මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්න පෙර බැසිල්ට ඇමතිකමක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    aMfffiw.jpg


    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. බොහෝ දුරට මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ඔහුට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

    පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටයි. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවනවා.

    https://mawurata.lk/archives/12530
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කවුද කිරබත් ඉව්වේ? කිරිබත් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ආවා.... ආවා... ආවා... දියසෙන් ආවා. හෙළභූමියේ වැසියන්ගේ වාසනාව