මම පොදු ජනතාව නම් වෙමි......

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
මම පොදු ජනතාව නම් වෙමි......

මම පොදු ජනතාව නම් වෙමි......

වැලිවේරියේ අකිල මිය ගොස් ඇත. නමුත් මම ජීවත් වෙමි. මම ඉන්නා නිවසට සහ ප්‍රදේශයට යහමින් වතුර එයි. ඉතින් අකිල මිය යාම හෝ අකිල මිය යාමට වූ හේතූවෙන් මට ඇති වැඩක් ඇත. මගේ නිවසට වතුරත් එයි නම් මමත් ජීවත් වෙනවා නම් මගේ යහළු මිත්‍රයන් සහ නෑදෑයන් ජීවත් වෙනවා නම් මට සිදූ වූ දෙයින් කිසිදු වෙනසක් සිදූ වී නොමැත. අන්තර්ජාලයේ දකින් පොස්ට් කියවා 'අනේ පව්' කියනව හැර මම වෙන කිසිත් නොකරමි. කරන්න අවශ්‍යතාවයක් ද නැත.

නමුත් යම් කිසි ලෙසකින් එදා වැලිවේරියට ආසන්න ස්ථානයක මා ගමනේ යෙදුනේ නම් එදින ඇතිවූ වාහන තදබදය නිසා උද්ඝෝශණය කල උන්ගේ දෙමව්පියන් මතක් කිරීමට නම් මම නොපැලිකෙමි. "උන්ට වතුර නැති එකට මම පලි ද?" පොදු ජනතාව වන මගේ ස්වාභාවය එයයි...

පොදු ජනතාව වන මාගේ ස්වාභවය උපතින්ම බියසුලුය. ආත්මාර්ථකාමීය. අනුන්ගේ මෙව්වා වලට හොට දමා මම මෙව්වා වෙන්න මම කැමති නැත.

හිරුණිකාගේ පියා ඝාතනය විය. ඇය හඩා වැලපුනි. තම පියාට සිදුවූ අසාධාරණයට එරෙහිව පොදු ජනතාව එක්වන්න යැයි හඩ නැගීය. තමන්ගේ පියාට මෙහෙම උනා නම් යැයි කියා සිතා ජනතාවට එක් රොක් වෙන මෙන් ඉල්ලීය. නමුත් මගේ පියාට එහෙම උනේ නැත. ඒක නිසා පොදු ජනතාව වන මම ඊට සහභාගි නොවීමි. අද වෙන පියෙකුගේ දරුවෙකු නැති වී ඇත. නමුත් පොදු ජනතාව වන මමත් එහි නැත. පොදු ජනතාව වන හිරුණිකත් එහි නැත.

ඇය ඉන්නේ වැඩිපුරට විපක්ෂයට බරව නම් අද ඇය මාධ්‍ය තාරකාවකි. බැලූ බැලූ තැන ඇගේ රණ හඩ ඇසෙනු ඇත. නමුත් අද ඇයත් පොදු ජනතාවෙන් එකෙක් නිසා හඩ බොල්ය.

වරද කල උන්ගේ පාර්ශවයට මුසල්මානුවන්ගේ දායකත්වයක් නැත. වරදක් වූ පාර්ශවයේ කිසිදු හරකෙක්ට කිසිදු දෙයක් වී නොමැත. ඉතින් ලංකාවේ බොදු සිංහල ජනතාවගෙත් හඬ බොල් ය...මාකට් කරන්න බැරි දේවල් වලට හොට දමා මෙව්වා වෙන්න බොදු පොදු ජනතාව වන මට ඇම්මක් නැත.

යම් හෙයකින් ජනරාල් ඉන්නේ ආණ්ඩුවෙ නම් ඔහුගේත් හඩ බොල් වනු ඇත. එම බොල් කමේ Preview එක අපිට දායාසිරිගෙන් දක්නට ලැබේ.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙක මාරු උනේ නම් ඒත් සිදු වන්නේ මේ දේමය. Preview අවශ්‍ය නැත. ප්‍රේමදාස යුගය ඊට Example ය.

අකිලගේ මවට අකිල නැති විය. ආණ්ඩුවට එක කරදරයක් නැති විය. විපක්ෂයට දළ ඇතකු මිය ගොස් ඇත. (ඇත් දළ තවම ඇත ) පොදු ජනතාව වන මට මුකුත් වී නොමැත.

පොදු ජනතාව වන මම ස්වභාවෙයෙන්ම ආරක්ෂිතය. අනුන්ගේ මෙව්වා වලට හොට නොදැනීම, මගේ මෙව්වා එකක් උනත් වෙන එකෙක් හොට දාලා ඒක ගොඩ දාන තෙක් බලන් ඉදීම වැනි විශිෂ්ඨ ගුණාංග ඇති හෙයින් මට හානියක් වෙනවා බොරුය.

නමුත් වෙන දේවල් හැටියට පාරේ අහක යන ගමන් වෙඩි කනවා වගේ දෙයක් මට වෙන්ට පුලුවන. එදාට මට කියන්ට එක දෙයක් ඇත. ඒ හිටපු අග විනිසුරුවරිය වන ශිරානි කියපු දේමය. 'මම හැමදාම හැම දෙයක්ම කලේ පොදු ජනතාව වෙනුවෙන්. මගේ ජීවිතයේ මං ජනතාවට කැප කලා... දැන් ඔයාලා තමයි මාව ආරක්ෂා කරන්න ඕනේ. අනේ මාව බලාගන්න, මාව බේරාගන්න'....
 
  • Like
Reactions: Dulanzz and malkavi

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මේවගේ වැරද්ද රටේ ජනතාව අතේම තමයි.මිනි කන්දක් පෙන්නපු ගමන් බලු ‍රැලක් වගේ දුවලා ගිහින් තුනෙන් දෙකක් වෙන්නම චන්දේ දෙනවා.දෙනකොට පාර්ලිමේන්තුව පලාත් සභාව ඔක්කොම එකම එකාට දෙනවා.අන්තිමට මුග්ධ පාලකයෙක් හැම අතින්ම බලවත් කරනවා.උන් එකතු වෙලා අවනිතිය සහ දුෂ්ඨකම රජ කරවනවා.මේකට විසදුම හැම විටම විපක්ෂයට චන්දේ දෙන්න.ජනාධිපතිකම එකෙකුට දුන්නම පාර්ලිමේන්තුව විපක්ෂයට දෙන්න.පලාත් සභා ආන්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදිලා යන්න චන්දේ දෙන්න.දකුන එක පක්ෂෙට දෙනකොට බස්නාහිර අනිත් අයට දෙන්න.මේ වගේම හැම විටම ස්වාධීන කොමිසම් වෙනුවෙන් සටන් කරන්න.මිනිමරන වැරදි කරන දේශපාලුවන් සිරගත කරන්න සටන් කරන්න.එය කරවන්න බල කරන්න.
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    පොදු ජනතාව බුද්ධිමත්ය.

    මාවත් බේරා ගැනීම මේ බුද්ධිමත් පොදු ජනතාවම බාරයි !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේවගේ වැරද්ද රටේ ජනතාව අතේම තමයි.මිනි කන්දක් පෙන්නපු ගමන් බලු ‍රැලක් වගේ දුවලා ගිහින් තුනෙන් දෙකක් වෙන්නම චන්දේ දෙනවා.දෙනකොට පාර්ලිමේන්තුව පලාත් සභාව ඔක්කොම එකම එකාට දෙනවා.අන්තිමට මුග්ධ පාලකයෙක් හැම අතින්ම බලවත් කරනවා.උන් එකතු වෙලා අවනිතිය සහ දුෂ්ඨකම රජ කරවනවා.මේකට විසදුම හැම විටම විපක්ෂයට චන්දේ දෙන්න.ජනාධිපතිකම එකෙකුට දුන්නම පාර්ලිමේන්තුව විපක්ෂයට දෙන්න.පලාත් සභා ආන්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදිලා යන්න චන්දේ දෙන්න.දකුන එක පක්ෂෙට දෙනකොට බස්නාහිර අනිත් අයට දෙන්න.මේ වගේම හැම විටම ස්වාධීන කොමිසම් වෙනුවෙන් සටන් කරන්න.මිනිමරන වැරදි කරන දේශපාලුවන් සිරගත කරන්න සටන් කරන්න.එය කරවන්න බල කරන්න.

    ඔබගේ වෙනත් අදහස් කෙසේ වෙතත් මේ අදහස නම් ඉතා වටිනවා

    මෙහෙම වෙන්නේ නැත්තේ දේශපාලකයෝ කියනවා වගේ "පොදු ජනතාව බුද්ධිමත්" නිසාද ?
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මේ වගේම හැම විටම ස්වාධීන කොමිසම් වෙනුවෙන් සටන් කරන්න.මිනිමරන වැරදි කරන දේශපාලුවන් සිරගත කරන්න සටන් කරන්න.එය කරවන්න බල කරන්න.
    ඡන්දෙ බෙදලා දෙන එක නම් ඕ.කේ. ඒත් සටන් කරන්න බයයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේවගේ වැරද්ද රටේ ජනතාව අතේම තමයි.මිනි කන්දක් පෙන්නපු ගමන් බලු ‍රැලක් වගේ දුවලා ගිහින් තුනෙන් දෙකක් වෙන්නම චන්දේ දෙනවා.දෙනකොට පාර්ලිමේන්තුව පලාත් සභාව ඔක්කොම එකම එකාට දෙනවා.අන්තිමට මුග්ධ පාලකයෙක් හැම අතින්ම බලවත් කරනවා.උන් එකතු වෙලා අවනිතිය සහ දුෂ්ඨකම රජ කරවනවා.මේකට විසදුම හැම විටම විපක්ෂයට චන්දේ දෙන්න.ජනාධිපතිකම එකෙකුට දුන්නම පාර්ලිමේන්තුව විපක්ෂයට දෙන්න.පලාත් සභා ආන්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදිලා යන්න චන්දේ දෙන්න.දකුන එක පක්ෂෙට දෙනකොට බස්නාහිර අනිත් අයට දෙන්න.මේ වගේම හැම විටම ස්වාධීන කොමිසම් වෙනුවෙන් සටන් කරන්න.මිනිමරන වැරදි කරන දේශපාලුවන් සිරගත කරන්න සටන් කරන්න.එය කරවන්න බල කරන්න.

    ethakota yudde iwara karanna thirane ganna issella thibba chandedi minissunta chande denna thibbe UNP ekata???