මන්තිරීනියො දෙන සැපා..!
[SIZE=+2]
[SIZE=-1]බූන්දි, අඟහරුවාදා, ජනවාරි 21, 2014 20:53:12[/SIZE]
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
දුන් රසේ නිරිඳුන් වැයූ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන මන්දිරේ දොර යතුර දෙන තුරු රඟ පපා
මම් කෙසේ පවසම් එ සේ වර මන්-තිරී-නියො දෙන සැපා
මන් නඳා වන ටෙලි සිනා සුරතල් දෙතොල් අග මව මවා
මන් මදා සිනෙ මායමින් ඩිම්පල් කොපුල් රත් පැහැ හොවා
කන් සිසාරා කොඳුරමින් නෙක පිළිණ මධු මල් පැන් පොවා
උන් එදා දුන් රඟ දුටොත් කතිරය ගසයි සක් දෙවි පවා
කූ කුකුල් ගිනි කිකිළියෝ වැද හූ හිවල් මන්තිරි ගැබේ
පෑ උදුල් කිංකිණි මෙවුල් නද කා තුළත් වඩවයි ලොබේ
රූ කමල් සුර නිළි ලියන් නැති වුනොත් කිම පල ඔය සබේ
මේ සියල් ආතල් ඉතින් එක තැන දැකුම් කිකලෙක ලැබේ
Don Putha | ඩෝං පුතා
මන්තිරීනියො දෙන සැපා..!
[/SIZE] [SIZE=-1]බූන්දි, අඟහරුවාදා, ජනවාරි 21, 2014 20:53:12[/SIZE]