්තටම කිරණ ශක්තීන්ගේ ක්රියාකාරිත්වයක්. ඉස්සර මිනිස්සු ඕවගේ තේරුම දැනගෙන ඉඳල තියෙනවා. අදටත් සර්ප විසකදී වගේ දේවල් වලදී බෙහෙත් කරන්න කලින් දෙහි අත්තක් කඩාගෙන ඇඟේ ස්පර්ශ නොවෙන ගානට උඩ ඉඳල පහලට අදින්නෙ. යම් යම් ශාක වලට තියෙනවලු අහිතකර කිරණ ශක්තීන් ඇද ගැනීමේ හැකියාවල්. බෝදි පූජාවකදී බෝ ගහ යටදී වෙන්නෙත් ඔය වගේ දෙයක්. ස්වාමින් වහන්සේ කෙනෙක් සුවපත් වේවා කියල ආශිර්වාද කරනකොට වෙන්නෙත් කිරණ සම්බන්ද දෙයක්. Pranic healing කියල ඔය ආශ්රිත ක්රමයකුත් තියෙනව. මේව විහිලුවට ගන්න අයත් ඇති. ඒවා ඉතින් තම තමන්ගෙ දෘෂ්ටි. මේව බොරු කියල කියනවනං ඉතින් Infrared, wi-fi, cellular signals, radiation වගේ දේවලුත් තියෙන්න විදිහක් නෑ මොකද ඇහැට නොපෙනෙන නිසා. විහිලුවට ගන්න එකට වඩා වැඩි දුර විමර්ශනයක් කරල බැලුවනං ඉතින් වටිනව.
දැං එතකොට ඔය කියන කිරණ තියෙන්නෙ spectrum එකේ කොයි හරියෙද
infrared,wi-fi, cellular, radiation සේරම ඇහට පෙනුනෙ නැති උනාට ඒව ඩිටෙක් කර ගන්න පුලුවන් ක්රම තියනවානේ,
infrared නං කෙලින්ම බලන්න පුලුවන් කැමරාවල් තියනවා.
කවුද දන්නෙ ඕක කරපු කපුවා, ගෙදර ගහෙන් දෙහි අරගෙන කියලා දැනගෙන ඒ ගහ මැරෙන්න මොනවා හරි දාල ගියාද කියලා (පොඩි ගහක් නං උණු වතුර ටිකක් දැම්මත් ඇති, ලොකු ගහක් නං බැටරි ඇසිඩ්, පොල්තෙල්, ලාම්පු තෙල්, වල් නාශක පොඩ්ඩක් දැම්මත් ඇතිනේ)
උඹලට ඒව ඇත්ත කියලා පෙන්නන්න.