මන් පොඩි කාලේ.... Funny Story

Black_Burn

Member
Dec 11, 2011
278
32
0
Sri Lanka
මන් පොඩි කාලේ.... Funny Story

මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා.:P දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක වැදුනා.:love: වැදුන ගමන මන් අම්බානෙක බය වුනා. මන් එයාට කිව්වා ඔයාට දැන් බබෙක් හම්බවෙයි අපි දෙන්නගේ තොල් දෙක වැදුනනේ කියලා.:shocked: ඒකි කියනවා ෂොයිනේ මට එතකොට බෝනික්කව විසික් කරලා බබා එක්ක සෙල්ලන් කරන්න පුළුවන් කියලා.:P
මන් ඒකිට ගිහින් කට හෝදන්න කියලා සිය සැරයක් විතර කිව්වා ඒකි ඇහුවෙම නැ. ඊටපස්සේ මට මල පැනලා ඒකිට ගැහුවා ඒකිත් මට ගැහුවා.:growl: දැන් දෙන්නම බිම පෙරලි පෙරලි ගහගන්නවා. කොහොමහරි මන් ඒකිට අම්බානෙක ගහලා එක කකුලකින් ඒකිව ඇදගෙන ගියා ටැප් එකක් ලඟට කට හෝදන්න, ඇයි මන් හිතන් හිටියේ එහෙම වුනාම බබාලා හම්බවෙනවා කියලනේ. ඒකි යක්ෂනියක් වගේ බෙරිහන් දිදි කෑගැහැව්වා මන් ඇදන් යද්දි. ඒ සද්දෙට අපේ අම්මලයි එයාලගේ ගෙදර අයයි අහල පහල අයයි ඔක්කොම දුවන් ආවා.
කට්ටිය එකතු වෙලා දෙන්නව බේරලා දෙපැත්තට දාලා මගෙන් ඇහුවා ඇයි ගහන්නේ කියලා. මන් ඉතින් කිව්වා මෙහෙම තොල් දෙක වැදුනා මට තාත්තා කෙනෙක් වෙන්න බැ මෙයාට කට හෝදන්න කිව්වම කරන්නේ නැ කියලා. කට්ටිය දැන් හක හක ගගහා හිනාවෙනවා මට තවත් මල. මට තරහා වැඩි කමටම ඇඬෙන්න පටන් ගත්තා. දැන් මන් අඬනවා අරකිගේ කට හෝදන්න කියලා ඒකි අඬනවා කට හෝදන්න බැ ඒකිට බබෙක් ඕනේ කියලා. එක විකාරයයි දැන් මුළු පැත්තෙම.
මන් එක දිගට බිම පෙරලි පෙරලි ඇඬුවා ඒකිට කට හෝදන්න කියලා. පස්සේ ඒකිගේ නැන්දා වතුර කෝප්පයක් අරන් ඇවිත් අරකි බැ බැ කියද්දි දෙකක් දීලා කට හේදෙව්වා. ඊටපස්සෙ මන් බිම බලන් හොරෙන් හිනා වෙවි ගෙදරට ආවා ඒකි අඬ අඬ ගෙදරට ගියා. ඊට පස්සෙත් අපි පොඩි කාලෙදි ඒකි ආවා අපේ පැත්තට පස් හය පාරක් ඒත් ඒ වෙද්දි අපි දෙන්නා සැර තරහාකාරයෝ:frown:. මන් ඒකීට ඔරවනවා ඒකි මට ඔරවනවා.
ඊටපස්සේ දවසක් අපි ඕලෙවල් කාලෙදි අහම්බෙන් මූණට මූණ හම්බවුනා එතකොට ඉතින් දෙන්නම දන්නවනේ බබාලා හම්බවෙන්නේ කොහොමද කියලා දෙන්නටම එක පාරට හිනා ගියා ඒත් ලැජ්ජාවට එදා කථා කලේ නැ. අද නුගේගොඩදි අපි දෙන්නා ආයේ අහම්බෙන් හම්බවුනා අදනන් ගොඩක් වෙලා කථා කර කර හිටියා. මන් ඉතින් විහිළුවට ඇහුවා ආයේ බබෙක් හදමුද කියලා. අම්මෝ බැහැ එක පාරක් බබාව නැති කරවන්න කියලා කට හෝදනකන් බිම පෙරලි පෙරලි ඇඬුවා මේ පාර හැමෝම ඉස්සරහා කොහේ හෝදන්න කියලා අඬයිද කව්ද දන්නෙ කියලා කිව්වා:P

