මම ඔබෙන් සමුගනිමි……….
ඒ ඇසුනේ ඔරලෝසු කුළුණේ නාදය යි.පරිසරයේ පැවති නිහැඬියාව නිසා දෝ, සිතෙහි වූ අවිනිශ්චිත බව නිසා දෝ එය වෙනදාට වඩා මගේ දෙසවන්හි රාව ප්රතිරාව නැංවූ හෙයින් වේලාවේ දැක්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනුමට මා හට නොහැකි විය.සිතින් මා හට අඟවනුයේ සමුගැනීමේ කාලයට ආසන්න බවයි.දෙපා සිල්පරන් කොට මතින් ඉදිරියට ඇදෙන්නා වූ ආකාරයටම තත්පරයෙන් තත්පරය ගත වී සමුගැනීම කරා මා ළං වන්නේ ය.කෙලවරක් නොදකිනා වූ මේ සිල්පරන් කොට ඇතිරූ ගමන් මඟ ජීවිතය බඳුමය.ජීවිත ගමනින් අඩක් ගෙවා අවසන් වූ මාගේ ඉතිරිය මේ ගමන් මඟෙහිම ගෙවී යාවී දැයි කියා මම නොදනිමි.පැයකට හෝ ඊටත් වඩා වූ කාලයක ගමනෙහි යෙදුනු මා හට ගිමන් නිවනු පිණිස මඟක් වූ මෙම අතහැර දමන ලද දුම්රිය ස්ථානය මඳකට අස්වැසිල්ලක් විය.මළානිකව දැල්වුනු පහනේ ආලෝකයද ඒ වටා පොර බඳිමින් තම දිවි තොර කර ගැනුමට වලි කන්නා වූ බත් කූරා ද විටෙක මා වැන්නෙකිම ය.ගිනිගෙන දැවෙන්නා වූ වනයකට වැටෙනා මලානික වැස්සක් සේ.මගේ ගතේ විත් දැවටෙනා තෙත බරිත වූ සීතල සුළං රොද ගැන විටක මට කනගාටුවෙක් සිතෙන්නේ ඇය දරන්නා වූ නිශ්චල උත්සාහය නිසාය.
කලකට ඉහත දී ආඩම්බරෙන් නිසොල්මන් ව වේදිකාව මත වැජඹුන ඒ බංකුව අද වේයන් ගේ අහරක් බවට පත් තිබෙන යුරු දුටු මා හට පසක් කලේ නෑයන් ද මීට නොදෙවෙනි බවක් මය.වේයන්ගේ හානියට ලක් නොවූ පෙදෙසක මා මඳක් හිඳ ගත්තේ දනහිස,ඇඟිලි පුරුක්,කෙන්ඩ මඟින් ඇති කර බලපෑම නිසා දෝ යමක් ලියා තැබිය යුතු ලෙසට සිතින් ඇති කලා වූ බලපෑමෙන් මිදීමට නිසා දෝ මම නොදනිමි.ලියන්නට දෙයක් සිතේ හරියට පෙල ගස්වා ගත නොහෙනු මා මෙතෙක් වූ දෑ මෙලෙසෙකින්ම සටහන් කළ තැබුවේ ඔබ වෙනුවෙන් විය හැක.කියවන්නා වූ ඔබ මා හට සාප කරනවා නො අනුමානයි.මා කවරෙක්ද,කුමක් අරබයා ලියන ලද්දක්ද,මෙය කිනම් වූ ගමනක අවසානයක් ද,ආරම්භය කිමෙක් දැයි නොදන්නා වූ හෙයින් ය.ගස් කොලන් දෙදරා යන්නාක් පරිද්දෙන් ඈතින් වූ ගසකට පරිසරයම වරකට ඒකාලෝක කරමින් ඒ කෙරෙහිම පතිත වූ ඒ හෙන හඬින් ද, වහලයේ වූ ටකරම් තහඬු හා ගැටෙන්නා වූ වැහි බිදු වලින් ද මේ කියා පාන්නේ,මෙතෙක් වේලා නොපැමිණි ඔබේ පැමිණීමද,ඔව් ඒ ඔබේ පැමිණීමයි.
