මනෝරත්න
නිසැකවම
කේතුමතියේ
අලුත් නාට්‍යයක්
හදනවා විය යුතුය,
අංග රචනාවටත්
ප්‍රධාන චරිතයකටත්
" ජයලාල් " වම
තෝරාගන්නට ඇත
දැන්
ඔය පියාගෙන
සිටින මුව
විවර කරනු ඇත්තේ
කේතුමතියේදිය
එවිට
දෙවියන්ටද
බඩ අල්ලාගෙන
සිනාසෙන්නට හැකිය,
හිනැස්සවීම
දිව්‍ය ලෝකයට
දුවන්නට හදිසි
අයට හොදම
මඟක් බව
එහි එක
පෙලට ගිය
විජය නන්දසරිද
ජූඩ්ද
රොනීද
ටෙනිසන්ද
ඔප්පු කර
හමාරය,
කැමති කැමති
අය කේතුමතියට
ගෙන්වා ගන්නට
මාර දිව්‍ය පුත්‍රයාද
එහි ගොස්
නාට්‍යය බලනවා
විය යුතුය
දැන්
කේතුමතියට
ප්‍රහසන නළුවන්
ඕනවටත් වැඩිය
අනේ අපටත්
දෙතුන් දෙනෙකු වත්
ඉතුරු කරන්න
අපිත්
හිනාවෙන්නට
කැමතිය....
රසික සඳරුවන්
