...:: මමයි විනාෂ කලේ ::...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ...:: මමයි විනාෂ කලේ ::...

    images


    උත්සාහය සහ විශ්වාසය මත ජයග්‍රහණය රඳා පවතින බව නොරහසකි. යමෙකුට උත්සාහය, විශ්වාසය, කැපවීම ඇත්නම් ඔහුගේ ජයග්‍රහණට කවරකටවත්, කිසිවෙකුටවත් නතර කල නොහැක්කකි. මේ බව සනාථ කරන අපූරු, රසවත්, කුඩා කතාවක් ජපානයේ බිහි වී ඇත. ඒ කතාන්දරය මෙසේයි.

    මීට වසර ගණනාවකට ඉහතදී ජපානයේ එක්තරා සෙන්පතියකු වාස‍ය කලේය. දිනක් ඔහුට තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල සේනාවක් සමඟ යුධ වැදීමට සිදු විය. මෙය සිදුකිරීමට ඉතා අපහසු ක්‍රියාවක් බව වැටහීමට සෙන්පතියාට වැඩි වේලාවක් ගත නොවීය. යුද්ධය ගැන දැනගත් විගස තම හමුදාවේ සේවය කරන සෙබලුන් පවා කිසිසේත් මෙම යුද්ධය, ජයග්‍රහණය අරමුණු කර නොගෙන සිදු කරන බවද හෙතෙම දැන සිටියේ ය. ඔහු සිතු දේ සැබෑවක්ම විය. තම ප්‍රතිවාදීන් පිළිබඳ දැනගත් හමු‍දවේ සෙබලුන් මානසික වශයෙන් විශාල ලෙස ඇද වැටිනි. ඔවුන්ට හැඟුනේ, තමන් තම සෙන්පතියාගේ නායකත්වය යටතේ සිදු කල නොහැකි යමක් සිදු කිරීමට උත්සාහ දරණ මෝඩයින් පිරිසක් ලෙසයි. සෙන්පතියාට මේ බව අ‍වබෝධ විය. නමුත් කල හැකි අන් කිසිවක්ද නොමැත. කෙසේ හෝ මේ යුද්ධය ජයග්‍රහණය කොට තම භූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු සතුය.

    යුද්ධයට පෙර දින රාත්‍රිය උදා විය. සියලු දෙනම මානසිකව පහක් තත්වයට ඇද වැටී සිටි අතර ඔවුන් දැනටමත් පරාජය බාරගත් අය බවට පත්වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ට යුද්ධය අතරදී පරාජය වුවහොත් පලායාටම හැකි පාලමක් ඔවුන්ගේ රාජ්‍ය අසල පිහිටා තිබිනි. පලායාමට තිබූ එකම මාර්ගය මෙය විය. මේ බව දැනගත් බුද්ධිමත් සෙන්පතියා කලේ මේ පාලමට විශේෂ ආරක්ෂාවක් යොදා එය රැක ගැනීමට කටයුතු කිරීමයි. කෙසේ නමුත් රාත්‍රිය එළඹී මුළු පළාතම ඝණ අන්ධකාරයෙන් වැසී ගිය විට එක්වරම පාලම දෙසින් මහා ශබ්දයක් ඇසිණි. සියල්ලෝම ඒ පිළිබඳව විමසිලිමත් වූහ. අවාසනාවකි, පාළම සතුරන් විසින් විනාශකර දමා තිබිණි. සිදු කිරීමට අන් කිසිවක් නැත. දැන් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිතය උදෙසා සටන් කිරීමටයි. අන් විකල්පයක් නොමැති හෙයින් සියලු දෙනා තම උපරිමයෙන් සතුරන් සමඟ සටන් කරන ලදී. යුද්ධය අවසාන විය. දැඩි අධිශ්ඨානයකින් සටන් කර ඔවුන් තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල වූ එම සේනාව පැරදවීටම සමත් විය. සමහර සතුරෝ පලා ගියහ.

    ටික කලක් ගත වූ පසු ජයග්‍රාහී හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා සත්‍ය හෙලි කර සිටියේය. ඔහු පවසා සිටියේ එදා යුද්ධයට පෙර දින රාත්‍රියේදී පාලම විනාශ කර දමා තමන්ට පලා යාමට තිබූ එකම මාර්ගට විනාශ කර දැමුවේ තමා විසින්ම බවයි. අප හිතින් පරාජිතව, මානසිකව ඇද වැටී, මන්දෝත්සාහීව සිටින තාක්කල් ජයග්‍රහණය අපට නොපෙනෙන මානය තෙක්ම දුරට ඇදී යයි. නමුත් අපි කෙසේ හෝ බාධක කම්‍කටොලු මැදින් ජයග්‍රහණය පතාගෙන, එයම අරමුණු කරගෙනම කටයුතු කරයිනම් ජයග්‍රහණය අප වෙත ළඟා වීම කිසිවිටෙකත් නැවැත්විය නොහැක්කකි.
    :yes::yes::yes:



     
    • Like
    Reactions: maxxaa