ඈත සිටම පැමිණෙන්නා වූ තැපැල් දුම්රියද අතරමඟ නතර කර දැමූ ඒ ගමන නැවත පටන් ගැනුමට කාලය එලඹ ඇති බව ඈත සිටම මා හට පවසන්නාය.ඈතින් සිට කරනා ඒ හඬ ගැසීම කරනුයේ මා සඳහා යැයි මම දනිමි.මෙතෙකුත් වේලා මා කල් මරමින් සිටියේ ඒ ඔබේ පැමිණීම සනිටුහන් වන තෙක් නොවේද, ඉතින් ඇය මා වෙත පැමිණීමට මත්තෙන් මා ඇය වෙත ගමන් ආරම්භ කල යුතුය.ඒ සඳහා මම ඔබෙන් සමු ගත යුතුයි.
පසුවදන
මම නමින් සමන් අලහප්පෙරුම.කලක් මුහුදු බඩ පෙදෙසක සේවයේ යෙදී සිටි මා ඔහිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ලෙසට වැඩ භාර ගෙන අදට තෙදිනක් වන අතර පැරණි ලිපි ගොනු සමඟ දෙදිනක් පටන් කල ගැටීමෙන් මම ද මාගේ දෙවැන්නා ද මහත් වූ විඩාවෙන් සිටි අතර පෙරදිනයේ එවැනි වූ ලිපි ගොනුවක් තුළින් මට සමු වූ ලිපිය කෙරෙහි මගේ අවදානය එක වර යොමු විය.එම ලිපියේ වූයේ කිමෙක් දැයි තෙරුම් ගැනීමට මම විවිධ උප කල්පන ගොඩ නැඟුවද එය නිරන්තරයෙන් මගේ සිතෙහි ඇති කලේ කුහුලකි.එදිනට නියමිතව තිබූ වැඩ රාජකාරී සියල්ලම අවසන් කර නිල නිවෙස්නේ රාත්රී අහර වේල ගෙන ඉස්තෝප්පුවේ හිඳ ගෙන සිටි මගේ සිතට නැවත ඒ ලියවුම ගැන මතකයට ආවේ එය තුල පැවති විකාර ස්වරූපී අදහස් නිසා ය.
විටක එහි සිටිනා පුද්ගලයා මම දැයි සිතෙන්නෙමි.එහෙත් මා ඔවැන්නක් ලියනවා තියා සිහිනෙන් වත් එවැන්නක් ගැන සිතා නැත.මා සිතින් ලිපිය ලිවූ පුද්ගලයා ගේ ස්වරූපය මවා ගැනුවට තැත් කලෙමි.අවුල් වූ තැනින් තැන සුදු වූ හිසකෙස් ගොන්නකින් ද,සිහින් කේදෑරි වූ සිරුරකින් ද දීර්ඝ කාලයක් දුම් පානයට ඇබ්බැහි වූ අයෙකුගේ මුහුණේ දක්නට ලැබෙනා ආකාරයක් සිතින් මවා ගතිමි.මෙලෙස මා හැඳිනගත් පුද්ගලයා මා වෙත ඔරවමින් දෑතේ වූ ලියමන කෙරෙහි බලමින් හිද එක වර එය උදුරා ගැනීමට මෙන් මා වෙත පනිනට සැරසුනි.එකවර මාගේ දෑස් විවර විය. සෑහෙන වේලා මම මෙතන ගත කල ඇති වග මට වැටහුනේ
දෑස් විවර කල මා ඉදිරියේ සිටියේ ඔරවා ගත් දෑසින් ද ඒ හා ගැලපෙන ඝන ඇහිබැමින් යුක්ත ඝන වූ සුදු උඩු රැවුලකින් යුතු වූ මගේ නිල නිවසේ සේවකයා මාරොන් ය.දෑස් විවර කර විට ඔහුගේ රුව දැකීමෙන් මා බිය පත් වූ වග ගැන අවබෝධ වී සමාව අයදින බැල්මකින් මා වෙතට යොමු කරමින් ” මහත්තය මනාප නම් මං කෝපි කෝප්පයක් වක්කොලන් එන්නම්“.
මම ඒ යෝජනාව පිළිගෙන ඔහු නැවත පැමිණියා යින් පසුව ඔහු ගෙන් මේ ගැන විමසුවෙමි.ඔහුගේ මුහුණින් පිළිඹිබු වූයේ මා කෙලෙසකවත් බලාපොරොත්තු නොවූ ආකාරයේ වදනකි.“දෙවියනේ අර මිනිහා මේ කොලේටනේ දැඟලුවේ මෙච්චර…..”
මාරොන් ගේ වදනින්ම.“මහත්තයෝ මහත්තය මෙහෙට පත් වෙලා එන්න කලියෙන් හිටි මහත්තයටත් කලියෙන් උන්න මහත්තයා අර පේනවා නේද බංකුවක්…”
දෙවියනේ ඒ අර බංකුව….ම තමයි…
“ඒකට වෙලා ඉඳන් හැමදාම මේ වෙලාවට කොලේ මොකද්ද නවකතාවක් ලියපු එක,කොහොමින් හරි ඒ මහත්තයට මෙහෙ දාලා වෙන දිහාවකට යන්න සිද්ද උනා මොකක් හරි හේතුවක් උඩ.ඔය යන දවසේ ඔය ලියුවයි කියපු නවකතාවෙ කොල හොයා ගන්න තමයි ඒ මනුස්සයා වැඩියක්ම මහන්සි වුනේ.මොකද පිළිවෙලක් කියල දෙයක් ගෑවිලවත් තිබුන මනුස්සයෙක් නෙමෙයි.ඔය කොලේ හොයා ගන්න බැරි උන එක ගැන දෙස් දෙවොල් තිබ්බෙ අපිට.මහත්තයට කොහෙන්ද ඕක ලැබුනෙ. හරි මහත්තයට විස්වාස කරන්නත් අමාරු ඇති නේද ඉන්න පොඩ්ඩ්ක්.”
ගේ ඇතුලට ගිය ඔහු නැවත ආවේ රාමු කල විශාල ප්රමාණයේ උඩුකය ඡායාරූපයක් ද සමඟය.එය දුටු මාගේ කකුල් හිරි වැටී ගියා සේ දැනුනි…ඒ ඔහුම තමයි..
මගේ මුහුනේ වෙනස් වූ ආකාරය දුටු මාරොන් “බය වෙන්න එපා මහත්තයො ඔය රූපෙ ඉන්න මහත්තය තවම පණ පිටින්…..”
දින කීපයකට පසුව මට දැන ගැනීමට ලැබුන පුවතක් නිසා මම නැවත වරක් වික්ෂිප්ත වී ගියෙමි.එහි සඳහන් පරිදි එදින රාත්රියේ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති වගත් හදුනාගැනීම් වලින් අනතුරුව ඒ පුද්ගලයා ඔහු බවත් දැකීමෙන් ය.අනතුර සිදුවූ රාත්රියද මා ලිපිය කියවූ දිනයද අතර තිබුනේ පැය ගානක පමාවකි.. මගේ මූන දෙස කිමෙක්දැයි බලා සිටි දෙවැන්නා කෙරෙහි උපදවා ගත් කරුණාවෙන් “ඔහු අපෙන් සමුගෙන” කීවෙමි..

post : මම ඔබෙන් සමුගනිමි………. by සෝනාර් හෙවත් සන්දික[br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post
මේක මගේම පෝස්ට් එකක් මචන්ලා..මේ පෝස්ට් එක මම ලියපු පෝස්ට් වලින් හොඳයි කියලා ගොඩ දෙනෙක් කියපු නිසා මට හිතුණා එලකිරියේ ඉන්න කීපදෙනාටත් බලා ගන්න ශෙයාර් කරන්න...හොඳයි කියලා හිතෙනවා නම් REP දෙන්න..අපිට දුන්නොත් අපිත් දෙනවා..

Last edited: