මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,

මේ ලිපියෙන් අද කතා කරන්නේ ඔබගේ විවාහ උත්සවය පවත්වන ස්ථානය ගැනයි ..මුලින්ම ඔබ විවාහ උත්සවය පැවැත්වීමට අදහස් කරන්නේ කුමන තැනක ද කියා තීරණය කල යුතු ය. ඔබ විවාහ උත්සවය නිවසේ පැවැත්වීමට තීරණය කලොත් කල්පනා කර බැලිය යුතු කාරණා කීපයක් තිබේ...ඔබ මංගල උත්සවයට කොපමණ පිරිසකට ආරාධනා කරන්නට අදහස් කරනවා දැයි මුලින්ම තීරණය කල යුතුයි ..මන්ද ඔබගේ අරධිතයන්ට නිවසේ නිදහසේ හැසිරෙන්නට සංග්‍රහ කරන්නට ඉඩ තිබිය යුතුයි ...ඒ අතරම සියලු දෙනාටම ආසන සුදානම් කිරීමත් වැදගත්..
ආසන සහ මේස පිළියෙළ කිරීමට ඔබේ නිවසේ සහ මිදුලේ ඉඩ තිබේ දැයි බලන්න. ඉන්පසුව මේස පුටු හා අහාර පිළිගැන්වීමේ දී අවශ්‍ය වන පිගන් විදුරු අත්පිස්නා වැනි දේ ඇනවුම් කරන්න...මංගල උත්සවය දිව කාලයේදී පවත්වන්නේ නම් තද අව්වෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ද ඔබ සුදානම් කල යුතු ය ..
එසේම හදිස්සියේ ඇති වන වර්ෂාවකින් වුව ඔබගේ අරදිතයන්ට හානියක් නොවන ලෙස උත්සවයට සහභාගී වන්නට අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි . එසේ කල යුත්තේ ඔබගේ වැදගත් දිනයට සුබ පැතීමට එන ඔබගේ නෑදෑ හිතවතුන්ට ගැටළුවක් නොවන අයුරින් පහසුකම් සලසා තිබීම ඔබගේ වගකීමක් බැවිනි...

මංගල උත්සවය නිවසින් පිටත උත්සව ශාලාවක හෝ හෝටලයක පවත්වන්නේ නම් එයද කල් ඇති ව තීරණය කොට තිබිය යුතුයි මුලින්ම ඔබගේ ආරාධිත පිරිස අනුව අවශ්‍ය ඉඩ කඩ තිබෙන ජායා රුප ගැනීමට සුදුසු පසුතලයක් ඇති ස්ථානයක් තෝරා ගන්න...එම ස්ථානයෙන් අහාර ඇනවුම් කල හැකි ද ? මේස පුටු ලබා ගත හැකි ද ? ආදී කරුණු සොයා බලන්න ..මේ පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීම තුලින් ඔබගේ කාලය ඉතුරු කර ගැනීමට ඔබට හැකි වේ,,,


නවලිය පුවත් පත ඇසුරිනි...

This is my promise to share the next part of this letter also on next week.....:)

crowd.jpeg
 
Last edited:

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔක්කොම ලැස්ති... කරලා තියෙන්නේ.... බලන්නකෝ.... අඩුපාඩුවකට කියලා තියෙන්නෙත්... මනාලියෙක්ම තමා. :lol:.

    කාට හරි මේ Info වැදගත් වෙයි නේ... ඔන්න මගෙනුත් බම්ප්ස් එකක්. :)