මම ඔයා වෙනුවෙන්

Oct 15, 2015
372
62
0
මම ඔයා වෙනුවෙන්

අද මම ආසයි මේ ලිපිය කොල්ලන්ට වඩා කෙල්ලො කියවනව නං, මොකද මම මේ කතා කරන්නෙ කෙල්ලන්ට. දැනට කොල්ලො ඉන්න කෙල්ලන්ට ඉස්සර කොල්ලො හිටිය කෙල්ලන්ට ඉස්සරහට කොල්ලොත් එක්ක යාළුවෙන්න හිතාගෙන ඉන්න කෙල්ලන්ට.
කවුරුවත් මේ වෙලාවෙ ලොකු කතා කියන්න එපා. මොකද මේ ලෝකය විසඳෙන්නෙ කොහොමත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි, දෙන්නෙක් ඉන්න කතාවකින්. ඒක සම්බන්ධයක්. මම කියන්නෙ ආදරයක් ගැන නෙවෙයි. වෙන විදියක් සමීකරණයක් ගැන. ජෛව විද්‍යාත්මකව මේ ලෝකයේ පැවැත්ම හා සම්බන්ධ කාරණාවක් මේක. ආදරය ආකර්ෂණය, ළං වීම වගේ එක එක විදිවලින් ඇවිල්ල අපි අවසාන වශයෙන් නතර වෙන තැන එතන.


ඒත් මතක තියාගන්න මේ ලෝකෙ කාගෙවත් අදහස් ගැළපෙන්නෙ නෑ. අඩුම තරමෙ සීයකින් එකක්වත් තියෙනව නොගැළපෙන. දන්නවද ඔය සමීකරණය වෙන විදියකට විසඳෙන්න, ඒ එක ලක්‍ෂණයක් හොඳටෝම ඇති. ඒ නිසා කවදාවත් හදවත් කියවන්න උත්සාහ කරන්න එපා. හදවත කියන්නෙ කර්ණිකා දෙකකයි කෝෂිකා දෙකකුයි තියෙන එහෙටයි මෙහෙටයි ලේ පොම්ප කරන, තිස්සෙම ගැස්සෙන තැනක. ඒකෙ ඔය මොකවත්ම නෑ.


'ඔයාට මගේ හිතේ තියෙන ඒව තේරෙන්නෙ නෑ...'
කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එහෙම කියනව නං, ඒක මාර ඇත්තක්. ඒත් ගොං කතාවක්. මොකද කාටවත් පුළුවන්ද කාගෙවත් හිතක තියෙන ඒව තේරුම් ගන්න.
දුරං ගමං - ඒකචරං
අසරීරං - ගුහාසයං
ඒක ආගමික විවරණයක් තමයි. ඒත් සර්ව ආගමික කියවීමක්. ඒ තුළ තියෙනවා. හිත කියන්නෙ දුර ගමං යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක හැසිරෙන අරුම පුදුම වස්තුවක්. ඔයා කසාද බැන්දත්, හිත කසාද බඳින්නෙ නෑ. ශරීර දෙකකට එකතු වෙන්න පුළුවන් ලිංගිකව. ඒත් ඒ වෙලාවෙන් හිතට පුළුවන් ඕන නම් පැනල යන්න. හුස්මට හුස්ම පැටලුණාට, ඇහැට ඇහැක් ළං වුණාට හිත් එහෙම නෑ.


ඒ නිසා මේ සබඳතා පටල ගන්න එපා. ජීවිත රහට විඳින්න නම්, ඒව තේරුම් ගන්න. කෙල්ලෙක් හැම වෙලාවකම කෙල්ලෙක් වෙන්න. කොල්ලට කොල්ලෙක් වෙලාම ඉන්න දෙන්න. මම කියන්නෙ ලිංගිකවවත්, ශාරීරිකවවත් නෙවෙයි. කොල්ලෙක්ට කොල්ලෙක් කියල හිතන්න ඉඩ තියන්න. පරිසරය පවතින්නෙ එහෙම. ගහක් වටේ වැලක් වෙලා එතෙන්න මිසක්, වැලක් ගහක් එතෙනක් බලා ඉන්න එපා. ගස් දෙකට එකට එතෙන්නත් බෑ. වැල් දෙකකට එකට එතිල පවතින්නත් බෑ.
කොල්ලෙක්ට කෙල්ලෙක්ව සමාන කරලා, සාපේක්‍ෂව හිතන්න එපා. මොකද එහෙම හිතන්න යෑම හරි සාම්ප්‍රදායිකයි. හරි ගොං.
'මම ඔයා ගැන කොයි තරම් හොයනවද? ඒත් ඔයා එහෙම නෑනෙ'
මේ චෝදනාව ලබපු විත්තිකාරයො ඕන තරම් ඉන්නවා. ඒක හරි ආදරණීයයි. හැබැයි මේ ටික ඇති ලොකු අවුලකට. මම හොයනව කියන එකට සාපේක්‍ෂ ඔයා හොයන්නෙ නෑ කියන එක ගළපන්න උත්සාහ කරන්නවත් එපා. ඒක කරන්න බෑ.
'මම ඔයා වෙනුවෙන් කොච්චර ඒව කරනවද? ඔයා මොනවද කරල තියෙන්නෙ...'


මෙහෙම ඒව අහන්න එපා. සම්බන්දයට ගලා යන්න දෙන්න. ගඟ ගලා ගියාට ඉවුර ගලා යන්නෙ නෑ. රැල්ල ඇවිත් ගියාට වෙරළ ඒත් එක්ක යන්න එන්නෙ නෑ. ඒව එහෙමම තමයි. චෝදනා කරන්න බෑ. අර තරම් ළඟයි වගේ පේන, තුරුල්වෙලා වගේ පේන අහසයි මුහුදයි කවදාවත් ළං වෙන්නෙ නෑ, ඒ නිසා ගැළපෙනව කියන්නෙ තුරුල්වෙන එකට නෙවෙයි. ඒක වෙනමම එකක්. සරලම මනෝ විද්‍යාත්මක කාරණාවක් තියෙනවා.
මතක් කරල බලන්න මම කියන්නෙ කෙල්ලන්ට...!
ඔයාගෙ ළඟ ඉන්න කෙනෙක් පෙම්වතා, යාළුවෙක්, සහෝදරයෙක් නැත්තම් තාත්ත හරි කමක් නෑ එයාට එයාගෙ මේසෙ උඩ තියෙන ඔරලෝසුව, වාහනේ යතුර, සමහර විට කණ්ණාඩිය, ජංගම දුරකතනය, පෑන වගේ දෙයක් හොයාගන්න බැරුව ඔයාට කතා කරලා තියෙනවාද.
'මේ පෙනි පෙනී තියෙන්නෙ, මොනවද අනේ...'
කොහෙ බලාගෙනද හොයන්නෙ...'
ඔයා කීපාරක් නම් මේ ප්‍රශ්නෙම අහල ඇතිද? මතක් කරල බලන්න. මම හිතන්නෙ නෑ. මතක් කරගන්න අමාරු වෙයි කියල.
ඊළඟ දවසෙ...,


ආයෙමත් ඒ කවුරු හරි කෙනා ආයෙමත් ඔයාගෙන් ඇහුව නේද ඒ දේම දැක්කද කියලා...!
එතකොට ආයෙමත් අර විදියට හොයල දුන්නා. ඒක එතනම ඒ විදියටම තිබුණා...
'මම නැත්තම් කිසිදෙයක් මෙයාට හොයා ගන්න බෑනෙ... මේ පෙනී පෙනී තියෙනවා. ඒත් මට කතා කරනවනෙ.
ඔයා කියනව, ඔව් ඒක හරියටම හරි කතාවක්. තරහ යන එක සාධාරණයි...
හැබැයි ඒක වෙනස් වෙනවද?
දැං හිතන්න, මම සතියක් කල් දෙනව. දෙගොල්ලටම කමක් නෑ, කොල්ලන්ටයි, කෙල්ලන්ටයි...!

මව්බිම "යං"
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
හ්ම්ම්ම්..
දඩ පතාර සයිස් එකේ බුට් එකක් කාලා දුක කියනවා වගේ හැගීමක් මට ආවා. ඇයි ඒ..