මනාප ඡන්ද ප්‍රතිඵල balanna site ekak nadda ?

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මනාප ඡන්ද ප්‍රතිඵල balanna site ekak nadda ?

    මනාප ඡන්ද ප්‍රතිඵල

    :rolleyes::rolleyes::rolleyes:


    pg190.jpg




    පළාත් පාලන මැතිවරණයේ මනාප ඡන්ද ප්‍රතිඵල
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මටත් දැන ගන්න ඕනේ බන්
    දැන් ඔක්කොම රිස්ල්ට් දාලා තියෙන්නේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මගේ අදුරන කෙල්ලෙකුත් ඉල්ලුවා ජන්දේ ඔය පැත්තෙන්
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Kaduwela Municipal Council: UPFA (1) G.H. Buddadasa - 29719
    (2) Buddhika Thushara - 23621
    (3) Niel Shantha – 8672
    UNP (1) Sarath Priyantha – 9245
    (2) Anil Nihal – 5622
    JVP (1) Galagama Ranjith - 1050


    Kesbewa Urban Council: UPFA (1) Lakshman Perera - 11283
    UNP (1) Karunaratne - 31930
    JVP (1) Lakshman Nipunarachchi - 1560


    Homagama Pradeshiya Sabha: UPFA (1) A.D. Kumarasiri - 20170
    JVP (1) Aruna Panagoda - 3854
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    පළාත් පාලන ආයතන 65 ක් සදහා ඊයේ (23) පැවති මැතිවරණයේ සියලූම ඡන්ද ප‍්‍රතිඵල නිකුත්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒ අනුව මෙවර වැඩිදෙනෙකුගේ අවධානය යොමුව තිබූ කඩුවෙල මහ නගර සභාවේ මනාප සටනේ ඉදිරියෙන්ම පසුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ඡන්ද 29,719 ක් ලබාගත් ජී.එච්. බුද්ධදාස සමත් වුණා. එම මනාප සටනේ දෙවැනි ස්ථානය මනාප 23621 ක් ලබාගත් බුද්ධික තුෂාර විසින් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු සනත් පි‍්‍රයන්ත පත්බේරිය මනාප 9245 ක් හිමිකර ගනිමින් එම පක්ෂය ප‍්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවා.

    මේ අතර, කැස්බෑව නගර සභාවේ මනාප ප‍්‍රතිඵලය අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු හිටපු නගරාධිපති ලෙනාඞ් කරුණාරත්න. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 31930 ක්. එය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. කෙසේ වුවත් එම නගර සභාව ජයග‍්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂක ලක්‍ෂ්මන් පෙරේරා සන්ධාන මනාප ලැයිස්තුවේ ඉදිරියෙන්ම පසුවනවා. ඒ මනාප 11283 ක් ලබාගනිමින්. හෝමාගම ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ඒ.ඞී. කුමාරසිරි මනාප 19800 ක් හිමිකර ගනිමින් එහි පළමු ස්ථානය ලබාගැනීමට සමත් වුණා.


    මේ අතර, ගම්පහ දිස්ති‍්‍රක්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශී සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු උපුල් රාජපක්ෂ මනාප 32264 ක් ලබාගෙන තිබෙනවා. මෙරට මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අකුරණ ප‍්‍රාදේශීය සභාවේ බලය මෙවර එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අකුරණ ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මොහොමඞ් සිම්මාට් මනාප 3588 ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. එම ප‍්‍රාදේශීය සභාව සදහා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ මොහොමඞ් ෆාරුක්. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 4730 ක් වීම ද විශේෂයක්.


    උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතන්හි මනාප ඡන්ද නිකුත් කිරීම තරමක් ප‍්‍රමාද වුවද මේවන විට එම පළාත් පාලන ආයතනවල ද මනාප ඡන්ද නිකුත් කිරීම අවසන් කර තිබෙනවා.


    ඒ අනුව පළාත් පාලන ආයතන 65 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ ඡුන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 45 ක ජයග‍්‍රහණය දිනා ගැනීමට සමත් වුණා. සමස්ථ ආයතන සංඛ්‍යාවෙන් ආයතන 18 ක ජය හිමිකරගත්තේ, ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂය විසින්. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආයතන 2 ක බලය හිමිකර ගැනීමට සමත් වුණා. එක්සත් ජාතික පක්‍ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද මෙවර ඡන්ද විමසීමෙන් කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිකරගැනීමට හැකිවුනේ නැහැ.

    Code:
    http://www.hirunews.lk/sinhala/12090
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කොළඹ දිස්ත‍්‍රික්කයේ මනාප ප‍්‍රතිඵල නිකුත් වේ.
    2011 ජූලි 24 ඉරිදා- පස්වරු 03:27
    ඊයේ (23) පැවති පළාත් පාලන මැතිවරණය පැවති කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් ආයතනවල මනාප ප‍්‍රතිඵල දැන් නිකුත් වී තිබෙනවා. ඒ අනුව, කඩුවෙල නගර සභාව ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන් අතුරින් ඉදිරියෙන් සිටින්නේ ඡන්ද 29,719 ක් ලබාගත් ජී.එච්. බුද්ධදාසයි. කැස්බෑව නගර සභාවේ මනාප ප‍්‍රතිඵලය අනුව නිදහස් සන්ධානයේ අපේක්‍ෂක ලක්‍ෂ්මන් පෙරේරා ඉදිරියෙන් සිටිනවා. ඔහු ලබා සිටින මනාප ඡන්ද සංඛ්‍යාව 11,283 ක්. හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රථම ස්ථානය හිමිවී ඇත්තේ මනාප ඡන්ද 20,170 ක් ලබාගත් ඒ.ඞී. කුමාරසිරිටයි.
    Code:
    http://www.hirunews.lk/sinhala/12082