මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    දුම්රියෙන් කොඹල ගිහිල්ලා ඉස්ටේසම පැනලා ගියා මහ තැපැල් කන්තෝරුවට. පල්ලෙහා කවුන්ටරේට ලියුම පෙන්නුවම යන්න කිව්ව උඩ තට්ටුවට.

    උඩට ගියාම කස්ටිය අතේ ලියුම් තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පස්සෙ මම කවුන්ටරේට ලියුම දුන්නම අත්සන් ගහන්නයි, නමයි, ඇඩ්‍රස් එකයි ලියන්න තැන් පෙන්නුවා අපි ගෙනිච්ච ලියුමෙ. එතන අත්සන් ගහන්න පෑන් තියෙනවා එල්ලලා බැංකුවෙ වගේ. ඒක නිසා එක එක්කෙනාගෙන් පෑන් ඉල්ලන්න ඕන නෑ. පාර්සලේ මගේ නමටද තියෙන්නෙ ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්සෙ අයිඩී එක ඉල්ලුව. එයා මොකක්ද පොතක අයිඩී නම්බරේ ලියාග්ත්තා. මගේ අංකෙ 18 කියල සුදු කොලේ ඒගොල්ලො අරගෙන රෝස කොලේ මට දීලා වාඩිවෙලා ඉන්න කිව්වා අංකෙ කතා කරනකන්.

    පස්සෙ වාඩිවුනා විතරයි අංක 17 කතා කලා. ඊට විනාඩි 10 කට විතර පස්සෙ මගේ අංකෙ කතා කලා. මම ගියා එතනට. කවුන්ටරේ දිගට තියෙනවා. දකුණු කොනේ තමා අංක කතා කරන්නෙ. පස්සෙ මගේ රෝස කොලේ ගත්තා. ආයෙ වාඩිවෙලා ඉන්න කිව්වා.

    විනාඩි පහකින් වගේ ආයෙ කතා කලා අංකෙ. ඊට පස්සෙ උන් මගෙ පාර්සලේ තියාගෙන කිව්වා බලාගෙන ඉන්න කියල පාර්සලේ අපි ඉස්සරහ කඩනවා කියලා. එතනම කස්ටම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා පාර්සලේ බලාගෙන. පාර්සලේ කඩන්නෙ වෙන කෙනෙක්. පොර ස්පීකර් පෙට්ටිය එලියට අරගෙන පස්සෙ හිස් පාර්සලේ අනිත් පැත්තට හලලත් පෙන්නනව තව මුකුත් නෑ කියල.

    පස්සෙ කස්ටම් ඔෆිසර් මගෙන් ඇහුවා කීයක් වුනාද කියල මේක. මම ඇත්තම කිව්වා 16ක් කියල. පස්සෙ කස්ටම් පොර ෆෝම් එකක් පිරෙව්වා. පුරවලා කිව්වා 16ක් නම් ටැක්ස් එක 10ක් වෙනවා මම අඩුවෙන් දැම්මා කියලා. මාත් එහෙමද එහෙනම් තෑන්ක්ස් කියල කිව්වා. මම බය වුනා ටැක්ස් එක 10න් එහෙනම් 7,000ක් වත් ගෙවන්න වෙයි කියලා.

    පස්සෙ ආයෙ මට වටෙන් ඇතුලට යන්න කිව්වා ටැක්ස් එක ගෙවන්න. ආයෙ ඇතුලට ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර කොලෙයි පාර්සලෙයි එතන ඔෆිස් එකට එනකන්.දැල් ගහලා තියෙන හෙන කලුවර ඔෆීස් එකක්.

    පස්සෙ එතන මුස්ලිම් කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල අංකෙ කිව්වම යන්න ඕන. ටැක්ස් එක 1,220යි කිව්වා. අම්මෝ ඇති යන්තම් කියල හිතලා ඒක ගෙවලා පොතක ෆෝන් නම්බරෙ ලියලා අත්සන ගහලා බඩු අරන් මම දැන් ඒසී බසයක ගෙදර යන ගමන්. 😎
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මම බඩු වගයක් ගෙනල්ලා
    ඇත්ත ගණන 95000/- උනා
    මගෙන් අහද්දි 40000 විතර ගිය කීවා මම
    මම හිතුවෙ Tax ගහන එකක් නෑ කියල

    Tax ගහනවා කිවනෙ මම අඩල අඩල 20000 ක් කරගත්තෙ declared value එක
    7500 + ක් ගෙවන්න උනා මට අන්තිමට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    nadr-dance.gif
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Yako ehema adu kala kiyala kiyanne unta ganak ganna 😂 issara dawasaka maget eka parak awith gihin ohoma kiwwa. Unge ekekwa ewnnam kiwwa pahalata 😅
     
    • Wow
    Reactions: Heshan Daminda

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කොටුවෙ පැත්තෙ කඩවල් අස්සෙ රවුමක් එහෙම ගහල එපැයි ආයෙ ගෙදර යන්න.. කොහොමහරි වැඩේ කරගත්තනෙ. එල (y)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    එල එල. ♥️

    අපේ ගෙට අල්ලපු ගෙදර එකාට කවුරු හරි කියල උගේ සින්දු ලස්සනයි කියලා මළ වදයක් වෙලා දැන් ස්පීකරයක් අරගෙන වෙලාවක් අවෙලාවක් නෑ කතා කියනවා වගේ සින්දු කියනවා. ඔයත් ඒ වගේ නන් වෙන්න එපා හරිත. 😐
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    කොටුවෙ පැත්තෙ කඩවල් අස්සෙ රවුමක් එහෙම ගහල එපැයි ආයෙ ගෙදර යන්න.. කොහොමහරි වැඩේ කරගත්තනෙ. එල (y)
    අපෝ ගිනි අව්වෙ රව්ම් ගහන්න බෑ. කොටුවෙ හම්බ කඩේකින් රෝල්ස් එකයි පැටිසයි කාලා කල් කිරි එකක් බීලා බසයේ නැග්ගා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    එහෙම එකක් මට නම් කිව්වෙ නෑ. 🙄
    Un ethana jarawa ganna hadila innne ban. Magenut hodata kuttiyak ganna haduwe unge ekekwa pahalatat ewwa. Magen ganak ganna mn 500 k dunna mokada ea badu tikata tax eka gahuwa nam 50000 ta wadiyen gahanwa. Man talk karala satha pahak wath tax gahuwe naha. Ea nisada koheda ekekwa ewwe pahalata.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අපෝ ගිනි අව්වෙ රව්ම් ගහන්න බෑ. කොටුවෙ හම්බ කඩේකින් රෝල්ස් එකයි පැටිසයි කාලා කල් කිරි එකක් බීලා බසයේ නැග්ගා.

    හයියෝ දැන් ඉතින් කුට්ටම හැලෙයි බස් එකෙන් බහින්නත් කලින් 🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ලින්ක් එක දාපම් බලන්න
    I just found this on AliExpress:
    LKR36,468.65 | Anker Soundcore Motion+ Bluetooth Speaker with Hi-Res 30W Audio Bluetooth Speakers Portable Speaker Sound Box
    https://a.aliexpress.com/_oEsXMud

    machan choice item ekak nemenda demme? SL post da awe corrier da?
    na ban choice nemei. SL postwath courier wath nemei kelinma nawaththagannawa api enakan.
    ------ Post added on Dec 2, 2024 at 11:51 AM