මන් දකින හැටි...

hpalpola

Well-known member

  • කාලයකට පස්සේ මෙන්න මේ ත්‍රෙඩ් එක ආපහු ඇවිල්ලා. පුදුමයි. ඉතින් මොනවා හරි ලියන්න ඕනා කියලා හිතුනා. මන් දකින විදියට දානය ගැන ටිකක් ලිව්වොත් හොඳයි කියලා හිතුනා. මොකද ඒ අපි වැඩියෙන්ම කරන පින්කම නිසා. ඉතින් ඒ පින්කමේ වටිනාකම ගැන අපි ටිකක් කථා කරමු. ආරම්භය මන් හිතුවෙ පුංචි ගාථා දෙක තුනකින් ගත්තොත් හොඳයි කියලා.

    දදං පියො හොති භජන්ති නං බහුං - කිත්තිං ච පප්පොති යසො ච වඩ්ඪති,
    අමඪකුභූතො පරිසං විගාහති - විසාරදෝ හොති නරො අමච්ඡරී

    "දන් දෙන්නා බොහෝ දෙනාට ප්‍රිය වේ. බොහෝ දෙනා ඔහු සේවනය කරත්. කීර්තියට ද පැමිණේ. යශස ද වැඩේ. සබ‍‍‍කෝලයකින් තොරව පිරිස් මැදට යයි. නොමසුරු වූ මිනිස් තෙමේ විශාරද වේ."


    තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා - විනෙය්‍ය මච්ඡෙරමලං සුඛෙසිනො,
    තෙ දිඝරත්තං ති‍දිවෙ පතිට්ඨිතා - දෙවානං සහව්‍යතං ගතා රමන්ති

    "එහෙයින් සැප සොයන නුවණැති මනුෂ‍්‍යයෝ මසුරුමල හැර දන් දෙති. ඔවුහු දෙව්ලොව උපන්නෝ දෙවියන්ගේ සහභාවයට ගියෝ බොහෝ කලක් එහි ඇලී වසති."

    ආයුදෝ බලදෝ ධීරෝ වණ්ණදෝ පටිභාණදෝ - සුඛස්ස දාතා මෙධාවී සුඛං සො අධිගච්ඡති
    ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං - දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති

    "ආයුෂ - බල - වර්ණ - ප්‍රඥා - සුඛ දෙන්නා වූ නුවණැති පුරුෂයා සැපයට පැමිණෙන්නේය. ආයුෂ - බල - වර්ණ - සුඛ - ප්‍රඥාවන් දී යම් යම් තැනක උපදින්නේ ද ඒ උපන් හැම තැන දීර්ඝායුෂය හා යශස් ඇත්තේ වේ."


    දුද්දදං දදමානානං දුක්කරං කම්මකුබ්බනං - අසන්තො නානු කුබ්බන්ති සතං ධම්මො දුරන්නයො
    තස්මා සතං ච අසතං ච නානා හොන්ති ඉ‍තො ගති - අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණා

    "ටික දෙයක් ඇති කල්හි එය දීම අසත්පුරුෂයන්ට නොකළ හැක්කකි. දීම දුෂ්කරය. සත්පුරුෂයෝ අසත්පුරුෂයන්ට නො කළ හැකි වූ අසත්පුරුෂයන්ට දුෂ්කර වූ ඒ දානය දෙන්නෝය. සත්පුරුෂයෝ දුෂ්කර වූ දානාදි සුචරිතක්‍රියා කරති. අසත්පුරුෂයෝ සත්පුරුෂයන්ගේ ඒ ක්‍රියාවන්ට අනුව නොයති. ඒ එසේමය. සත්පුරුෂයන් කරණ දානාදිසුචරිතක්‍රියා අසත්පුරුෂයන්ට කළ නොහැකිය. එහෙයින්
    සත්පුරුෂයන්ගේත් අසත්පුරුෂයන්ගේත් සසරෙහි ඉපැත්ම වෙනස්ය. අසත්පුරුෂයෝ නිරයයෙහි උපදිති. සත්පුරුෂයෝ සවර්ගයේ උපදිති."

    දානං ච යුද්ධං ච සමානමාහු - අප්පාපි සත්තා බහුකෙ ජින්නති,
    අප්පම්පි වෙ සද්දහානො දදාති - තෙනෙව සො හොති සුඛී පරත්ථ

    "දීම හා යුද්ධය සමානයයි කියති. වීර්යවත් පුරුෂයෝ ටිකදෙනෙක් වූවාහු ද ඔවුහු බොහෝ වූත් බියසුලු වූත් සතුරන් පරදවා ජය ගණිති. කම්පල අදහමින් ටික දෙයක් නමුත් දෙ‍න්නේ ඒ කරණ කොට පරලොව්හි ඉෂ්ටවිපාක ලබා සුව ඇත්තේ වන්නේය."

    ගිහීසාමීචිපටිපදං පටිපජ්ජන්ති පණ්ඩිතා - සම්මග්ගතෙ සීවන්තේ චීවරෙන උපට්ඨිතා
    තෙසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪති - සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දකං

    "ගැහැවිය, යම්කිසි ආර්යකෙනෙක් චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චය යන මෙයින්, මොනවට පිළිපන් සිල්වත් සංඝයා පුදත් ද ඔවුහු හැම යසඉසුරු දෙන්නා වූ සවර්ගය පිණිස පවත්නා වූ ගිහියනට සුදුසු වූ පිළිවෙතෙහි පිළිපදින්නෝ වෙති. එමතුද ගැහැවිය, ඔවුන්ට දිවා රෑ දෙක්හි සියලු වේලෙහි පින් රැස් වේ,
    ඔවුහු මරණින් මතු දෙව්ලොව උපදිති."

    නාහං භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි අපි ච ඛො අනුපුබ්බසික්ඛා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති.

    "මහණෙනි, මම පටන්ගත් තැන ම මුල ම කිසිවකු හටත් නිවන් ලැබේය යි නොකියමි. පිළිවෙත් පිරීමෙන් ඒ ලැබිය හැකිය යි මම කියමි."


    මෙතනින් පටන් ගන්න හිතුවා. මිනිස්සු නොයෙක් භාවනා වැඩ සටහන්වලට එහෙම සම්බන්ධ වෙනවා දවස් 15 න් නැත්නම් දවස් 7 න් නැත්නම් දවස් 4 න් සෝවාන් වෙලා හරි තමයි ආයිත් එන්නේ කියලා හිතාගෙන. හැබැයි කිසිම කෙනෙක්වත්, බොහෝ භාවනා ගුරුවරුවත් කියන්නෙ නෑ නිවන් ලැබීමට ටික කාලයකින් ටික පින්කමකින් කරන්න බැහැ කියලා. ඒ වෙනුවෙන් කල්ප ගණනක් මුළුල්ලේ පින් දහම් කරලා පාරමිතා සම්පූර්ණ කරලා නුවණ මෝරා ගන්න ඕනා. වර්තමාන ජීවිතයේ පාරමිතා සම්පූර්ණ කරන්න කිසි උත්සහයක් නොදක්වන මිනිස්සු භාවනා වැඩ සටහන්වලට යන්නේ මන් නිවන් දැකලා තමයි එන්නේ කියලා හිතන්. ඒත් ඒ වෙනුවෙන් සැපිරිය යුතු අධිෂ්ඨාන හා වීර්යය හා නෙෂ්ක්‍රම්‍ය පාරමිතා ඒ අය වර්තමානයේ කොයි තරමින් සම්පූර්ණ කරලාද කියලා ඒ තැන්වලදී කවුරුවත් පුනරීක්ෂණය කරලා බලන්නේ නෑ. මේ විතරක් නෙමේ අනිත් පාරමිතාවනුත් එහෙමයි. හැබැයි මේ කල්ප ගණන කීයක් ද කියන්න කිසි කෙනෙක් දන්නෙ නෑ. බුදුහාමුදුරුවන්ටත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බව අපි දන්නවානේ. සැරියුත් - මුගලන් දෙනමත් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බව ඔයාලා දන්නවානේ. අනිකුත් රහතන් වහන්සේලාත් අඩුම තරමේ කල්ප ලක්ෂයක්වත් පෙරුම් පුරලා තියෙනවා ඔයාලා දන්නවානේ. ඒත් ඒ මොකුත් නොදැන අපි නොයෙක් දේ කරනවා.

