උඹ පළමු වතාවට රට යනවා නං මචං පැය දෙක හමාරකට තුනකට කලින් එයාර්පෝට් එකට යන්න. විසා එවපු ලියුම තියෙන්නේ ඉංග්රීසියෙන් නේද? එහෙනං අවුලක් නෑ. එහෙම නැතිව අරාබි වලින් තියේ නං ඒක ඉංග්රීසි වලට පර්වර්තනය කර ගන්න ඕනි. සහිරා එක හරියේ ඒක කරලා දෙන අය ඉන්නවා.
උඹේ ප්රශ්න වලට අනික් අය උත්තර දීලා තියෙන නිසා මම ඉතිං ආයේ ආයේ කියන එකේ තේරුමක් නැහැනේ. අපේ අයියත් කටාර් වල හිටියා අවුරුදු ගානක්. දැන් නං ඇවිත් ඉන්නේ. මුලදී මුලදී නං අරාබි කාරයෝ හරියට පඩි ගෙව්වේ නෑ කිව්වා. ඒත් කල් කල් යන්න අවුලක් නෑ කිව්වා. හැබැයි ඔය මැදපෙරදිග රටවල ඉන්න ලංකාවෙන් එහෙම ගිය අය අතරේ ඉන්නවා සැහෙන්න නසරානියෝ. උන් ඇවිල්ලා ලේසියෙන් යන්න පුළුවන් ඔය මැදපෙරදිග රටවලට පැනලා තියෙන්නෙම ලංකාවේ ඉන්න බැරි තරං කුපාඩි වැඩ කරලා,මෙහෙ පොලිසි වලට පොලු තියලා. අන්න උන්ගෙන් නං ප්රවේශම් වෙන්න.
උබට ජය මචං. මොනාහරි දැනගන්න ඕනි දෙයක් තියේ නං අහන්න. මගේ මල්ලිත් එයාර්ලයින් එකක කැබින් කෘ තමා වැඩ. හැබැයි කටාර් එයාර්වේස් නෙමෙයි. මගේ දන්නා කියන කෙනෙක් මල්ලි වැඩ කරන එයාර්ලයින් එකේ යද්දී මම මිනිහට කියනවා ඒ ෆ්ලයිට් එකටැ ටුවර් එකක් හදා ගන්න කියලා. ඒත් උඹ වෙන එයාර්ලයින් එකක් හින්දා කරන්න දෙයක් නෑ මචං