මන්නාරමේ තෙල්

rangana26

Well-known member
  • Feb 21, 2013
    5,479
    3,617
    113
    1632300153004.png

    මන්නාරමේ තෙල් කතාව 1967-68 තරම් ඈත කාලයකට ඇදී යයි. එවකට පැවති ධනවාදී කඳවුරට බරවූ එජාප රජය ප්‍රංශ සමාගමක් වූ CGG ආයතනය හරහා මේ පිළිබඳව දත්ත ලබා ගැනීමට යුහුසුලුවිය. ඉන්පසු පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ කටයුතු සෝවියට් සමාගමකට බාර කළේය. වසර කිහිපයක් පේසාලෙයි ප්‍රදේශයේ කැනීම් සහ විමර්ශන කටයුතු කල මෙම සමගම එය නිෂ්ඵල ක්‍රියාන්විතයක් බව නිගමනය කර අත්හැර දමන ලදී. එම රජය ඔවුන්ගේ අවසන් කාලයේ නැවතත් යුරෝපීය සමාගම් හරහා මෙම තෙල් ගවේෂණයට අත ගැසූ මුත් එයද නිෂ්ඵල විය.

    ඉන්පසු පැමිණි සෑම රජයක් යටතේම පාහේ විටින් විට මන්නාරමේ තෙල් හිස ඔසවා පසුව කාටත් රහසේ සැඟව ගියේය. 2008න් පමණ පසු මන්නාරමේ තෙල් සහ මැතිවරණ අතර ඉතා කිට්ටු සබඳතාවයක් ඇතිවූ අතර එම තෙල් නිධි පිළිබඳව කතාවක් ඇතිවූ වහාම "ආ! චන්දයක් ලඟද?" යයි අසන තරමට ජනතවට මෙය විහිළුවක් විය.

    මෙම මන්නාරමේ තෙල් අතීතය පිළිබඳව පුවත්පත් වාර්තා පිරික්සීමේදී මට පෙනී යන කාරණා කිහිපයකි.

    ඉන් පළමුවැන්න නම් යම් යම් කාල වකවානු වල ලොව බලවතුන් ඉන්දියාව ආසන්නයේ තම ආධිපත්‍ය ස්ථාපිත කරගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය භාවිතා කර ඇති බවයි.

    දෙවැන්න මේ බලවතුන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීමට ශ්‍රී ලංකා රජය නිකරුනේ විශාල මුදලක් වැය කර ඇති බවයි.

    තෙවැන්න, ලංකාවේ ආණ්ඩුව තමන්ගේ ගිලිහෙන ප්‍රතිරූපය රැකගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි කතාව නිරන්තරයෙන් උපයෝගී කරගෙන ඇති බවයි. කිහිප විටෙකම රාජ්‍ය නායකයා ජාතිය අමතා මන්නාරමේ තෙල්වලින් ජාතිය ගොඩ නගන බවට වහසි බස් දොඩා ඇත.

    මේ ලිපිය මා ලියන්න සිතුවේ ඉහත පසුබිමට අදාළ රසවත් කතාවක් කීමටය.

    ඒ 1998 පමණ වන්නට ඇත. මා ස්වීඩනයේ උප්සලා සරසවියේ අකුණු ආරක්ෂණය පිළිබඳව පර්යේෂණ කටයුතුවල යෙදී සිටි කාලයයි. දිනක් උදෑසන අප ආයතනයේ කෝපි කාමරයේ (coffee room) සුහඳ කතා බහක යෙදී සිටින අතර අසල මේසයක තිබු පත්‍රිකාවක් වෙත මගේ නෙත් ඇදී ගියේය. ඊට හේතුව එහි ලංකාවේ සිතියමක් තිබූ නිසාය.

    මට මතක විදියට එය North Sea Exploration නම් ප්‍රවෘති පත්‍රිකාවකි (newsletter). මාස කිහිපයකට වරක් මෙය අපගේ ආයතනයට ලැබෙන නමුත් මම කිසිදාක එයට අවධානය යොමු කර තිබුණේ නැත. එහි අවසන් පිටුවේ කුඩා සටහනක සඳහන් වුයේ ලංකාවේ වෙරළෙන් ඔබ්බෙහි වූ තෙල් නිධි (offshore oil) පිළිබඳව නෝර්වේජියානු සමාගමක් දත්ත ලබාගෙන ඇති බවයි. එහි වූ කුඩා සිතියමේ මෙම තෙල් නිධිය පවතින ප්‍රදේශය පිළිබඳව අනුමානයන් රතු පැහැයෙන් ලකුණු කර තිබුණි. එය දුටු විට මට එකවරම හැඟී ගියේ එවකට කොටි සංවිධානය ඊළම නමින් ලකුණු කරගෙන සිටින ගොඩබිම් ප්‍රදේශය සහ මෙම තෙල් නිධි පවතින බවට අනුමාන කරන මුහුදේ ස්ථාන අතර කදිම ගැලපීමක් ඇති බවයි.

    ඊට කලකට පසු එම පත්‍රිකාවේ තවත් වෙළුමක සඳහන් වුයේ ලංකාව අවට මුහුදේ තෙල් නිධි ගවේෂණයට ශ්‍රී ලංකා රජය විසින් නොර්වේ සමාගමක් තෝරාගෙන ඇති බවයි.

    1999 දී මා මගේ පර්යේෂණ කටයුතු අවසන් කර ලංකාවට පැමිණි අතර මේ තෙල් කතාව මගේ මතකයෙන් ඈත් විය.

    නැවතත් මට මේ සිද්ධිය මතක්වන්නේ ලංකාවේ මාධ්‍යවල නොර්වේ රජය එරික් සෝල්හයිම් හරහා යුද්ධය සම්බන්ධයෙන් පහසුකම් සපයන්නා ලෙස ඉටු කරන කාර්යභාරය පිළිබඳව නිතරම අසන්න වූ විටයි. ලංකාවට කිසිම සම්බන්ධයක් නැති ලොව එහා කෙලවරේ පිහිටි රටක් ලංකාවේ දේශපාලන කටයුතු පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව යම් වැටහීමක් ඇති කරගැනීමට මට මේ සමගම හැකියාවක් ලැබුණි.

    වසර 2007 දී පමණ මට ඉන්ධන සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයන් කිහිප දෙනෙකු සමග මේ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් උදා විය. එහිදී ඔවුන් සියලු දෙනාගේ අදහස පහත දැක්වෙන පරිදි විය.

    "ඔබලාගේ රට අවට තෙල් නිධි ඇති බව සැබෑවක්. එහෙත් ඒවා වානිජමය අගයක් (commercial value) සහිතව ලබා ගැනීමට තෙල් බැරලයක මිළ තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි. ඊට පෙර ලෝකයේ වෙනත් බලශක්තියක් ඛනිජ තෙල් අභිබවා යනු ඇත".

    ඊට ටික කාලෙකට පසු නොර්වේ රජය ලංකාවේ සාම සාධක කටයුතුවලින් ක්‍රමයෙන් ඉවත් වූ අතර එරික් සෝල්හයිම් මහතා පමණක් යම් කාරණාවක් හේතුවෙන් දිගටම මෙම අත පෙවීම්වල නිරත වූ බව පෙනුනි.

    .................................................................

    මාගේ පුවත්පත් නිරීක්ෂණයන්ට අනුව 60 දශකයේ සිට මේ දක්වා එකොලොස් වතාවක් මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය පුවත් සිරස්තලයක් බවට පත්වී ඇත. ඒ සෑම වාරයකම පාහේ කතාව කෙලවර වන්නේ රජය විශාල මුදලක් වියදම් කරගෙන මාධ්‍ය නාඩගමක් රඟපෑමෙනි. මෙවරද මට එහි විශේෂයක් නොපෙනේ.

    කෙසේ නමුත් නුදුරු අනාගතයේදී මේ දේශපාලන විගඩම්වලින් ඔබ්බට ගොස් ලංකාවට අයත් මුහුදු තිරයේ තෙල් ලබා ගැනීමට ඇති සක්‍යතාවය අධ්‍යනය කරනවා නම් එය සියළු ලාංකිකයන්ගේ හිත සුව පිණිස වනු ඇත.

    Source https://chandimagomes.blogspot.com/2021/09/blog-post.html
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,565
    4,699
    113
    චී ලංකාව
    View attachment 144873

    ඕකෙ ඇති ලබ්බක් නෑ නැත්නම් මේ වෙනකොටත් චීනෙ හරි ඇමරිකාව හරි ඉන්දියාව හරි ඕකට ඇග්‍රීමන්ට් ගහන්න පොරකනවා. ඕවා ආණ්ඩුවේ එදා වේල මාකටින්.