මම ගණන් fail ඉතින් මොකද.

33000W

Member
මම ගණන් fail ඉතින් මොකද.

බය වෙන්න එපා. මේක පොඩි කතාවක්. නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට මටත් සෙට් උනේ:D:D:P




පල්ලියට එන ප්රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය.


අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය.

කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති.

දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ .......

කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස?

සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්.

කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් ....

සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු.




උපුටාගැනීමකි.

http://clakshan.blogspot.com/2010/04/blog-post_11.html

මම මේ කතාව දැකල elakiri එකේ දාන්න හිතුවෙ මේ පාර A/L කරල exam fail උන මගේ සමහර යාලුවො මානසිකව වැටිල ඉන්න හැටි දැකල.:(:( ඒ ගොල්ලන්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් සමහරු තේරුම් ගන්නෙ නැහැ.:no::no: exam ආයෙත් කරල ගොඩ යන්න බලන්න ඕන.:yes::yes::yes: නැත්නම් තමන් දක්ෂ පැත්ත බලල ඒ පැත්තෙන් ඉස්සරහට යන්න බලන්න ඕන.:yes: ඒත් සමහරු තාම පාරවල් අයිනට වෙලා කෙල්ලොන්ගෙ පස්සෙන් යන එකයි සිගරට් බොන එකයි ඇරෙන්න වෙන මොනවත් කරන්න හදන්නෙ නැහැ.:shocked::shocked: exam කියන්නෙ ජීවිතේ එක කඩයිමක් විතරයි. ඒක නැතුව උනත් ජීවිතේ ජයගත්තා මිනිස්සු කොච්චර ඉන්නවද? මේක නිකම්ම නිකම් කතාවක් කියල පැත්තකට දාන්නේ නැතුව තමන් හරි නැත්නම් තමන්ගෙ exam fail වෙච්ච යාලුවෙකුට හරි වචනයකින් හරි උදවුවක් කරන්න.;);) සමහර විට අපි කවද හරි විභාග ඔක්කොම Pass වෙලා රස්සාවක් කරනකොට ඒ ගොල්ලන් හොද තැනකට ඇවිල්ල ඉන්නකොට තමන්ගෙ යාලුව
ලගට ඇවිල්ල කරට අතක් දාල "මචං, උබ එදා මට කියපු දේ නිසා තමයි මම අද මේ තත්වයෙන් ඉන්නෙ" කියල කියනකොට ඒ තරම් සතුටක් තවත් නෑ. :love::love::love::love:

ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත.

 
Last edited:

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
පට්ට..වැ‍ඩේ තියෙන්නේ මචං හුගක් දෙමව්පියෝ ඕක තේරුම් ගන්නේ නෑනේ..