මම හේතුවක් නැතිව කීප දෙනෙකුට 'මම ඔයාට ආදරෙයි' කියලා කිව්වා.
ඒ මගේ හැටි.
මොකද මම මනුස්සයෙක්ට ආදරෙයි කියන්නේ එයාට මම ලෙන්ගතුයි, කැමති, හිතවත්, දැනෙනවා වගේ දේවල් එකතු කරලා හදන තනි වචනෙකට.
වයස අසු තුන පැනපු කෙනෙක්ට මම ආදරෙයි කිව්වම එයා කිව්වේ.....
"විකාර නොකියවා හිටපං"
වයස හැට පැනපු කෙනෙක්ට මම ආදරෙයි කිව්වම එයා කිව්වේ.....
"රට්ටු මොනවා කියයිද?"
වයස හතලික කෙනෙක්ට මම ආදරෙයි කිව්වම එයා ලැජ්ජාවෙන් හිනා උනා. අමුතු බැල්මකුත් දැම්මා.
හරියටම දවස් දෙකකට පස්සේ එයා මගෙන් ඇහුවා.....
"ඉතිං මට ආසයි ඔයාව නිදහසේ බලන්න"
වයස අව්රුදු තිස් තුනක කෙනෙකුට මම ආදරෙයි කිව්වම එයා කිව්වේ.....
"පරක්කු වැඩී... මම විවාහකයෙක්"
වයස විසි දෙකක තරුණයෙක්ට මම ආදරෙයි කිව්වම එයා මට කිව්වේ......
"ඔයා මාරයි අක්කී බබා, මම කැමතිත් අක්කීයෙක්ට"
අවුරුදු දහයක දරුවෙක්ට මම ආදරෙයි කිව්වම, ඒ දරුවා අත් දෙකින්ම කට වහගන හිනා උනා විතරමයි.
අවුරුදු හතරක බබෙක්ට මම ආදරෙයි කිව්වම එයා කිව්වේ....
"මමත් ඔයාට ආදරෙයි"
ඉතිං..... ආදරේ කියන්නේ වචනයක්,
එක එක අයගේ අවශ්‍යතාවලට අනුරුප කරගන්නා වචනයක්.
මම හිතන්නේ තව දුරටත් 'මං ඔයාට ආදරෙයි' කියන්නේ ලෙන්ගතුකම, හිතවත්කම පෙන්නන වචනයක් නෙවෙයි වෙන්න ඇති.
හැබැයි ඇත්තටම "මං ඔයාට ආදරෙයි" කියලා කියන්නේ,
"මම ඔයාට හිතවත්"
"මම ඔයාට කැමති"
"මම ඔයාට ලෙන්ගතුයි"
"මම ඔයා ගැන සැලකිලිමත්" කියන එකට.
සමහර විට ආදරේ කියන වචනේ හරිම තේරුම තියෙන්නේ පුංචි නොදරුවෝ ලග විතරක් වෙන්න ඇති .
වයසින් වැඩෙන්න වැඩෙන්න මිනිස්සුන්ගේ හිත්වල ආදරේ මැරෙනවා ඇති.
(හසිකා)