මන් ඉතාලියේ තනි උනා...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් ඉතාලියේ තනි උනා...

    ඉතාලියේ නාපෝලි නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයකුත් ජීවත් වෙති. ඔවුන් කිසිම රැකියාවක් නොකර කාඩ් බෝඩ් කෑල්ලක් බිමට එලා දෙනෝ දාහක් දෙනා යනෙන මහපාර නිවස කරගත් පිරිසකි.
    සමහරුන් ඉතාලියට පැමින ඇත්තේ ලක්ෂ බර ගානක් වියදම් කරගෙනය. එවන් මුදලක් වියදම් කර පැමිණ මෙසේ ජීවත්වීම
    මට නම් තේරුම් ගත නොහැක.
    ඉතාලියේ රැකියාවක් සොයා ගෙන හොද ජීවිතයක් ගතකිරීමට කොතෙකුත් අවස්තාව ඇතත් ඔවුන් එයට සූදානම් නැත. එය මිනිසෙකුගේ කරුමයද උරුමයදැයි කීමට මා දන්නේ නැත.

    මෙසේ මහ පාරේ ජීවත්වන්නන්ට ඉතාලි රජය සහ සමහර ආයතන මැදිහත්වී දින පතාම තුන් වේලටම කෑම ලබා දෙයි. එසේ කෑම බෙදන වාහනය පැමිණි විට මහපාර ජීවිතය කරගත් ජීවීන් ඒවායෙන් ලබා දෙන ආහාර පාන ලබා ගනී.

    උදේට උණුසුම් තේකක් සමග ක්‍රොසන්ට් ඇතුළු උදේ ආහාර වේලක්, දිවා ආහාර වේලක් , සහ හවසට කෝපි සමග රාත්‍රී ආහාර වේලක් ලබාදෙයි. මේවා රෙස්ටුරන්ට් එකකින් මුදල් ගෙවා ගන්න සුපිරි මට්ටමේන්ම ලබා දෙයි. ඉතාම පිරිසිදුවට ලස්සන ඇසුරුමක ඔතා ඒ ආහාර වේල ඔවුන්ට ලබාදෙයි.


    සීත කාලෙට සීත ඇදුම් සහ අනෙක් කාලයට අවශ්‍ය අනෙක් ඇදුම් පැලදුම් සපත්තු ආදී සියල්ලමත් රජයෙන් ලබා දෙයි. එසේම සෑම බ්‍රහස්පතින්දා දිනයකම නෑම සදහා රැගෙන යයි.

    ඒත් මේ මහපාරේ නිදියන ලාංකිකයන් උදේ සිට හවස් වනතුරුම පාරේ යන එන අයගෙන් යූරෝ එකක් ඉල්ලාගෙන එයින් වයින් පැකට් එකක් මිලදී ගෙන පානය කර කාලකණ්නි ජීවිතයක් ගෙවති.

    හිරා ඔවුන් අසලින් යනවිට හයියෙන් හයියෙන් හෙන බර සාකච්චාවක් කරනවා ඇසුනි. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම හොද නැති උනත් ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇන්ටනාව කැරකූවෙමි.

    අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය.

    මහන්සියෙන් රැකියා කර ඉතාම හොදින් ඉතාලියේ ජීවත් වන බහුතරයක් වූ ලංකියයනුත් මොවුන් නිසා අපහසුතාවයට පත්වෙන බව කණගාටුවෙන් උවත් ලියා තැබිය යුතුය.


    ZUDuQfa.jpg



    qVx911e.jpg


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය.
    :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,597
    35,540
    113
    මුන්ගේ මහ එකාලා එදා ලැජ්ජා වෙන්නේ නැතිව කඩෙන් කොන්ඩම් එකක් අරගෙන ඒක දාගෙන __කුවා නම් මේවාගේ දේවල් වෙන්නේ නෑ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    uba italiyeda inne,ape ekekuth yanna hadanava onna,uge nam ammath ehe inne.milan valada koheda inne.​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,842
    32,564
    113
    මේ රටේ ඉන්නවට වඩා ඉතාලියෙ පාරක ඉන්න එකත් සැපක් යකෝ...:rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඔය හොදයි කාලයක් තිබ්බා නාපොලි වල දංකොටුව පැත්තෙන් බැහැපු සෙට් එක අනාතවෙලා හිටියා ඒ කාලේ පාරේ යන්න බෑ මුන් මුළු පාරේම බුලත් කෙල ගහලා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය හොදයි කාලයක් තිබ්බා නාපොලි වල දංකොටුව පැත්තෙන් බැහැපු සෙට් එක අනාතවෙලා හිටියා ඒ කාලේ පාරේ යන්න බෑ මුන් මුළු පාරේම බුලත් කෙල ගහලා

    :baffled::rofl::D:baffled: