මනෝකාය/part II(Astral body)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මනෝකාය/part(II)(Astral body)

    මාගේ මේ උත්සහය අද බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් වී තිබෙන මනෝකාය ඔබට තේරෙන ආකාරයෙන් පහදා දීමටය.

    මනෝකාය නම් ද්‍රව්‍යමය ස්වභාවයක් නැති විද්‍යුත් ශක්ති ප්‍රභවයක් මගින් පෝෂණය වන භවයෙන් භවයට වෙනස්වන සුළු ශක්ති ස්වභාවයකි. මෙය “ ඕරා ” නමින් එදුන්වන ශක්තියක් නොවේ.

    සජීවී ගසක් හෝ ශාඛා පත්‍රයක් කඩා හෝ කපා ඉවත්කල පසුද ඒ ඡායාව එක්තරා කෙටි කාලයක් ඒ අයුරින්ම පවතී. එය ජීව වස්තුවේ විද්‍යුත් ආරෝපණ ප්‍රභවය හා බැදී ඇත.

    හදිසි අනතුරැ වලින් කැපී වෙන්වන අත් පා ඇභිලි වැනි ශරීරාංග පැයක් පමණ ඇතුලත බද්ධ කිරිමට පුලුවන් කමක් ඇත. නුවණින් සිතා බලන අප ශරීරයේ සෑම සෛලයකින්ම විද්‍යුත් ආරෝපණ නිකුත් වේ. මේවා කැපී වෙන්වී ගිය ශරීරාංගයකින් නිකුත් විම ක්‍රමයෙන් අඩුවේ. එසේම ඕරා ශක්තියද ක්‍රමයෙන් අඩුවි නිවි යයි. මේ ශක්තිය නිවෙන්නට පලමුව බද්ධ කලොත් සාර්ථක වෙයි.

    * . අළුත්ම අධිමානසික පරීක්ෂණයන්ට අනුව ඕරා නම් රශ්මි ශෙත්‍රය ( බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මි) යම් කෙනෙක් මිය යන්නට පැය කීපයකට ප්‍රථම ක්‍රමයෙන් හීනවී , ක්ෂය වී , අහෝසිවි යයි. මේ විද්‍යුත් ශෙත්‍රය මියගොස් පැය කිහිපයකට පසු අහෝසි වි යයි.

    *.· බුදුරජාණන් වහන්සේ මට්ටකුන්ඩලී මරණාසන්නව සිටින විට එහි වැඩම කොට මට්ටකුන්ඩලීට බුදුන් දකින්න‍ට සැලැස්වූයේ බුද්ධ රශ්මි බිත්තියට ප්‍රක්ශේපණය කිරීමෙනි. ඊට ප්‍රගුණකල අධීචිත්ත බලය ඉවහල් වේ. ඒ අධිෂ්ඨාන ශක්තිය වේ. එසේ නැතිව වෙනත් මනෝකායක් බුද්ධ දේශණාවේ සදහන්ව නැත.


    ඕනෑම සත්වයෙකුගේ ශරීරයේ එකී හැඩය නිර්මාණය වන්නේ මේ විද්‍යුත් සැකිල්ලට සැලැස්මට අනුවයි. සත්වයාගේ ඉතා සියුම් ආරම්භක සුථාන අවස්ථාව වන යුක්තානුව වර්ධනය වන්නේ මේ චුථභක ශෙත්‍රයට ද්‍රව්‍යමය ශක්තිය හා තත්ත්වය ලබා දීමෙනි.

    මෙය චතුරිධානයට සමවැදී එහි ශක්තිය වර්ධනය කර අපට අවශ්‍ය පරිදි අපේ ඕපාරික ශරීරයෙන් මදක් ඉවතට යොමුකල හැකිය. එය ධ්‍යානයේ ශක්තිය මත රදා පවතී. මෙය බලංගොඩ ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් අත්හදා බලා ඇතුවා වියහැක.

    මේ මනෝකාය ඕලාරික ශරීරයේ සෙවනැල්ලක් යැයි සරලව ප්‍රකාශ කලොත් එය නිවැරදිය.මෙය පිරිසිදු බුදුදහමේ වැදගත් මාතෘකාවක් නොවේ.බුදුන් වදාල ලෝකෝත්තර විද්‍යාව තුල එවන් සංසිද්ධීන් බහුලව ඇතත් ඒවාට එතරම් විශේෂත්වයක් දි නැත. මේ ශක්තිය සත්ත්වයා මියගිය විට සිරැරෙන් අහෝසි වී යයි.

    භවාංග සිත සිරැරෙන් ඉවත් වූවත් එය භවයෙන් භවයට යන ශක්ති ප්‍රභවයයි. එහි සියළු දේ සටහන් ව ඇත.


    පරමාණුවක හැඩය හා විශ්වයේ හැඩය සමානයි. සෞරග්‍රහ මණඩලයේ හැඩය පරමාණුවේ හැඩය හා සමානයි.



    %C3%A0%C2%B6%C2%B1%C3%A0%C2%B7%C5%A0%C3%A2%E2%82%AC%C2%8D%C3%A0%C2%B6%C2%BA%C3%A0%C2%B7%E2%80%9A%C3%A0%C2%B6%C2%A7%C3%A0%C2%B7%E2%80%99%C3%A0%C2%B6%C2%BA.JPG



    %C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B7%C2%8F.JPG






    anatomy-malefront-ems.jpg



    සිරැරක කොටස් ඉවත්කල පසු වුවද කිරිලියන් ජායාරෑපයේ එම අයින්කල කොටස ජායාවක් සටහන්ව පවතී. ඒ ජීව ශරීරය වූ චුම්භත ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වීමේ ලක්ෂණයයි.


    source
     
    Last edited:
    • Like
    Reactions: Zeus and ~v3n0m~

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    good work! Thanks for sharing your knowledge with us! I'm also interested in this astral body related things.