මනුස්සකම රැකගන්න

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මනුස්සකම රැකගන්න

    මනුස්සකම රැකගන්න

    මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න.
    කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න.
    යන්නට බිය වූ තැනට යන්න.
    එක හොඳ ගතිගුණයක් වගා කරන්න.
    එක වැරදි වැඩක් නතර කරන්න.
    මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න.

    දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට මනුස්සකමේ අගය හඳුනාගැනීම පහසු වන්නේය.

    -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය
     
    • Like
    Reactions: abds119

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එන්න - සමාජයට වැඳගත් කෙනෙකු ලෙසින්
    පිළිගන්න - හැම කෙනෙක්ම ගෞරවයෙන්
    ඉඳගන්න - තවත් කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
    සිනහවෙන්න - සමච්චලයට නොව අවංක හදවතින්
    කථාකරන්න - අවශ්‍ය දෙයක් පමණක්
    කියන්න - කේලම් නොවන ඕනෑම දෙයක්
    අහන්න - කියන්නා කෙසේ කීවත් සිහි බුද්ධියෙන් ඕනෑ තරම්
    සිතන්න - නිතරම අළුත් දෙයක්
    බලන්න - දෙනෙතට, මනසට ප්‍රිය උපදවන යමක්
    අඳින්න - පිරිසිදු, චාම්, සංස්කෘතියට ගැළපෙන ඇඳුමක්
    ඉන්න - කිසිවිට කිසි කෙනෙකුට කරදරයක් නොවන අයුරින්
    ලියන්න - දැණුමක්, වින්දනයක් ලබාගතහැකි යමක්
    කරන්න -තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්
    ඉතිරි කරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
    ඉගෙනගන්න - හැම වෙලාවෙම යමක්
    උත්සාහ කරන්න - උත්සාහ කළොත් නොකළ හැකි දෙයක් නොවන නිසා
    කන්න - ඔබට ප්‍රමාණවත් තරම්
    බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවන යමක්
    නාන්න - ගතත් සිතත් පිරිසිඳු වන අයුරින්
    සෝදන්න - අනෙක්වා මෙන්ම හදවතත්
    නිදාගන්න - විරාමයක් ලබාගන්නට පමණක්
    නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින්
    ඇවිදින්න - බලන්න බොහෝ දේ ඇති නිසා
    යන්න - යා යුතු මග ඉඳිරියට නොබියව
    හැදෙන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙකු ලෙසින්
    රකින්න - ආත්ම ගරුත්වය දිවි නොදෙවෙනි කොට
    මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ උතුම් මිනිසෙකු ලෙසින්

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sandunrulz.s