මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව

    රටේ පවතින තත්වය තමන්ගේ අරක්ෂාවට තර්ජනයක් බව පවසමින් රජයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් 100 කට වැඩි පිරිසක් අමතර ආරක්ෂාවක් ඉල්ලා ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. එසේම අදාළ දේශපාලනඥයින්ගෙන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    එසේම මේ අතුරින් ඇතැම් ඉල්ලීම් දැනටමත් අනුමත කර අතිරේක පොලිස් භටයින් සහ වාහන ඔවුන්ට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය වන්නේදැයි තීරණය කිරීම සඳහා තර්ජන තක්සේරු කිරීමක් සිදුකර දැනටමත් ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන්නේනම් තවදුරටත් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.

    කෙසේ නමුත් රට තුළ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක පොලිස් භටයන් සැපයීම ගැටළුවක් වී ඇති බවද වාර්තා වන අතර මීට පෙර බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති පරිදි රජයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් 14 දෙනෙකුගේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිනපතා වාර්තාවක් ලබා දී ඇති බවද සඳහන්.


    මූලාශ්‍රය - Sunday Times
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුන්ට තර්ජනේ තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන්, ලබනපාර චන්දෙදි....