මම ජංගිය ගලවා දමමි...

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම ජංගිය ගලවා දමමි...

    මම ජංගිය ගලවා දමමි...


    ඇඟේ නූල් පොටක් වත් නැතිව අමු හෙලුවෙන් හිදිමි... හෙලුවෙන් ඉන්නට මම ආස ය. හැමදාම රෑට ජංගිය ගලවා දමා බූරු ඇඳේ බුදියන එක දැන් මගේ පුරුද්ද ය. එතකොට හොඳට නින්ද යයි. දාඩියත් නොදායි. විකාර හීනත් නොපෙනෙයි. කොටින් ම කිසිම කරදරයක් නැත. උපන් ඇඳුමේ වැදගත්කම ඒකය!


    තවම මට අවුරුදු දහයකි..... ඒත් "ආත්තම්මා" කියන විදිහට තවම මට අටහමාරක් වත් පැන නැත. "තාම කටින් කිරි සුවඳ ගිය නැති එකා.... මොනා දැනුං තේරුම් තියේදැයි."..... උන්දෑ මා ගැන කාටත් කියන්නේ ඒ නිසාය. ඒත් මම ඒ කතා වලට ඇහුන්කන් නොදෙමි! උන්දෑ කියන තරම් මං "හුජ්ජ කොලුවෙකු" නොවන විත්තිය මම හොඳටම දනිමි.



    ඒ කොහොම උනත් වඩාත්ම වැදගත් කාරණාව මේකය.... මං ජංගිය ගලවා දැමීමය. අමු හෙලුවෙන් ඉන්ඩ ප්‍රිය කිරීමය. ඒක එහෙම වෙන්නේ, මං "හුජ්ජ කොලුවෙකු" නිසා නොව, මිනිහාගේ උපන් ඇඳුම ගැන මට තියෙන භක්තිය නිසා ය. ඉස්සර දවස්වල මිනිහා අමු නිර්වස්තරයෙන් හිටි බව මම අපේ මාමාගෙන් අසා ඇත්තෙමි.


    මට මගේ අම්මා ගැන නිච්චියක් නැත. පුංචි දවස්වල එහෙම කෙනෙක් හිටි බවක්වත් "ආත්තම්මා" මට කියා නැත. අදත් මට එහෙම කෙනෙක් නැත. ඒත්, මගේ බජාර් එකේ ගොඩක් යාළුවන්ට අම්මලා සිටිති; තාත්තලා සිටිති. එහෙම උදවිය ගැන, උන් ඇවිත් මා සමඟ කතා බහ කරති.... ඒ උනත් ඒ ගොල්ලෝ ඉන්නේ මොකටද කියන එක ගැන මට තේරුමක් නැත. ඒ හින්දා මම ඒ ගැන වැඩිපුර නොහිතමි.



    ඒත්, අපේ ලේන් එකේ ඉන්න "බොන්ඩිගේ පුතා" දවසක් අපූරු කථාවක් කීවේය...


    බොන්ඩිගේ පුතා වපරයෙකි!! බකල් කකුල් දෙකක් ඌට ඇත. මගේ නාහෙන් නිතර නාවර පෙරෙන බව, ඌ මා නැති තැන නිතර කියයි. උගේ මූණේ නාවර නැත. "රෙබෙකා පුයර" දවසකට දෙවරක් අතුල්ලන බව ඌ හැමදාම කියන කතාවකි. ගොඩක් දවස් වලට මම මගේ නාහෙන් හොටු හූරා උගේ මූනේ අතුල්ලමි. පුයර උඩ හොටු තලි ඇලුනු විට හරි ෂෝක් ය. එතකොට "බොන්ඩිගේ පුතාට" කේන්ති යන බව ඇත්තය. ඒත් ඌ මට අත උස්සන්න එන්නේ නැත. මම බජාර් එකේ චන්ඩියා වෙමි.!!!



