මම ජීවත් වෙන්නේ තව දවස් 23 යි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මම ජීවත් වෙන්නේ තව දවස් 23 යි

ba66e3b354692e4fcb6a4fb86b7a3c7f_XL.jpg



Source http://latapata.colombocitylife.com/2014/10/uu-oja-fjkafka-j-ojia-23-hs.html

නොවැම්බර් පළමු වැනිදා මියයාමට සුදානමින් සිටින තරුණියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි.29 හැවිරිදි මෙම තරුණිය බ්‍රිට්නි මේනාර්ඩ් නම් වෙයි.නොවැම්බර් පළමු වැනිදා මියයාමට සිටින නිසා ඇය මේවනවිට දකුණු ආසියාවේ දුෂ්කරතම කදු ශිඛරය වන කිලිමන්ජාරෝ කදු මුදුනට පවා නැග තිබේ.

මේ වනවිට ඇය මැරතන් දුවමින් තමන්ගේ කැමති ආහාර පාන ආහාරයට ගනිමින් , කැමති ස්ථානවල ඇවිදිමින් කාලය ගත කරන බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ ඇයට මෙම මරණය සම්බන්ධයෙන් දැනුම් දී ඇත්තේ ඇයගේ වෛද්‍යවරු විසිනි. මොළයේ පිළිකා තත්වයකින් පෙළෙන බ්‍රිට්නි ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පසුගිය අප්‍රේල් මාසයේ සදහන් කර තිබුනේ ඇයට තවදුරටත් ජීවිත්විය හැක්කේ මාස 6ක් පමණක් බවයි.



මොළයේ පිළිකා තත්වයක් වන gliobastoma රෝගී තත්වයේ සිව්වන අදියරේ සිටින ඇය ලබන නොවැම්බර් මාසයේ මියයන බව පැවසීමත් සමග ඇය නොවැම්බර් පළමුවැනිදා සිය මරණයට සුදානම් වී සිටියි. ඇය සිය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට ලබන නොවැම්බර් පළමුවැනිදා මියයාම සදහා ඖෂධයක් ලබා දෙන ලෙසයි.මෙලෙස සිය කැමැත්තෙන් දිවි තොරකර ගැනීමට නීතිමය අවසරය තිබෙන ඔරෙගන් ප්‍රාන්තයට ඇය සංක්‍රමණය වී ඇත්තේ ද මෙලෙස දිවි තොරකර ගැනීම සදහා බව විදෙස් වාර්තා සදහන් කරයි.

විවාහක කාන්තාවක් වන ඇය නොවැම්බර් පළමුවැනි දිනයම මේ සදහා යොදාගෙන ඇත්තේ සිය සැමියාගේ උපන්දිනය ඔක්තෝබර් 30 දිනට යෙදී ඇති නිසා බව විදෙස් වාර්තා සදහන් කරයි.ඇයට සිය සැමියා හා එක්ව දැනට නිදාගන්නා නිදන කාමරයේ මියයාමට අවශ්‍ය බව පවසා තිබේ.ඇය මියයන මොහොතට සිය සැමියා , මව , සුළු පියා,සහ හොදම යාළුවා ඒ අසල සිටිය යුතු බව ඇය සදහන් කර තිබේ.

ජීවිතය පිළිබද සියළු දේ තමන් අත්විදි බවත් දැන් මියයාම සම්බන්දයෙන් තමන්ට කණගාටුවක් නොවන බව ඇය සදහන් කර තිබේ.
 
  • Like
Reactions: [email protected]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිච්චාවත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
    තෙසං වුපසමො සුඛො
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් දුක හිතුනා බන් මේක කියවලා. අඩුම ගානේ එයා මැරෙන දවස හරි දන්නවා. අපිත් මැරෙනවා. එත් අපි මැරෙන දවසවත් හරියට දන්නේ නෑනේ. :(