    ඉතින් සංසාරේ ඇවිද ඇවිද යද්දි හැමදාම අතපය හොඳින් තියෙන, සිහිය හොඳින් තියෙන මිනිස් ජීවිතයක් ම ලැබෙයි කියලා අපිට සියයට සියයක් ගැරන්ට් කරන්න බෑ. ඒක ඔයාලා දන්නවා ඇති. අසූහාරදාහක් වෙහෙර විහාර කරවපු අශෝක රජතුමාත් මරණයෙන් පස්සෙ පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා තියෙනවා. සමහරෙක් අපායගාමී වෙනවා, සමහරෙක් දිව්‍ය ලෝකෙ උපදිනවා. සමහරෙක් මනුෂ්‍යයෙක් විදියටම උපදිනවා. පුනරුප්පත්තිය ගැන එඩ්ගාර් කේසි, බ්‍රයන් වෙල්ස් වගේ අයගේ පොත් පත් කියවද්දි ඒ ගැන ඔයාලට දැන ගන්න පුළුවන්. නමුත් මෙතනදි දුගතියෙ ඉපදුනොත් පින් කරන්න බැරි බව තමයි මතක තියා ගන්න තියෙන වැදගත් දේ. හිතන්න ඔයාලට පුළුවන් ද කියලා ස්ථිරවම කියන්න ඔයාලා මේ ආත්මභාවයෙන් පස්සේ ආත්මය දුගතියේ නොඉපදෙයි කියලා. දුගතියෙ ඉපදුනොත් අර කල්ප ගණන තවත් දිග් වෙන්න පුළුවන් මන් හිතන විදියට. සුගතියේ ඉපදුනත් හැම කෙනෙක්ටම නිවන් දකින්න බෑ. ඒ වෙනුවෙන් අපි පුණ්‍ය කටයුතුවල යෙදෙන්න ඕනා. හැබැයි ඒ පුණ්‍ය කටයුතු වලදී හිස් තැන් තියෙන්නත් බෑ. ඔයාලා දන්නවානේ සුගතියෙදි වුනත් හැම තැනක්ම පින් කරන්න පුළුවන් තැන් නෙමෙයි කියලා. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඔයාලට. මනුෂ්‍යයන්ට විතරයිනේ පින් කරන්න පුළුවන්. අපි දෙන පින තමයි දෙවියොත් අනුමෝදන් වෙන්නේ. සමහරක්වෙලාවට අත පය, මුදල් හදල් තිබුනත් දනක් පිනක් කරන්න හිතක් එන්නේ නැති බව ඔයාලා දන්නවානේ හැමෝටම. අනිත් අතට දන් පින් කරන්න හිතුනත් ඒ දේ කරන්න ඇඟේ පතේ හයිය හත්තිය නැති, මුදල් හදල් නැති මිනිස්සු කොයි තරම් ඉන්නවාද? මේ හැමදෙයින්ම මිනිස් ගුණ සම්පූර්ණ කරන්නේ දානමය පුණ්‍ය කර්මය. හැම තැනදිම දානය තමයි මුල් කරලා දේශනා වෙන්නේ. බලන්න දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා වගේ ‍මේ හැම තැනදිම. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි යාළුවනේ. නිවන් දකින්න පළමු‍වෙන්න සහ පහසුවෙන්ම කරන්න පුළුවන් දේ දාන පින්කම. ඒ නිසාවෙන්මයි දානමය කුශලකර්මය හැම බුදුවරයෙක්ම මුල් කරලා දේශනා කරන්නේ. ඒ නිසාම දානමය කුශලකර්මය නිවන් පිණිස පවතින නිසා බ්‍රහ්මචරිය විදියට හඳුන්වනවා.



    (ඉතිරිය සමග නැවත හමුවෙමු.)


     
    • Like
    Reactions: harindugamlath
    හොදයි සහෝදරයා පෝස්ට් එක. :yes::yes:
    මේ ලැබිලා තියෙන ජීවිතේදී පුළුවන් තරම් පින් දහම් රැස් කරන එක තමා අපිට කරන්න පුලුවන් හොදම දේ.
    :yes: