මනෝවෛද්‍යවරිය

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මනෝවෛද්‍යවරිය

    දිනක් මනෝවෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

    ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි.

    විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා.

    විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා.

    දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා.

    තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා.

    සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා.

    නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා.

    මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා.

    පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා.

    "දැන් මට කියන්න,
    ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?"

    විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා.

    මේ එයින් කිහිපයක්.

    1."අද උදේ දේශනයට එන්න කලින්"

    2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා"

    3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි"

    4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ"

    5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ"

    6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ"

    7."ගිය අවුරුද්දෙ"

    8."මතක නැහැ"

    මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා.

    ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා

    "දැන් ඔබම මොහොතක් සිතන්න,
    ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද?
    මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක."

    "මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.
    එකිනෙකාට සමීප විය යුතුයි.
    සොයාබැලිය යුතුයි."

    කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා.

    මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා.

    "අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි.
    මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල."

    කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා.

    "දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු.
    ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට.
    අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න."

    "මම ඔයාට ගොඩක් ආදරෙයි බබා,
    ඉක්මනට එන්න අද,
    මට පාලුයි"

    කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා.

    ඉන්පසුව ඇය මෙසේ පැවසූවා.

    දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල.

    "ට්‍රීන් ට්‍රීන්"

    "ක්වෑක් ක්වෑක්"

    "ටිං ටොං ටිං"

    පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා.

    කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි.

    1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්"

    2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට,
    හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ"

    3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද?
    පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප"

    4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ,
    මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ"

    5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ,
    මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ"

    6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?"

    7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං,
    හොදින් අහන්නෙ,
    අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව.
    මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද"

    අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි.

    8."මොකාද යකෝ මේ,
    මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මරන් කනව"

    දේශනය එතනින් සමාප්ත විය.


    .................................................................

    සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා.

    විවාහය අමු අඹයක් වැනිය.
    කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි.

    Copied
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    කොපි කරල මූනූ පොතේ දාන්න තරම් හිතුනා බොලවු
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විවාහය අමු අඹයක් වැනිය.
    කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි.


    වල් ඇබයක් හොයාගත්තොත් ඉතින් එහෙම තමයි ...:sorry::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    විවාහය අමු අඹයක් වැනිය.
    කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි

    :lol: