මන්ත‍්‍රී බහුතරය සජිත් දිනා ගනී..

new wimal

Member
Mar 9, 2012
22
4
3
මන්ත‍්‍රී බහුතරය සජිත් දිනා ගනී..

ජනාධීපති අපේක්‍ෂකත්වයත් එජාප නායකත්වයත් ඉල්ලයි..
July 5, 2019 at 10:26 pm | lanka C news
මන්ත‍්‍රී කණ්ඩායමෙන් 83ක්, කෘත්‍යාධිකාරියෙන් බහුතරය සජිත් දිනා ගනී.. ජනාධීපති අපේක්‍ෂකත්වයත් එජාප නායකත්වයත් ඉල්ලයි..
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් පිරිසක් අතර සිදුව තිබේ.

එහිදී සජිත් පිල වෙනුවෙන් නියෝජනය කළ ප‍්‍රබලයෙකු සදහන් කර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණක් බවයි.

දැනටමත් මන්ත‍්‍රී කණ්ඩායමේ 107 දෙනාගෙන් 83 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමඟ බවත්, කෘත්‍යධිකාරී මණ්ඩලයේද බහුතරය ඔහුට බවත් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නොහැකි ඔහු ජනාධිපති අපේක්‍ෂක තෝරා ගැනීමට පක්ෂය තුළ ඡන්දයක් පවත්වීම කටයුතු සූදානම් කල යුතු යයි රනිල් පිල වෙනුවෙන් සහභාගී වූ ප‍්‍රබලයෙකු දන්වා ඇත.

එකඟත්වයක් ඇතිව කටයුතු කරන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂක ලෙසත් නම් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තනතුරු දෙක සඳහාම පක්ෂය තුළ ඡන්දයක් පැවැත්විය යුතු බවත් ජ්‍යෙෂ්ඨයෙකු විසින් කළ යෝජනාව සියලු දෙනා එකඟ වී ඇත.

ඒ අනුව ඉතා ඉක්මනින්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.