FB Page එකකින් උපුටා ගන්න ලදී
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මං පොඩි කාලෙ බබාලා හම්බෙන්නෙ කොහොමද කියල ඇහුවම අයිය කෙනෙක් දුන්නෙ පට්ට උත්තරයක්. ඌ කිව්ව කෙල්ලන්ගෙ චූ කරන එක ඇතුලෙ බ්ලේඩ් තලයක් වගේ එකක් තියනව. කොල්ලො චූ කරන එක ඒක ඇතුලට දැම්මම අපේ චූව කැපිල එන ලේ බින්දු වලින් තමයි බබාල හැදෙන්නෙ කියල. ඒ දවස් වලනම් ලොකු වෙලා බඳින්න වෙන එක ගැන පට්ට බයකින් හිටියෙ ඔය කතාව අහල:lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    යකෝ ඔයවගේ දරුණු කතා කියල පොඩි උන්ව බය කරන්න හොදනෑ.:angry::angry: 23 උන මාවත් බය උනා ඒක අහල :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :lol::lol::lol: පට්ට බන් මෙකත් ෆන් ත්‍රෙඩ් එකක් වෙයි වගෙ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යකෝ ඔයවගේ දරුණු කතා කියල පොඩි උන්ව බය කරන්න හොදනෑ.:angry::angry: 23 උන මාවත් බය උනා ඒක අහල :lol::lol:
    දැන් කාලෙ පොඩි උන්ව නම් බයකරන්නම ඕනෙ බං. උන් අපි දන්නෙත් නැති එව්ව කියන්නෙ:lol::lol:
    :lol::lol::lol: පට්ට බන් මෙකත් ෆන් ත්‍රෙඩ් එකක් වෙයි වගෙ
    අනිවා :rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kollo witharak inna group ekaka machan thibbe

    එලකිරි එකේ දැන් ඉන්නව FB pages* කරන උන්, ඔන්න බලපන් හෙට වෙනකොට මේක දෙක තුනක වෙලා තිබ්බේ නැත්තම් උන් හැදුව වගේ :lol::lol:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එලකිරි එකේ දැන් ඉන්නව FB groups කරන උන්, ඔන්න බලපන් හෙට වෙනකොට මේක දෙක තුනක වෙලා තිබ්බේ නැත්තම් උන් හැදුව වගේ :lol::lol:
    :rofl::lol::lol: නම් ගම් හිටන් දානවා කෙල්ල සකුන්තලා කියයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :rofl::lol::lol: නම් ගම් හිටන් දානවා කෙල්ල සකුන්තලා කියයි
    සමහර පත්තර කාරයොත් මේකෙ යන ත්‍රෙඩ් ගෙඩි පිටින් උස්සල දානවා බං.:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සමහර පත්තර කාරයොත් මේකෙ යන ත්‍රෙඩ් ගෙඩි පිටින් උස්සල දානවා බං.:lol::lol:
    :lol::lol: ඔව් ඔව් අර මවුබිමෙනේනුත් මෙකෙන් උස්සලා තිබුනෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::lol::lol: නම් ගම් හිටන් දානවා කෙල්ල සකුන්තලා කියයි

    අනිවා ඕනනම් photo එකකුත් දායි පොඩි උන් දෙන්නෙක් ඉන්න :lol::lol: