මම දන්නවා මදි කියලා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මම දන්නවා මදි කියලා

අද මගේ හොඳම යාළුවෙක්ගේ උපන් දිනය නිමිත්තෙන් එයාව පුදුම කරවන්න එයාගේ පෙම්වතිය මට කතා කරලා,මගෙන් එයා ගැන කවියක් ඉල්ලා සිටියා.

මම දන්නවා මදි කියලා බිමන්

පුංචි අපි දෙන්නාම කොරිඩෝවෙ පාන්දර
ගණන් මැද සෙවුවේ ජීවිතේ සුන්දර
ඉවර වී ඉස්කෝලෙ තදියමින් විකාරව
ක්ලාස් ගන්නට හෙව්වෙ අළු පාට ජීප් දුර

ගණන් හීනෙත් මගේ විසි වුණත් වී අළු
දිනෙන් දින හිනැහුණෙත් මිතුදමේ නා දළු
ගොහින් නුඹ දැල්වුවත් සරසවියෙ පහන් සිළු
මජන් ජීවිතේ කෝ ලැබුවාද කියන් රළු

දහයේදී මුල් දැරූ මිතුදමෙන් මායා
මතකයිද නැටු පිස්සු පන්තියේ ඊනියා
බීඩියා උඹ වුවත් සර්ගෙ වී ගෝලයා
දැන් මමත් ඉන්නේ පසුපෙළේ මීඩියා

රෑ දවල් නිරතුරුව සොයන්නට බැරි කලෙක
හැකි විටම ඇමැතුවත් පටලවා උගුලක
මට නිතර නුඹ ගැනම මතක්වෙන බව සැණෙක
කියන්නේ කොහොමදැයි ගිනියමින් තැවුලක

දුරස් වී නැති මෙමා තනිකමට හුරු විය
හැඬු කඳුලින් ගෙවූ කාලයක් නිම විය
ඒත් මම ඒ කිසිත් නොකියාම සැඟවීය
නුඹේ තුට තෙත් කරන්නට එදා නොහැකි විය

හිස් අතින් සරසවියෙ වරම් නුඹ ලැබූවත්
සවියටම ළඟටම දැන් ඇවිත් දිගු දෑත්
අප පතාලා ගියත් දිවියකට ධනවත්
සතුටටම කඳුලක් උනනු ඇත හෙටටත්

පදනමට සරු පසක් හෙට නුඹට ලැබේවා !
ගැරහුමට පිපෙනා අතු රිකිළි සිඳේවා!
පැතුම් පොදි ඉතිලනා සිනා බෝ වේවා!
පායනා හැම දිනම සුබ දිනක් වේවා!


කවියකින් නිමා කළ නොහැකි, ලියන්නට වචන මට අඩුව ඇති,

සුබ උපන් දිනයක් වේවා බිමන්!

 
Last edited:
  • Like
Reactions: Sry.com