හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. බොහෝ දුරට මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ඔහුට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටයි. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවනවා.
https://mawurata.lk/archives/12530