    ඒත් බොන්ඩිගේ පුතා මට නොඅල්ලන කාරණාව මේ එකක්වත් නොවේ. ඌ සමහර දාට කිරි කොකා වගේ ඇඳගෙන, රබර් කෑලි දෙකක් කකුල් දෙකට පූට්ටු කරගෙන පාත්තයෙක් වගේ පස්ස නටෝ නටෝ ඉස්කෝලෙට යයි. ඉස්කෝලෙට යන එවුන් මම අප්‍රිය කරමි. උන් අසම්ජ්ජාති බල්ලෝ ය; තිරිසන්නුය; එළ හරක් ය. මට උන් පෙන්නන්ඩ බැරිය.


    මම අපේ ලේන් එකේ ඉස්කෝලේ යන එවුන් සහ නොයන එවුන් ගණන් කලෙමි.


    සංගණනය මෙසේ ය.


    ඉස්කෝලේ යන 14
    ඉස්කෝලේ නොයන 23


    පසුව මම ඉස්කෝලේ නොයන එවුන්ගේ රජා හෙවත් චන්ඩියා බවට පත් වුණෙමි. එයින් මතු අපි ඉස්කෝලේ යන එවුන්ට "පිංපියන්" යැයි කීමට පුරුදු වුණෙමු.


    දැන් "බොන්ඩිගේ පුතාත්" පිංපියෙකි....


    මුලින් කී පරිදි ඌ දවසක් හැබෑම පිංපි කතාවක් කීවේය.



    එය " පිංපි කතාවක් ම" වන්නේ ඒක උගේ ඉස්කෝලයේ ම උගන්වපු එකක් නිසාය. මා හිටි තැනක නම් මේ සම්බන්ධ කිසිම කිප්පහි කතාවක් දොට්ට දමන්නට මම ඉඩ නොදෙමි. ඒත් ඌ මා නොමැති තැනක මේ කතාව දොට්ට දමා ඇත.
    මට ආරංචි වූ පරිදි කතාව මෙසේ ය...


    ".... බොන්ඩිගේ පුතාගේ ඉස්කෝලයේ "දෙමව්පියන්" නැමති සත්ව විශේෂයක් ගැන උගන්වා තිබේ. ඔවුන් අම්මලා හා තාත්තලා වෙති. තවද, ඔවුහූ තම දරුවන්ට කරුණාවන්ත වෙති. තම දරුවන්ගේ දියුණුව ඔවුන් ඉත සිතින් ම පතයි. ඔවුන් කුඩා කාලයේ දරුවන්ට තරවටු කරන්නේත් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ය. මෙසේ වූ දෙමව්පියන් අප උදේ සවස වැඳ නමස්කාර කළ යුතුය. ඔවුන්ගේ අවවාදයේ පිහිටිය යුතුය....."


    මේ තුප්පහි කතාව දැනගත් විගස මම අපේ විසිතුන් දෙනාගේ කල්ලිය ආයුධ සන්නද්ධ කළෙමි. පසුව දා හතර දෙනාගේ පිංපි කල්ලියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළෙමි.....


    එදා ම හවස වතුර පයිප්පය ළඟ "මහ යුද්ධයක්" ඇතිවුනේය. අපි පිංපි කල්ලියට ගඩොල් භාග වලිනුත්, බොරළු කැට වලිනුත්, ඇල්බීසියා කෝටු වලිනුත් පහර දුනිමු. මේ යුද්ධයේදී, මගේ ජංගියේ පස්ස පැත්ත ජුංඩක් ඉරුනේ ය.... මට සිදුවූ අලාභ් හානිය එපමණක් ම විය.

    copy & paste....:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Mr.Truth

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    confused1bb.gif
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මේක බෝදිලිමා කියලා කෙටිකතා පොතක තියෙන කතාවක්. ඕනෙ උන් හොයාගෙන කියවපල්ලා. කව්ද ලියලා තියෙන්නෙ කියලනම් මතක නෑ. අමුතු, පට්ට කතා ටිකක් තිබුන කියල විතරක් මතකයි.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේක බෝදිලිමා කියලා කෙටිකතා පොතක තියෙන කතාවක්. ඕනෙ උන් හොයාගෙන කියවපල්ලා. කව්ද ලියලා තියෙන්නෙ කියලනම් මතක නෑ. අමුතු, පට්ට කතා ටිකක් තිබුන කියල විතරක් මතකයි.

    :yes::yes::yes: